වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඡ්‍යොතිෂයේ සෙන්පතියා
ඕනෑම ග්රහයෙකුට දිශාවක්, යානයක්, ස්ථානයක්, වර්ණයක් අයිති වනවා. ඒක ඍෂි මතය. අඟහරුවාගේ දිශාව යාම, වාහනය මොනරා, ලේ රතු වර්ණයෙන් යුත් අඟහරුවාගේ බල දිශාව දකුණ, ඔය මැතිරීම් වලදී දීර්ඝ ලෙස දිෂ්ඨි කරන කොට අඟහරුවගේ අවතාරය වශයෙන් පෙනෙන්නෙ මිනිස් රූපයක්.
අපි වටා වේගයෙන් භ්රමනය වන සෞර ග්‍රහ මඬුල්ලේ එක එක චරිත වෙනුවෙන් කිසියම් ග්‍රහයෙක්, එහෙමත් නැත්නම් ග්‍රහ කිරණයක් පෙනී සිටිනවා. සාමාන්‍යයෙන් අපට වටහා ගන්න හැකි වනසේ රජ පවුල ඉදිරිපත් කරනවා. එහි ප්‍රධානියා නැත්නම් රජ්ජුරුවෝ රවි නැත්නම් සූර්යයා.
බිසව සඳු නැත්නම් චන්ද්‍රයා. සෙන්පතියා අඟහරුවා. එයාගේ කිරණ රතු පාටින් පෙන්නුම් කරනවා. එහි ජනයා වාසය කරන බවත් ඒ අය කුරු ජාතිකයෝ හෙවත් කුරුමිට්ටෝ නමින් හඳුන්වන බවත් නාසා ආයතනය හැඳින්වීමක් කරනවා. අඟහරු ලෝකයට ගිය අයත් ඉන්නවා. මේ අඟහරුවා අපේ සෞඛ්‍යයට බලපාන අයුරු හා අපේ කේන්දරයට බලපෑම් කරන අයුරු දැනගෙන හිටියොත් වඩා යහපත් ශරීර සෞඛ්‍යයෙන් ඉන්නට පුළුවන් වේවි. හැම ග්‍රහයෙක්ම වරෙක යහපත් වන අතර, වරෙක ඉතා අයහපත් වන බව දන්නවා. මේ අඟහරුවා ගැන බොහෝ එතරම් කරුණු කාරණා නියමාකාරයට දන්නෙ නැහැ. සෙනසුරා කිව්වාම ඉක්මනට මතකයට එන්නේ ඒරාෂ්ඨක. අඟහරුවා කිව්වම මතකයට එන්නෙ 7 වැනි හා 8 වැනි රාශිවල පිහිටීම. සෙනසුරාත්, අඟහරුවත් පාපි ග්‍රහයෝ කිව්වට මේ දෙන්නම එක හා සමානව හතුරු කරදර කරනවා. මේ අඟහරුව ගැන ටිකක් එහාට කරුණු දැනගත්තොත් හොඳයි.
ඕනෑම ග්රහයෙකුට දිශාවක්, යානයක්, ස්ථානයක්, වර්ණයක් අයිති වනවා. ඒක ඍෂි මතය. අඟහරුවාගේ දිශාව යාම, වාහනය මොනරා, ලේ රතු වර්ණයෙන් යුත් අඟහරුවාගේ බල දිශාව දකුණ, ඔය මැතිරීම් වලදී දීර්ඝ ලෙස දිෂ්ඨි කරන කොට අඟහරුවගේ අවතාරය වශයෙන් පෙනෙන්නෙ මිනිස් රූපයක්. ඒ කුජ අවතාරය. එතකොට ගුප්තවේදියා දන්නවා දිෂ්ඨිය සම්පූර්ණයි. දැන් ජප මන්ත්‍රයට යා යුතු බව. වාහනය මොනරා කිව්වනේ, එහෙනම් පැහැදිලියි නේද. අඟහරුවට අයිති රාශි දෙක වන මේෂ හා වෘශ්චික ලග්න හිමියන් ටිකක් ආඩම්බරකාරයෝ බව. තවත් එකක් කියන්නද? අඟහරුවා රති කෙළියට , කාමයට බරයි. අපේ කේන්දරයේ ලග්නයට විවාහක ස්ථානයට එහෙම ගෝචර වුණොත් ටිකක් කල්පනාකාරි වන්න ඕනෑ. 