වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
2024.07.22 සඳුදා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.03
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - උදේ 07.36 - 09.10
සුබ දිශාව - දකුණ
මේෂ
පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි.
වෘෂභ
ගතට සිතට සැනසිල්ල උදාකරයි. මව්පිය ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.
මිථුන
නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි.
කටක
හිතවතුන් සමඟ විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. දුර ගමනක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. එමෙන්ම පුණ්‍ය කටයුතු කෙරෙහි ද වැඩි නැඹුරුතාවක් යොමුකරන දිනයකි.
සිංහ
පවුලේ වගකීම් බහුල කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ.
කන්‍යා
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. ඥාතීන් සමඟ එකමුතු වී කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගන්නා දිනයකි.
තුලා
තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. මෙතෙක් ප්‍රමාද වූ මුදල් ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකයි.
වෘශ්චික
මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් ඉටුකර ගැනීමට මාර්ගය උදාකරයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවීමටද ඉඩ ඇත. වෙනදාට ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ධනු
ඉවසීමෙන් මෙන්ම කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන බවක් ඇති කරන දිනයකි. දරුවකුගේ ජයග්‍රහණය පිළිබඳ අසන්න ලැබෙන බවක් පෙනේ.
මකර
අවිවේකී ලෙස දවස උදාකරයි. වෙනදාට වඩා ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත.
කුම්භ
ගතට සිතට සැනසිල්ල අහිමි කරන දිනයකි. පවුලේ අයගේ දෝෂාරෝපණයටද කරුණු ඇති කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි.
මීන
සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණ දීමට සිදුවන දිනයකි.