රජ බිසවටත් රස්පුටින්ටත් එරෙහිව කුමන්ත්‍රණ

ලෝ පතළ වෙදැදුරා රස්පුටින් - 4
නොවැම්බර් 22, 2024

මෙතෙක් කතාව

සයිබීරියාවේ බටහිර දිග පෙදෙසේ ගොවි පවුලක උපත ලැබූ රස්පුටින් පූජකයකු මෙන්ම සුව කරන්නෙකු ලෙසද පෙනී සිටිමින් අනුගාමිකයන් පිරිසක් ඇති කර ගනියි. අනතුරුව තමන් දැන හඳුනා ගත් රජ පවුලේ ඥාතිවරියන් දෙදෙනෙකුගේ මාර්ගයෙන් සාර් මාළිගයට සමීප වෙයි. ඉන් අනතුරුව හිමෝෆීලියා රෝගයෙන් බැටකන කුඩා රජ කුමරා වෙනුවෙන් යාඥා කර ඔහු සුවපත් කරයි. මේ සමඟම සරීනා බිසව ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිකර ගනියි. පැමිණ රජ පවුලට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු බවට පත් වූ රස්පුටින් එම බලය අසීමිතව අවභාවිත කිරීම හේතුවෙන් රුසියාව තුළ පමණක් නොව යුරෝපය තුළද දැඩි අප්‍රසාදයකට පත් වෙයි. රුසියාව තුළදී රජ පවුලට ඉතාමත් සමීප රදළ පැළැන්තියේද වෛරයට පාත්‍රවන රස්පුටින් තමාට එරෙහි පළමුවෙනි කුමන්ත්‍රණයට මුහුණ දෙමින් 1914 දී පිහි ඇනුමකට ලක් වෙයි.

රස්පුටින් බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් කරවමින් මරණය ආසන්නයටම රැගෙන යන්නට ඒ මාරක පිහි පහර සමත් වුවද, මිනීවළ වෙත නොගොස් ලෙඩ ඇඳ මතින් දිවි බේරා ගන්නට ඔහු සමත් විය.

සිදු වූ අනතුරට සාපේක්ෂව රස්පුටින්ගේ දිවි බේරීම හාස්කමක් සේ සැලකිය හැකි වූ අතර, ඒ ගැන වූ ප්‍රචාරය නිසා සිදුවූයේ රස්පුටින්ගේ අද්භූත බලමහිමය ජනතාවගේ සිත් සතන් තුළ පැවැති මතය තව දුරටත් ස්ථීරවීමය. රුසියාව පළමුවැනි ලෝක මහා සංග්‍රාමයට අවතීර්ණ වන්නේ රස්පුටින් ලෙඩ ඇඳෙහි සිටි මේ කාල පරිච්ඡේදය තුළදී ය. සිය ලෙඩ ඇඳෙහි සිට සාර් අධිරාජයාට සහ සරීනා බිසව වෙත විදුලි පුවතක් එවමින් ඔහු දන්වා සිටින්නේ රුසියාව යුද්ධයට සම්බන්ධ නොවිය යුතු බවය.

සාමාන්‍යයෙන් මේ මොහොත වන විට ප්‍රචාරය වී තිබූ කටකතාවක් වූයේ නිකොලස් සාර් අධිරාජ්‍යයා සහ සරීනා බිසව කටයුතු කරනු ලබන්නේ රස්පුටින්ට උවමනා ආකාරයට බවය. එහෙත් එම කටකතාව නිශ්ප්‍රභ කරමින් කටයුතු කළ සාර් අධිරාජයා රස්පුටින්ගේ අවවාදය නොතකා යුද්ධයට අවතීර්ණ විය.

එහෙත් රස්පුටින් විසින් අධිරාජයාට කරනු ලබන මේ අවවාදය ගැනද ඉතිහාසඥයන් විසින් සිය අවධානය යොමු කර තිබේ. එනම් ඔහු මේ අවවාදය කර තිබෙන්නේ මහ පොළොවේ තත්ත්වය ඉතා හොඳීන් දැන සිටි පුද්ගලයෙකු වීම නිසා බවය. ජනතාව කොතෙක් රජයට විරුද්ධද යන්න ගැනත්, යුද්ධයට විරුද්ධද යන්න ගැනත් රස්පුටින් ඉතා හොඳීන් දැන සිටි බව මැදිහත් විචාරකයන්ගේ අදහසය.

කෙසේ වෙතත් රස්පුටින් විසින් මුලින්ම දක්වන ලද යුද විරෝධය ඔහු දිගටම පවත්වා ගත්තේ නැත. අනතුරෙන් සුවපත් වූවාට පසු යළිත් රජ මැදුරට පැමිණෙන ඔහු රජයට ජය ලබා ගැනීම සඳහා යාච්ඥා මෙහෙයන් සංවිධානය කරන තත්ත්වයට පවා නැඹුරු වෙයි.

