සැප්තැම්බර් මාසයේ උපන් ඔබ ගැනයි...

සැප්තැම්බර් 15, 2023

 

රවි ග්‍රහයා ස්වකීය සිංහ රාශියෙන් පසු අගෝස්තු මාසයේ 21 දින සිට කන්‍යා රාශියේ ගමන් අරඹයි. නමුත් අගෝස්තු 28 වනතෙක් කන්‍යා රාශියේ බලය පූර්ණව නොයෙදෙන අතර අගෝස්තු 28 සිට සැප්තැම්බර් 20 දක්වා කන්‍යා රාශියේ පූර්ණ බලය ක්‍රියාත්මක වේ. මේ මාසය පඨවි තිවංකයට අයිති වේ.

සැප්තැම්බර් මාසයේ උපන් පුද්ගලයන් අනෙකුත් මාසවලට සාපේක්ෂව ඉතාමත් සාර්ථකත්වයට පත්වන පුද්ගලයන් වේ. කන්‍යා රාශිය බුධට අයත් රාශියක් හෙයින් බුධගේ බලය ගතිගුණ මේ මාසයේ පුද්ගලයන් සතුවේ. එම නිසා සියුම් බුද්ධි ප්‍රභාවක් සහ හොඳ මතක තබා ගැනීමේ හැකියාවක් සහජයෙන්ම උරුමය. පුද්ගලයන් හදුනා ගැනීම වගේම පුද්ගලයන් තෝරා බේරාගෙන ඔවුන් සමඟ කටයුතු කිරිමට හැකියාව ඇත.ජයග්‍රහණය සදහා පොඩි හෝ ඉඩකඩක් ඇත්නම් එය අරමුණු කරගෙන ක්‍රියාත්මක වි ජයග්‍රහණය හිමිකර ගන්නේය. දාර්ශනික ගති ස්වභාවයක් ඇති හෙයින් සියුම් කරුණු විශ්ලේෂණය කිරිමේ හොඳ හැකියාවක් සැප්තැම්බර් මාසයේ උත්පත්තිවලින් බලාපොරොත්තු විය හැකිය. නීතිය පිළිබදව සහ නීතියේ තීරණ පිළිබදව මොවුන්ගේ බැදිමක් ඇත. එසේම හොඳ වාදකරුවන් සහ නිතිඥයෝය. ඔවුන් වෙනස්වන විට පූර්ණව අනිත් අතට හැරෙන අතර නීතිය පිළිබද දැනුමෙන් සහ සහජ දක්ෂතාවයෙන් තමාගේ වැරදි වැසීම අනිත් අයට වඩා හොඳින් කරන පුද්ගලයන් වේ. පළමු බැල්මෙන් මිනිසකු හඳුනා ගැනිමට මොවුන්ට හැකියාව ඇත. ශාස්ත්‍රීය අංශයේ ප්‍රබලයෝය. වේගවත් කියවන්නෝය. මේ සියලු කරුණු එක්වීමෙන් ඔවුහු සාර්ථකත්වය ගොඩනඟති.

එමෙන්ම සැප්තැම්බර් මස උපන් අය තමන්ට වඩා උසස් තනතුරු දරන්නන් කෙරෙහි ප්‍රබල ගෞරවයක් ඇත. ජීවිතයේ මුල් කාලයේ සැඟවි කටයුතු කරන ආකාරයක් තිබුණද මැදි වයස වන විට එම තත්වය මගහැර කරළියට පැමිණේ. ආදරය සම්බන්ධ කටයුතුවලදි ඔවුහු ඉතාම ගෞරවණිය ලෙස ආදරය කරන අතර සහකරු සම්බන්ධ ඊර්ෂ්‍යාව දිගටම පවත්වා ගනි. වුවමනාවටත් වඩා පෙනුම ගැන උනන්දුවන අතර පෞගලිකත්වය පිළිබදව කල්පනාකාරිවේ. එසේම ඔවුහු දැනුම වැඩිකර ගැනිමට කැමැත්තෝය. එසේම සැප්තැම්බර් මස පුද්ගලයන්ගේ වයස එතරම් පෙනෙන්නේ නැත.

