2023.10.08 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 8, 2023

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 05.59
රාහු කාලය - සවස 04.28 - 05.59
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. විවාහ ගිවිසුමකට බාධාකාරී බවක් ඇති කරන දිනයකි. රාත්‍රී ගමන් බහුල වන බවක් පෙනේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති කරයි.

වෘෂභ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙන දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසේ. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

මිථුන

විශේෂ සැලසුමකට කටයුතු උදා කරයි. සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙන බවක් පෙනේ.

කටක

හදිසි ආදායමකට සැලසුමක් ඇති කරගනී. විශේෂ හිතවත්කම්වලට කටයුතු උදාකරන දිනයකි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරකට කටයුතු යෙදෙන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදාවෙයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. වරින් වර ආගමික නායකයන්ගේ පිහිට පතන දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

කන්‍යා

පැරැණි හිතවත්කම් අලුත්වන බවක් පෙනේ. තමා සොයාගෙන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. අජීර්ණ ආබාධයකින් පීඩා විඳින දිනයකි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

තුලා

පැවැති හිතවත්කම්වලට බාධාගෙනදෙන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. ගතට සිතට සැනසිල්ල අඩු කරන දිනයකි. පොරොන්දු ගිවිසුමකට බාධා ගෙන දෙන දිනයකි.

වෘශ්චික

ඥාති හිතවතුන්ගේ දෝෂාරෝපණයට ලක්වන බවක් පෙනේ. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි. යටපත් වූ අසනීපයක් නැවත මතුවිය හැකි බවක් පෙනේ.

ධනු

දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. තීරණ වෙනසක් සිදුවීමෙන් ගැටලුකාරී බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන බවක් පෙනේ. නිතර ගතට සිතට විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. පවුලේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කුම්භ

ශාරීරික වෙහෙසීම් වැඩිකරන දිනයකි. ඇසුරු කරන අය අතර කල්පනාකාරී විය යුතු බවක් පෙනේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. ආගමික නායකයන්ගේ ඇසුර පතන බවක් පෙනේ.

මීන

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. සෙම් රෝග, හිසේ ආබාධ ආදිය මතුවිය හැකි දිනයක් බැවින් කල්පනාකාරීවීම වැදගත් වේ.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.