එහෙත් යුද්ධය ජයග්‍රහණය කිරීම උදෙසා රස්පුටින්ගේ යාච්ඥාවන් හෝ ඔහු සතු අද්භූත ශක්තියට මේ මොහොතේ කිසිම බලපෑමක් කළ හැකි නොවීය. ඒ හේතුවෙන් යුද්ධය දිනෙන් දින පැතිර යත්ම සිදුවූයේ රජ පවුල හා රස්පුටින් අරබයා වූ අප්‍රසාදය තව තවත් වර්ධනය වීම පමණකි.

මේ අතර නිකොලස් සාර් අධිරාජයාට යුද්ධය මෙහෙයවීම සඳහා රණ බිමට පිටත්ව යාමට සිදුවිය. මෙසේ රජතුමා මාළිගාවෙන් නික්ම යාමත් සමඟ රස්පුටින් පිළිබඳ කටකතා වඩ වඩාත් දියුණු තියුණු වෙමින් පැතිර යන්නට පටන් ගන්නා ලදී.

ඒ අතරින් ප්‍රධාන කටකතාව බවට පත් වූයේ රස්පුටින් සහ සරීනා බිසව එකතුව පීටර්ස්බර්ග් නුවර පාලනය ගෙනයන බවය. එහෙත් මේ කතාවලින් කියැවෙන තොරතුරුවල සම්පූර්ණ සත්‍යතාවයක් තිබිය නොහැක්කේ ඒ වන විටද රුසියාවේ ප්‍රබල පාර්ලිමේන්තුවක් තිබූ බැවිනි. තව පැත්තකින් මෙය නියෝජනය කළ රදළ ප්‍රභූවරුන් බොහෝ දෙනෙකු තම සිත යටින් රස්පුටින්ට බරපතළ අයුරින් වෛර කළ බැවිනි. එසේ නමුදු සාර් රජ නොමැති මාළිගා පරිශ්‍රය තුළ සරීනා අධිරාජිණිය හා වඩාත් සමීප ඇසුරක් පවත්වන්නටත්, මාළිගාවේ තරුණ සේවිකාවන් හිතුමතේ තම කායික සන්තර්පණයට යොදා ගන්නටත් ඉතා වැඩි ඉඩ ප්‍රස්ථාවක් රස්පුටින් හට උදා වී තිබුණි. කෙසේ නමුත් මේ වන විට සරීනා බිසව දැඩි කාමුකයෙකු වූ රස්පුටින්ගේ ග්‍රහණයට නතුව සිටි බවට තොරතුරු බොහෝය.

මේ අතර, රස්පුටින් සහ සරීනා බිසවට කිසිසේත්ම හිතකර නොවන භයානක ඕපාදූපයක්ද රුසියාව පුරා ඉතා වේගයෙන් පැතිර යමින් තිබිණි. එය නම් ජර්මන් ජාතික කුමාරිකාවක් වන සරීනා ඇලෙක්සැන්ඩ්‍රා, රස්පුටින් හා එක්ව තම මව් රට වන ජර්මනිය හා යුද වැදී සිටින රුසියාවට එරෙහිව බරපතළ කුමන්ත්‍රණයක නිරත වන බවය. මෙය රුසියාවේ ප්‍රභූ පැළැන්තිය පවා බොහෝ දුරට විශ්වාස කළ කටකතාවක් විය. අප කලින් සඳහන් කළ පරිදි රුසියානු සමාජයේ බිම් මට්ටම ඉතා හොඳීන් අවබෝධ කරගෙන සිටි රස්පුටින් මේ තොරතුරු වඩාත් හොඳීන් දැන සිටි බව නොරහසකි. එහෙත් ඔහු රජ මාළිගාවේ ඉහළම රස මසවුළු අනුභව කරමින්ද, ගතසිත පිරෙන තරමට වයින් හා වොඩ්කා පානය කරමින්ද, කැමැති අයුරින් කාම සුඛල්ලිකානු ජීවිතයක් ගතකරමින්ද කාලය ගෙවා දමමින් සිටියේය.

ඒ අතරම ඔහු අපූර්ව අනාවැකියක් පළ කරමින් දන්වා සිටියේ යම් දිනෙක තමා මිය ගියහොත්, එයින් ටික දිනකට පසු සාර් රජ පවුලද සම්පූර්ණයෙන්ම විනාශයට පත්වන බවය. එක්තරා විදියක අද්භූත අනාවැකියක් සේ පෙනෙන්නට තිබුණද, එම ප්‍රකාශය රස්පුටින්ගේ කපටිකමක්ද විය හැකිය. එනම් තමන්ගේ අදෘශ්‍යමාන බලය ගැන විශ්වාසයක් තබා සිටින රදළයන් මේ නිසා ඔහුව ඝාතනය කිරීමට පසු බසිනු ඇතැයි රස්පුටින් කල්පනා කළා විය හැකිය. තවත් පැත්තකින් රස්පුටින් ඒ වන විට රජ පවුල හා බද්ධ වී සිටි තත්ත්වය අනුව සලකන විට ඔහුව ඝාතනය කරන තරමේ ප්‍රහාරයක් එල්ල වීමේදී රජ පවුලද විනාශවනු ඇතැයි ඔහු සිතුවා විය හැකිය.

