2023.11.26 ඉරිදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 26, 2023

ඉර උදාව - පෙ.ව. 06.05

ඉර බැසීම - ප.ව. 05.51

රාහු කාලය - සවස 04.22 - 05.51

සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙහෙස ඇති ගමන් කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. ඥාතීන්ගේ කටයුතු වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවේ. හදිසි මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.

වෘෂභ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. හදිසි ආදායම් මාර්ගයකට කටයුතු උදා කරන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත හට ගැනීමෙන් ප්‍රතිකාර පැතීමට සිදුවන දිනයකි.

මිථුන

වගකීම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදාකරන දිනයකි.

කටක

අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. පපුවේ හටගන්නා සෙම් ගතිය හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි. ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

සිංහ

ගතට සිතට වෙහෙසකාරී බවක් ඇති කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

කන්‍යා

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. සෞන්දර්යාත්මක කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

තුලා

අලුත් කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. සැනසිලිදායක ලෙස දවස ගෙවී යන බවක් පෙනේ. රසවත් ආහාරපානාදිය භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වචන පාවිච්චියේ දී වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන්න. සුළු සුළු සීරීම්, කැපීම් වැනි අනතුරුදායක දෙයක් සිදුවිය හැකි දිනයකි.

ධනු

අන් අයගේ උපදෙස් මත කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන දිනයකි. පැවැති අඩුපාඩු කීපයක් සපුරාගැනීමට කටයුතු උදා කරයි. පවුලේ සතුට සමාදානය ඇති කරන දිනයකි.

මකර

වගකීම් බහුල කරයි. දුර ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ගේ දොර කටයුතු අධික කරන දිනයකි.

කුම්භ

පවුලේ කටයුතු සම්බන්ධ මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. නිතර ඇතිවන ඇඟේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන දිනයකි.

මීන

පැවැති ශාරීරික අපහසුතා මඟහැරී යයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.