වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
හන්දි රෝග හෙවත් සන්ධිගත වාතය
මෙම රෝග තත්ත්වය සම්බන්ධව මුලින්ම ආයුර්වේදයේ කරුණු ලෙස පැහැදිලිව දක්වා ඇත්තේ චරක සංහිතාවේ චරක ආචාර්යතුමා විසින්මය. එම හැදින්වීමේදී මෙය සන්ධිගත අනිල නමින් හඳුන්වා දී ඇත.
එසේම ,
වාත පුර්ණ දෘතිස් පර්ශං
ශෝථං සන්ධිගතේ නිලේ
ප්‍රසාරණතුංචනයෝං
ප්‍රවෘත්තිශ් ච සංවේදනා
කිපුණු වාතය සන්ධිගත වූ කල්හි එම සන්ධිස්ථාන සුළං පිරවූ සම්පසුම්බයක් මෙන් ඉදිමෙන බවත් ඒවා නැමීමේ හා දිගහැරීමේදී වේදනාව ඇතිවන බවටත්ය.
සුශුැත ආචාර්යවරයා විසින් ද මෙසේ දක්වා ඇත්තේය.
හන්ති සන්ධි ගතා සන්ධින්
ශූල ශොථො කරෝචිත
ඉහත රෝග ලක්ෂණම මෙතුමා නව එකතුවක් කළේ හන්ති සන්ධි යන ලෙසටය. එය අක්‍රියතාවය ලෙසට දක්වා ඇත.
හංසරාජ නිද්‍රානයෙහි මෙන් පහත ලෙස දක්වා ඇත. සන්ධිගත වාතයේදී සන්ධිය අවට ඇති පටක කෘෂ වී සිහින් වී සන්ධි කර්ෂණය ද විටෙක අස්ථිය මහත් වීමෙන් අස්ථි වර්ධනය ද විය හැකි බවටත්ය.
සන්ධිස්ථං පවනං තූර්යාම්
ශෝඨං ශූලංච ද්‍රාරදරනාම්
සන්ධින් විස්ටෙන්ටයේත් සද්‍යාං
ස ච කර්ෂති වර්ධයේත්
මෙම තත්ත්වය සඳහා ආචාර්යවරු බොහෝ පර්යාය දක්වා ඇත්තේ ද රෝග ලක්ෂණයන්ගෙන් හා රෝග තත්ත්වයන් ගැන මනා විමසා බැලීමක් වීම විශේෂයකි. එසේම ඒ සියල්ලම රෝගයෙහිලා ප්‍රකට සාධකයක් වේ.
ප්‍රභේද
1.ධාතු ක්ෂාය සන්ධිගත වාතය
(ධාතුන් ක්ෂයවීම හේතුවෙන් සන්ධිගත වාතය හටගත හැකිය. )
2.අවරෝධ ජන්‍ය සන්ධිගත වාතය
(කථ, මේද හා ආම දෝෂයන් නිසා මෙම තත්ත්වය හටගනී. )
3.අනිසාතජ සන්ධිගත වාතය
(වැටීම්, තැළීම් ආදි අනතුරු ආදි බාහිර හේතු නිසා වන තත්ත්වයකි. )
රෝග හේතු
1. ආහාරජ නිද්‍රාන
රළු සිසිල්, බර ආහාර ගැනීම, ආහාර මද වශයෙන් ගැනීම, නිරාහාරව සිටීම, කෑ විගස නැවත ආහාර ගැනීම, විරුද්ධ ආහාරපාන ගැනීම
2. විහරජ හේතු
වැරදි ඉරියව්, අධිකව පයින් ගමන් යාම, අත්මෙවුන්දම් සේවනය, අධික ව්‍යායාමය, අධිකව අව් හා සුළං වැදීම, අධිකව වෙහෙස, නිදිවැරීම, දහවල් නිදීම, මර්මස්ථාන පීඩාවීම, වැටීම් හා
තැළීම් නිසාද.
3. මානසජ හේතු
බය, ශෝක, ක්‍රෝධ , ඊර්ෂ්‍යාව, චින්තා , චිත්තවේග
4. කාලජ හේතු
වලාකුළු සහිත කාලය, දවසෙහි අවසන් භාගය, රාති‍්‍රයේ අවසන් භාගය, ශීත කාලය, වර්ෂාකාලය
5. දේශජ හේතු
උෂ්ණ දේශගුණය හා ශීත දේශගුණය
6. අන්‍ය හේතු
රක්තක්ෂාය, ධාතුක්ෂාය, විෂම අපචාර දෝෂ ක්ෂාය ආම දෝෂ
රෝග ලක්ෂණ
සන්ධිශූල
ශූල්‍ය හෙවත් වේදනාව සන්ධියේ ආකුංචන හා ප්‍රසාරණ කි‍්‍රයාවේදී වේදනාව පැනනැඟේ. වාත කෝප තත්ත්වයක් ඇතිවේ.
සන්ධිසෝථ
මෙය ඉදුමුම් තත්ත්වය, . වාතය එකතුවීම කොට ස්‍රානස් අවරෝධවීමේ ප්‍රතිඵලයක් ලෙස වනුයේ සෝථයයි.
සන්ධිහන්ති
හැකිළීමේ හා දිග හැරීමේ ඇති නොහැකියාව වේ. එය රෝගය ඇති වී හන්දි ක්‍රමයෙන් වර්ධනය වීම විශේෂයකි.