7ට 8ට නරක විදියට පිහිටියොත් විවාහය ගැන කල්පනාකාරි වන්න ඕනෑ. නිවැරදි ගැලපීමක් නොතිබුණොත් වැඩිකලක්, දෙදෙනා එක ගෙදර බත් කන්නෙ නැහැ. විවාහය කිව්වේ ජීවිතයේ එක් ප්‍රධාන සන්ධිස්ථානයක්. ජීවිතයක් සාර්ථක හෝ අසාර්ථක වන්නේ ඔතනින්. කසාද බැඳලා මාස 12ක් වත් පිරෙන්න කලින් විවාහය අවලංගු කරගන්න උසාවි එන්නෙ මේ අඟහරුවගේ පිහිටීම හින්දා. ඒ වගේම අඩු වයසින් විවාහය කරල දෙන්නෙත් මෙයාමයි. අඟහරුවාගේ හැටි ටිකක් වැටහුණා නේද? සූර්යයාට කිට්ටු ග්‍රහයා බුධ වුණාට පෘථිවියට ඉතා කිට්ටු අඟහරුවා. දැන් තේරෙනවද බුධට වඩා ඉක්මනින් ප්‍රතිඵල දෙන්නෙ අඟහරුව කියා. මේ අඟහරුට එක එක නම් දෙනවා. සෙන්පතියා කියනවා. භූමිපුත්‍ර කියනවා. රෝමන්වරු යුද දෙවියා කියනවා. මේ හැම නමකම අර්ථයක් තිබෙනවා. මෙයා 11 වැනි රාශියට යහපත්ව ගියොත් ඔබ ගොඩ. ඉඩම් කඩම් ලොතරැයි වාසනා පවා ලබා දෙනවා. ඒ ගැන පසුව ලියන්නම්. ඕනෑම කේන්දරයක අඟහරුවා බලවත් නම් හෙතෙම කඩිසර කෙනෙක් කරනවා.
අනිත් පැත්තත් එහෙමයි. ඒ වෙලාවට කම්මැලිකමට බැන බැන ඉන්නෙ නැතුව ලේ පරික්ෂාවක් කරගෙන ඊට ඖෂධ අරගෙන ලේ ප්‍රාණවත් කරන්න අවශ්‍ය ආහාර ගන්න ඕනෑ. ඕනෑම ග්‍රහ කිරණයකට මනුෂ්‍ය ශරීරය ප්‍රාණවත් හෝ අප්රාණවත් කරන්න හැකියාව තිබෙනවා. ඒ බව වෛද්‍ය විද්‍යාවට කලින් ඡ්‍යොතිර්වේදියාට කියන්න හැකියාව තිබෙනවා. කාල සීමාව දැනගන්නෙ තත්කාලයෙන්. ඒක නිවැරදිව හදාගත්තාම හරි. සමහර ග්‍රහ දෝෂ වලින් හැදෙන රෝග වෛද්‍ය විද්‍යාවට අහුවෙන්නෙ නැහැ. නමුත් රෝගයක් තිබෙනවා. එතකොට සමහර වෛද්‍යවරු කියනවා. “රෝග ලක්ෂණ නැහැ. එහෙනම් ඔය ගමේ ගොඩේ පිළියම් ටිකක් කරල බලන්න කියලා. ඒ ඡ්‍යොතිෂය කියලා නමින් නොකිව්වට කලදසාව ගැන තමයි කියන්නේ. බටහිර වෛද්‍යවරු ආයුර්වේදයටත්, ඡ්යොතිෂයටත් එච්චර පැහැදීමක් නැහැ. නමුත් ඒ අයට අවශ්‍ය වුණාම යන්ත්‍ර පවා දමා ගන්නවා. ඒවා හරියනවා. නිවැරදි ජන්ම පත්‍රයකින් නිවැරදිව ඉදිරිය ගැන කියන්න පුළුවන්. හැබැයි ඡ්‍යොතිර්වේදියා නිවැරදි විය යුතුයි. සමහර ඡ්‍යොතිර්වේදින් රටේ ප්‍රධානින්ගේ ජන්ම පත්‍ර පරික්ෂා කරල රට ගැන කියනවා. එහෙම හරියනවද. රට ගැන කියන්න රටේ ජන්ම පත්‍රය පරික්ෂා කරන්න එපායැ. ඒකවත් නොදන්න ප්‍රසිද්ධ ඡ්‍යොතිර්වේදින් ඉන්නවා. ඡ්යොතිර්වේදියට අවශ්‍ය කරන්නෙ ප්‍රසිද්ධියට වඩා දැනීම.
