දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාර

මාර්තු 4, 2022

නිහඬව ජීවිතය අපෙන් සොරා ගන්නා රෝග අතර දියවැඩියාව සිටින්නේ ඉදිරියෙනි. නමුත් එය පාලනය කරගත හැකිය. නමුත් එය මුලින්ම හඳුනාගෙන ඊට සරිලන ප්‍රතිකාර වලට යොමුවීම තුළින් පාලනය කරගත හැකිය.

ඒ අනූව ප්‍රතිකාර විධි අතරට දියවැඩියා රෝගියකු භුක්ති විඳීන ආහාරපානවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. දියවැඩියාව රෝගීන්ට එදිනෙදා භාවිතයට සුදුසු ආහාර කීපයක් මෙලෙස දක්වමු.

තෙබු කොළ

පළා වර්ග අතරින් දියවැඩියා රෝගියකුට ඉතාම සුදුසු පළා වර්ගයකි ඉතාම සුදුසු ආහාරයක් වේ. අමු සම්බෝලයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය පාලනය වේ. මෙහි පවතින කෙඳී ගතිය නිසා හොඳීන් මළ පිටවීම සිදුවේ. තෙබු කොළවල පවතින විටමින් වර්ග සහ ක්ෂුද්‍ර පෝෂක (ඛනිජලවණ) නිසා දියවැඩියා රෝගීන්ගේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගත හැක.ඇඹුල් තෙබු කොළ වඩාත් සුදුසුය.

අලිගැටපේර

ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත අලිගැටපේර දියවැඩියාවට ඉතාම ගුණදායක වේ. තන්තු බහුල නිසා ආහාර හොඳීන් ජීර්ණය කරයි. මළ බුරුලට යන බැවින් සිරුරේ විස කොටස් ඉවත් කෙරෙනු ලබයි. දියවැඩියාවට ගුණ දෙන හොඳම පලතුරකි. රුධිරයේ පවතින සීනි මට්ටම අවම කරයි. දියවැඩියාව නිසා ඇස් වලට ඇතිවන සංකූලතා මග හරවයි.

පැණි කොමඩු

පිපාසය සංසිඳුවන පැණි කොමඩු දිනපතා කෑවත් අගුණ නොවේ.වරකට කුඩා තීරුවක් සෑහේ දියවැඩියා රෝගීන්ගේ සමේ වියළි ස්වාභාවය වගේම වියැලුණු සිරුර ප්‍රාණවත් කරයි. දියවැඩියා රෝගීන්ගේ ඇස් පෙනීම වැඩි කරයි. දියවැඩියා රෝගීන්ගේ විජලනය වීම වළකයි.

කෙසෙල්මුහ

මෙහි පවතින කහට රසය සහ තිත්ත රසය නිසා රුධිරයේ සීනි පහසුවෙන් පාලනය වේ. කෙඳී ගතිය වැඩි නිසා ආහාර පහසුවෙන් දිරවා මළ හොඳීන් බැහැර කර සිරුරේ විස කොටස් ඉවත්වීම සිදුවේ.

කරවිල

කරවිලවල පවතින තිත්ත රසය නිසා රුධිරයේ සීනි මට්ටම පහත හෙලීමට කරවිල උදව් වේ. කරවිල අමුවෙන් සලාදයක් ලෙස ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කරයි.

රතුළූනු

ආහාර රස කර ගැනීමට මෙන්ම රතුළූනු දියවැඩියාව පාලනය කිරීමට මනා දායකත්වයක් ලබාදෙයි. දියවැඩියා රෝගීන් ආහාරයට ගත යුත්තේ ලොකුළූනු නොව රතුළූනු ය. සෙම අඩු කරන ගුණය පවතින බැවින් ළමා දියවැඩියා රෝගීන්ට ද ඉතා ගුණදායක වේ. එසේම, රතුළූනු මඟින් ආහාර ජීර්ණය වන ආමාශයික යුෂ නිපදවන බැවින් ජීර්ණ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. පොළොස්

ව්‍යංජනයක් ලෙස මෙන්ම මැල්ලුමක් ලෙසද ආහාරයට සකසා ගත හැකියි. ආහාර රුචිය වැඩි කරයි. මළබද්ධය දුරු කරයි. බඩගින්න වඩවයි ආහාර හොඳීන් දිරවන බැවින් විස කොටස් ද සිරුරෙන් බැහැර වේ. ඒ නිසා දියවැඩියා රෝගීන්ට ඉතාම සුදුසු ව්‍යංජනයකි.

තිබ්බටු

තිබ්බටු මැල්ලුම, කෑම වේල රසවත් කරන අතරම දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායක වේ. මෙහි සෙම්ගතිය අඩු කරන ගුණය ද ඇත. තිබ්බටුවල පවතින කහට රසය හා තිත්ත රසය මගින් ලේ වල සීනි මනාලෙස පාලනය කරයි. තිබ්බටු නිතර ආහාරයට ගැනීම සුදුසුය.

ඇඹරල්ලා

දියවැඩියාවට ගුණදෙන ඇඹරල්ලා රසවත් පළතුරකි. අමුවෙන් ගෙන ව්‍යංජනයක් ලෙස සකසා ගත් විට ඉතා ප්‍රණීත ආහාරයකි. ආහාර හොඳීන් ජීර්ණය කරන අතර ආහාර රුචිය වඩයි. මෙහි පවතින තන්තු නිසා මළ පිටවීම පහසු කරයි.දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව කිරීමටත් රුධිර ගමනාගමනය කුමවත්ව තබා ගැනීමටත් උදව් කරයි.

දඹල

ප්‍රෝටීන බහුල ආහාරයක් වන දඹල දියවැඩියා රෝගීන්ට අවශ්‍ය පෝටීන් ප්‍රමාණය ලබා දේ. දඹල ව්‍යංජනය, මැල්ලුම, සම්බෝලය ලෙස සකසා ආහාරයට ගත හැකියි. සියලුම වයස් කාණ්ඩවලට දඹල ඉතාම ගුණදායක වේ. සිරුරේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කර දෙයි. රුධිරය වඩන අතර රුධිරයේ පවතින සීනි මට්ටම අවම කරයි.

නෙළුම් අල

නෙළුම් අලවල සීත ගුණය බහුලය. ආහාර වේල ඉතාම රසවත් කරන නෙළුම් අල ව්‍යංජනය ආහාර හොඳීන් ජීර්ණය කරයි. සිරුරේ පවතින විෂ කොටස් දුරු කිරීමේ හැකියාවෙන් යුතුය. රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. නෙළුම් අල ව්‍යංජනයක් ලෙස සැකසීමට පෙර හොඳීන් තම්බා ගැනීම වඩාත් සුදුසුයි. පිත් නසන ගුණය ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.