මේ පුද්ගලයන් ආහාර සම්බන්ධයෙන් උසස් රුචිකත්වයක් සහිතය. ආහාර ප්‍රණීත අයුරින් නොමැති නම් ක්ෂණිකව ආහාර රුචිය නැති වේ. එමෙන්ම ඔවුන්ට පරිසරය සුවදායක නම් ආහාර ගැන වැඩි සැලකිල්ලක් නොදක්වනු ඇත. ඉතා ඉක්මනින්ම බඩවැල් ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වේ.මේ අනුව මළ බද්ධය සහ බඩ බුරුල් වී යාම බඩෙහි වේදනා හට ගැනිම සිදුවේ. පෙනහලු වල ආබාධ සහ උරහිස් සහ අත්වල ස්නායු ආබාධ දැකිය හැකි වේ. මානසික ආතතිය ඉහළ යන අතර හෘදය මේ නිසා දුර්වල වේ. එම නිසා මොවුන්ට නින්ද සහ විවේකය ඉතා වැදගත් වේ. නමුත් සෞඛ්‍ය සම්බන්ධව අනෙකුත් මාසවලට සාපෙන්ෂව අසනීප තත්ත්වයන් අඩුය.

මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සදහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව පඨවි තිවංකයට අයත් අප්‍රේල් 20 සිට මැයි 20 අයවලුන් සහ අගොස්තු 21 සිට සැප්තැම්බර් 21 දක්වාද දෙසැම්බර් 21 සිට ජනවාරි 21 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් පෙබරවාරි 19 සිට මාර්තු 21දක්වා අයවලුන්ද සුදුසුය.

සැප්තැම්බර් මාසයේ අප රටෙ ජනාධිපතිවරුන් තිදෙනකු උත්පත්තිය ලබා ඇත.ඒ හිටපු ජනාධිපතිවරුන් වන විලියම් ගොපල්ලව මහතා ජේ ආර්. ජයවර්ධන මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ වගේම අනගාරික ධර්මපාල තුමාගේ උපත සිදුවි ඇත්තේද සැප්තැම්බර් මාසයේය. එසේම වර්තමාන දේශපාලඥායන් රාශියක් මේ මස උත්පත්තිය ලැබිම විශේෂත්වයකි. එමෙන්ම වර්තමානයේ මෙන්ම හිටපු ක්‍රිකට් තරු රාශියක් ද සැප්තැම්බර් මාසයේ උත්පත්තිය ලබා ඇත. චන්දික හතුරුසිංහ, සෙහාන් ජයසූරිය, අසංක ගුරුසිංහ, ධනංජය සිරිවර්ධන, තිලාන් සමරවීර, කමිදු මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු, ලහිරු මධුසංඛ සාලිය අහංගම මේ අතරින් කිහිපදෙනකි. සුනිල් පෙරේරා දමිතා අබේරත්න අමරසිරි කලංසුරිය රූකාන්ත ගුණතිලක වැනි අය කලාකරුවන් අතර කිහිපදෙනකි. ඒ වගේම සයිමන් නවගත්තේගමයන් වැනි ගත් කතුවරුන් කිහිපදෙනකුම සහ රට දැය වෙනුවෙන් යුද බිමේදි දිවිදුන් ගාමිණි කුලරත්න රණවිරුවාද හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ද සැප්තැම්බර් මස උත්පත්තිය ලැබිම විශේෂත්වයකි.

මේ අතරින් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා 1906 සැප්තැම්බර් මස 17 දින උපත ලැබු අතර අධ්‍යාපනය ලබන ලද්දේ කොළඔ රාජකීය විද්‍යාලයේය. එහි පාසල් ක්‍රිකට් කණ්ඩායමේත් 1925 දි ශාන්ත තෝමස් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර පැවති විවාද කණ්ඩායමේත් ක්‍රියාකාරි සාමාජිකයෙක් විය. තරුණ වියට පත් ඔහු ක්‍රිස්තු ආගම අතහැර බූද්ධාගම වැලඳ ගත්තේය. වෘත්තියෙන් නිතිඥාවරයෙකු වු ඔහු 1938 දි ලංකා ජාතික කොන්ග්‍රසයේ ක්‍රීයාකාරයෙකු ලෙස කටයුතු කළේය. 1943 දි පලමු කැබිනෙට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා බවට පත්විය.1973 දි ඩඩ්ලි සේනානායන මහතාගේ අභාවටයන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්විය. 1977 මැතිවරණයෙන් අගමැතිවරයා බවට පත්වු ඔහු 1978 පළමු විධායක ජනාධිපතිවරයා විය.1979 ත්‍රස්තවාදි වැළැක්වීමේ පනත ගෙන ඒමට මෙතුමා ක්‍රියා කළේය. මේ අනුව සැප්තැම්බර් මස උත්පත්තීන් වල ගති ලක්ෂණ එතුමාගේ ජීවිත කථාවෙන් තහවුරු වනු ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.