ඡ්‍යොතිෂයේ මහ ප්‍රාණ කියනවට වඩා ඒක ඔබට බලපාන්නෙ කොහොමද කියල කිව්වාට වඩා ප්‍රයෝජනවත් වේවි. කාගේ හෝ කේන්දරයක රවි සහ බ්‍රහස්පති 6,8,12 රාශිවල නීචව පතිත වුණොත් කවදා හෝ දිනක අංශභාගය නූනත් එවැනි රෝගයකට පත්වන ලකුණු තමයි ඒ. ඊට අමතරව රවි , ගුරු, අඟහරු ඒ නීචයට සම්බන්ධ නම් ඔලුවේ සියුම් ලේ නාලයක් හිර කරල අංශභාගය හදනවා. ඒක හැදුණොත් ඔබට බේරෙන්න පුළුවන්. රවි ඔලුවට ප්‍රධානව ක්‍රියා කරනවා. අඟහරුවා ලේ කැටියක් ඇතිකරනවා. ඒ දෙකම ඔබ නවත්වන්න බැහැ. නමුත් බ්‍රහස්පති වට්ටනවා. එයින් ඔබට ප්‍රවේශම් වන්න හැකි නම් ලෙඩේ දරුණු වන්නෙ නැහැ.මේ රෝග ලක්ෂණ ආවොත් ඔබ ඉක්මනට ඉන්න තැන වාඩිවෙන්න යෝජනා කරනවා. ඊට පසු හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්න . ඔය රවි සියුම් නහර හීන් කරන්නෙත්, අඟහරුවා ලේ කැටියක් ඇති කරන්නෙත් ඉතාම හෙමින් අද ඊයේ නොවේ. අපිව ආදරයෙන් හදන අපේ ශරීරය අපට එරෙහි වනවා දිනක.
තවත් එකක් කියන්නම ඕනෑ. සමහර ඡ්‍යොතිර්වේදින් ඔක්කොම ඡ්‍යොතිෂ වැඩ කරන්නෙ පරිගණකයෙන් ලෙහෙසියට. ජන්ම පත්‍රය සකස් කරන්නෙත්, නැකැත් දෙන්නෙත්, ලිතේ සඳහන් සූර්ය උදාව මූලික කරගෙනයි. එතකොට වරදිනවා. ඒ ලිතේ සඳහන් සූර්ය උදාව සම්ප්‍රදායානුකූල පොදු සූර්ය උදාව බව අමතක කරන්න එපා. ඒ වෙලාව දිනෙන් දින, පළාතෙන් පළාතට නගරයෙන් නගරයට වෙනස්වනවා. පරිගණකයෙන් බොහෝ දේ කරන්න හැකි බව මම පිළිගන්නවා. ඒත් සියලුම දේ කරන්න නොහැකි බව ඔබ ද පිළිගන්න ඕන. ඡ්යොතිෂවේදයේ ග්‍රහ කිරණ කිව්වේ. පෘථිවිය කිව්වේ එක තත්ත්පරයක් වත් එක තැන නොතිබෙන වස්තුන් වනවා. එහෙනම් හැම තිස්සෙම වෙනස් වනවා. එහෙනම් හැම දෙයක්ම වෙනස්වන බව හිතන්න ඕනෑ. ඔබට මට එය නොතේරුනාට ධ්‍යාන පුරන උත්තමයෝ ඒක දන්නවා. බලන්න මල් පොහොට්ටුවක්. ඒක ඉතාම සූක්ෂමව පිපෙනවා. නැත්නම් වෙනස්වනවා.
ඒ වෙනසේ කාලය ඉතා අල්පයි. ඒ වේගය මනුෂ්‍ය පියවි ඇසට වැටහෙන්නෙ නැහැ. මේ අඟහරුවා ගැන මම ඔබ දැන ගත යුතු කරුණු බොහොමයි. මම කිව්වනෙ අඟහරුවා කාමුකයි කියලා. ලිංගාශි‍්‍රතව රෝග හදන්න දක්ෂයා. මනුෂ්‍ය ශරීරය උෂ්ණාධික කරන්නෙත් මෙයා. තව දෙයක් කියන්නම්. ඩ්ධ්ඍ හදන්නෙත් මෙයා. විශේෂයෙන් ශරීරයේ තිබෙන කාම නිලවලට අඟහරු කිරණ පතිත වුණාම හරි කලබලයි. ක්‍රියාශීලියි. එතකොට ඔබට ඉවසීම නැති කරනවා. ගෙදර දරුවො ඉන්නවා බිරිඳ ඉන්න බව වත් පෙනෙන්නෙ නැහැ. මතකනේ “කාම සූත්‍ර” පොතේ සපත්තු හදන මිනිහට සිදු වූදේ. පොත කියවල බලන්න, භාෂා කීපයකින්ම පරිවර්තනය කරල තිබුණා. විවාහයෙන් පසු පුංචි බබෙකුට ආසාවෙන් ඉන්න අපේ දූලා දැනගෙනම සිටිය යුතු එකක් නම් ඒ කාලේට රාහු, සෙනසුරු. අඟහරු නරක නම් ගබ්සා වීම්, මුත්‍රා අමාරු වලින් ප්‍රවේසම් වන්න ඕනෑ. රටේ ජීවනාලිය ඔබයි. වැඩියේ උඩ නගින්න එපා. ඔබ නිදන්නෙ මහලක ඇති ඇඳක නම් ඒ ඇඳ පහතම මාලයට ගන්න. මේ ග්‍රහයන්ට තරප්පු පෙළ නැග්ගත් ඇති.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>