aමානසික සුවයට හෙළ වෙද පිළියම් එක පියයුරක් කුඩා යැයි දැනේ

දෙසැම්බර් 27, 2019

එය මානසික රෝගයක්ද?

ගැටලුව – මම 21 වියැති අවිවාහක තරුණියකි. මාගේ පියයුරු දෙකින් එක් පියයුරක් අනිකට වඩා කුඩාය. මෙය විය හැකි දෙයක්ද නැතිනම් එය මානසිකව දැනෙන දෙයක්ද කාරුණිකව පහදා දෙන්න.

පිළිතුර :– මෙය මානසික රෝගයක් නොවේ. කාන්තාවන්ගේ පියයුරු දෙක එක සමාන නොවේ. එහි ප්‍රමාණය සුළු වශයෙන් වෙනස්ය. කාන්තාවන්ගේ හැඩරුව අනුව ඒවායේ ප්‍රමාණයද වෙනස්ය. සමරුන්ගේ පියයුරු කුඩාය. සමහරුන්ගේ විශාලය. ගර්භණී වූ විට සියලුම කාන්තාවන්ගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල වේ. ඒ ක්ෂීර ග්‍රන්ථි කිරි නිපදවීම සඳහා වර්ධනය වන නිසාය. බහුලවම නවයොවුන් වියේ පසුවන දරු දැරියන්ටත් සුළුතරයකට ඉන්පසු වයසේදීත් තම ශරීරයේ සිදුවන හෝර්මෝන වෙනස්කම් පිළිබඳව මෙවැනි ගැටලු මතුවීම ස්වභාවිකය. මෙවන් විටෙක කළ යුත්තේ ශරීර සෞඛ්‍යය පිළිබඳව නිවැරදි අධ්‍යාපනයක් ලබාගැනීමය. ඉන්පසුවත් දිගින් දිගටම ශාරිරික අවයව පිළිබඳව ගැටලු ඇතිවන්නේ නම් පමණක් මනෝ විද්‍යා උපදේශවරයෙකු හමුවී කතා කිරීම සුදුසුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.