මේ අතර, රස්පුටින් රජ පවුලෙන් ඉවත් කරන ලෙස සෙසු රදළයන් විසින් කොතෙක් ඉල්ලීම් කරනු ලැබුවත්, සරීනා ඇලෙක්සැන්ඩ්‍රා බිසව ඒ කිසිදු ඉල්ලීමක් කනකටවත් නොගත්තාය.

අවසානයේ රජ පවුලේ සමීප ඥාතිවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් රස්පුටින් ඝාතනය කිරීම සඳහා සිය දෙවැනි කුමන්ත්‍රණය සැලසුම් කරන ලදී. ඒ 1916 දීය. මේ කුමන්ත්‍රණයේ ප්‍රධානියා වන්නේ රුසියානු රදළ පැළැන්තියේ ඉහළින්ම සිටින පුද්ගලයෙකු වූ ෆීලීක්ස් යුසොපොව් (ජ්ඥතඪය

කභඵභනධම) කුමරා ය. ඒ වන විට ඔහු හඳුන්වනු ලැබුවේ සාර් රජතුමා ළඟට රුසියාවේ සිටි ධනවත්ම පුද්ගලයා වශයෙනි. එසේම ඔහුට අනෙක් පැත්තෙන් රජතුමා සහ සමීප ඥාති සම්බන්ධයක්ද වූයේ ය. එයට හේතු වූයේ යුසොපොව් කුමරා විවාහ වී සිටියේ රජතුමාගේ ලේලියක සමඟවීම ය.

අයිරිනා නමැති මේ කුමරිය ඉතා රූමත් තැනැත්තියක වූ අතර, කුමන්ත්‍රණකරුවන් විසින් රස්පුටින් ග්‍රහණය කර ගැනීම උදෙසා ඇමක් වශයෙන් යොදවනු ලබන්නේ රූමත් අයිරිනාවය.

මේ කුමන්ත්‍රණය සඳහා රජතුමාගේ මස්සිනා කෙනෙකු වන ග්‍රෑන්ඩ් ඩියුක් දිමිත්‍රි පැව්ලෝවිච් (ට්පචදඤ ච්භඬඥ ච්ථඪබපඪ ර්‍ථචපතධමඪජඩ), වෛද්‍යරයෙකු වන ස්ටැනිස්ලාව් ලැසෝවර්ට් (ච්ප. ඉබචදඪඵතචමඥ ඹ්චලධමඥපබ), ලුතිනන් සර්ජි සුකොටින් (ඹ්බ, ඵඥපඨඥඪ ඵභඬඩධබඪද) සහ දේශපාලනඥයකු වන ව්ලැඩිමීර් පූරිස්කොවිච් (ඍතචඤඪථඪප ර්‍ථභපඪඵඩඬඥමඪජඩ) මේ සඳහා ඔවුන් විසින් වෛද්‍ය ස්ටැනිස්ලාව් සම්බන්ධ කර ගනු ලැබුවේ ඔවුන්ගේ කුමන්ත්‍රණයේ පළමු පියවර වශයෙන් ග්‍රිගෝරි රස්පුටින් හට පිරිනමන වයින් සහ කේක් සඳහා වස මිශ්‍ර කිරිමටද තීරණය කර තිබූ හෙයිනි. එමෙන්ම මෙහි ප්‍රධානියා වන යුසොපොව් කුමරුගේ බිරිඳ වන අයිරිනා කුමරියගේ නම මෙයට ඈඳෙන්නේ, රස්පුටින් සිය මාළිගයට ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. ඔවුන් රස්පුටින්ට පවසන්නේ අයිරිනා කුමරියට ආධ්‍යාත්මික උපදේශයක් ලබා ගැනීමට රස්පුටින් හට ආරාධනා කරන බවය. රූමත් ප්‍රභූවරියන් හමුවීමට ඉමහත් කැමැත්තක් දක්වන රස්පුටින් තමාගේ ආකර්ෂණීය බැල්මෙන් අයිරිනා කුමරියද වසඟ කර ගත හැකි වෙනු ඇතැයි සිතුවා විය හැකිය. ඒ කෙසේ වෙතත් මේ මොහොතවන විට අයිරිනා කුමරිය සිටියේ ක්‍රමියාවේ නිවාඩු නිකේතනයක විවේක සුව විඳීමිනි.

 

(මතු සම්බන්ධයි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.