වසර 226 කට පසු ප්ලූටෝ කුම්භයට - නව තාක්ෂණික පෙරළියක්

නොවැම්බර් 22, 2024

බටහිර ඡ්‍යොතිෂය අනුව ඉතා වැදගත් කරුණු කාරණා රැසක් නිවේදනය කරන, බල පෙරළි, ධන සම්පත්, සමාජ අහිරහස්, නවෝත්පාදනය, පරම්පරා යුග පරිවර්තන ඇතුළු සුවිශේෂී සමාජ පරිවර්තනවලට කාරකත්වය දරන වාමන ග්‍රහයකු ලෙසද හඳුන්වන ප්ලූටෝ ග්‍රහයා 2024 නොවැම්බර් මස 20 වැනි දින පාන්දර 02.15 ට සෙනසුරුට අයත් වායු රාශියක් වන කුම්භ රාශියට පිවිසුණි. වසර 226 කට පසු කුම්භ රාශියට පිවිසි ප්ලූටෝ මීට පෙර වර්ෂ 1778-1798 කාලය තුළ කුම්භ රාශියේ ගමන් කළ අතර ලෝක ප්‍රකට ප්‍රංශ විප්ලවය, ඇමරිකානු විප්ලවය යනාදිය සිදුවූයේ ද එකී කාල තුළයි. රාශි චක්‍රයක් සම්පූර්ණ කිරීමට වසර 248 ක් තරම් විශාල කාලයක් ගන්නා ප්ලූටෝ ඉතා සෙමින් ගමන් කරන අතර ලෝකායත ඡ්‍යොතිෂය අනුව යුග පෙරළිකරුවෙක් ලෙසද හැඳීන්වේ. 2043 වසරේ මාර්තු තෙක් ආසන්න වශයෙන් දශක දෙකක පමණ කාලයක් ප්ලූටෝ මෙවර කුම්භ රාශිය තුළ වක්‍ර වෙමින් සහ නිවෘත වෙමින් සිය ගමන සිදුකරනු ඇත.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය අනුව යල්පැන ගිය පද්ධති රැසක්ම නව මුහුණවරකින් යාවත්කාලීන වන අතර ඩිජිටල් තාක්ෂණ යුගයක ඇරඹුම ප්ලූටෝ විසින් සනිටුහන් කරනු ඇත. මහජන හිතකාමී යුගයක් උදාවන අතර කෘෂිකර්මය, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපනය, සංචාරක සහ කර්මාන්ත, නව නිපැයුම්, දේශීය නිෂ්පාදන ඇතුළු අංශ රැසක් නවීකරණය වෙමින් ඒවා දියුණු වන නව ලෝකයත් සමඟ මුසුවනු ඇත.

නොවැම්බර් මස 26 වැනි දින ප්‍රඥාවට අධිපති ගුරු හිමි ධනු රාශිය තුළ බුධගේ වක්‍ර වීමද දැනුම ප්‍රමුඛ කොටගත් ක්‍රම ශිල්පවල වෙනසක් ඇතිකරන බවත් තොරතුරු තාක්ෂණ, සන්නිවේදන, මාධ්‍ය, බැංකු, මූල්‍ය ක්ෂේත්‍ර යනාදී අංශ වල නව පිබිදීමක් මෙන්ම නව නිෂ්පාදන දිරිගැන්වීම් සහ අධ්‍යාපන පද්ධතිවල පරිවර්තන දෙසැම්බර් 16 දිනට පෙර මුලපුරන බව පෙන්නුම් කරයි.

පාරම්පරික වෛද්‍ය, ඡ්‍යොතිෂ වාස්තු හා

ගුප්තවිද්‍යා උපදේශක

රවිශංඛ සේනානායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.