රෝග සම්ප්‍රාප්තිය
වාතකෝප නිද්‍රාන තත්ත්වයන් හේතුකොට ගෙන ද වාතය දූෂණය වීමත්, මේද , අස්ථි මජවාගත දූෂණයත් , වයස්ගත වීමත්
සන්ධිගත වාතයේ සම්ප්‍රාප්තිය
1. නිද්‍රානය - වාතකෝප නිද්‍රාන
2. දෝෂ - වාතය
3. දුෂ්‍ය - මේදය අස්ථි වජ්ජා
4. ස්‍රෝතය - අස්ථිවහ, මජ්වාවහ
5. ස්‍රෝතය දුෂ්ටි
6. අස්තිය
7. දෝෂ මාර්ග
8. උද්‍යාවස්ථාන
9. රෝග මාර්ග
10. අධිෂ්ඨාන
බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙම සන්ධි ප්‍රදාහයන් වර්ග රාශියකි. ඒවා ඇතිවෙන හේතු මත මෙසේ නම් කොට ඇත.
ඔස්ටියෝ ආතරයිටීස්
මෙය බහුලව දක්නට ලැබෙන අස්ථි ප්‍රදාහයකි. මෙමඟින් සන්ධියකට අයත් අස්ථි දෙකෙහි අග්‍රවල ආවරණය වන කාටිලේජ සහ එම අස්ථි යන දෙපාර්ශවයටම බලපායි.
රූමටොයිඩ් ආතරයිටීස්
මෙම රෝගය සිරුරේ ප්‍රතිශක්තිය ඇතිකරන සෛලවල අක්‍රමිකතාවක් මගින් ඇති වේ.
ජුවනයිල් ඉඩියෝපැතික් ආතරයිටීස්
මෙය ළමා කාලයේදී ඇතිවන සන්ධි රෝගවලින් හේතු රහිතව ඇතිවන සන්ධි ප්‍රදාහයකි.
ෆයිබ්‍රෝ මයැල්ජියා
මෙම රෝගය දිගුකල් තිස්සේ ව්‍යාප්ත වන රෝගයකි.
සිස්ටමික් ලූපස් එරිතිමටෝසස්
සිරුරේ ඇති ප්‍රතිශක්තිය ඇතිකරන කි‍්‍රයාවලියට අදාළ සෛල මඟින් සිරුරේම ඇති සමහර පටක විනාශ කර දැමීම නිසා මෙම රෝගය ඇතිවේ.
ස්ක්ලෙරඩෝමා
මෙම රෝගයේ නමින් කියවෙන අරුත තද සම යන්නයි. මෙමඟින් සම, රුධිර වාහිනී සහ සන්ධි වලට බලපෑම් ඇති වේ. ස්පොන්ඩයිලෝ ආක්‍රෝපතීස්
මෙම වර්ගයේ ප්‍රදාහාත්මික සන්ධි ප්‍රදාහ ප්‍රධාන වශයෙන් බලපාන්නේ පිටකොන්දටයි.
පොතු කබර රෝගය ආශි‍්‍රත සන්ධි ප්‍රදාහය ( ප්සොරායටික් ආතරයිටීස්)
මෙය සමේ පොතු ගැලවෙන සුළු පොතු කබර රෝගය ආශි‍්‍රතව ඇතිවන සන්ධි ප්‍රදාහයකි.
ආසාදිත සන්ධි ප්‍රදාහය
මින් සිදුවන්නේ සන්ධි තුළට බැක්ටීරියා හෝ වයිරස් ඇතුළුවීමෙන් ආසාදන ඇතිවී එමඟින් ඇතිකරන සන්ධි ප්‍රදාහයන්ය.
ගවුට් රෝගය
සිරුරේ ඇතිවන යූරික් ඇසිඩ් නැමති බහිස්‍රාවී ඵලයේ ඉදිකටු හැඩති ස්ඵටික සන්ධි තුළ තැන්පත්වීම නිසා මෙම රෝගය ඇති වේ.
පොලිමයැල්ජියා රූමටිකා
මෙම රෝගයෙන් සන්ධි අවට ඇති බන්ධනී, කණ්ඩාරා, මාංශ පේශින් හා අනිකුත් පටකවලට බලපායි.
පොලිමයේ සයිටීස්
මෙහිදී මාංශපේශි බෙලහීන කරවයි. මෙය මුළු සිරුර පුරාම පැතිරිය හැකි අතර කි‍්‍රයාකාරකම් අඩපණ කරයි.
බර්සයිටීස
සන්ධි තුළ ඇති අස්ථි අතර සහ අනිකුත් චලනය වන ව්‍යුහ අතර පවතින ඝර්ෂණ අඩුකිරීමට ඉවහල් වන කුඩා තරලයකින් පිරුණු මලු ඇත. මෙම රෝගයේදී එම තරල පිරි ප්‍රදේශවල ප්‍රදාහය ඇති වේ.
ටෙන්ඩිනයිටීස් (කණ්ඩරා ආශි‍්‍රත ප්‍රදාහය )
අස්ථිවලට මාංශ පේශි සම්බන්ධ වන්නේ කණ්ඩරා නැමති ඝනකම් පටකයකිනි. ඒවායේ ඇතිවන ප්‍රදාහය ටෙන්ඩිනයිටිස් වේ.
වෛද්‍ය
නිරූපා සංජීවනී රත්නායක
ඩී.එස්.ඒ.සී.(ලංකා)