දරුවා A/L, O/L අසමත් ද?

සැප්තැම්බර් 29, 2023

දරුවෝ රටේ සම්පතක්. ඒකට තර්කයක් නැහැ. නමුත් මේ සම්පතින් අපට අපේ රටට ලෝකයට වැඩ සිදු කර ගන්න නම් අපේ මවුපියෝ දරුවන්ව නිවැරැදි මාර්ගයේ යවන්න ඕනෑ. කිසිදු රටකට ලොකු මිනිසුන් අවශ්‍ය නැහැ. ඒ අය රට නැති කරනවා. අපට අවශ්‍යව ඇත්තේ උගත්, යහපත් මිනිසුන් විතරයි. ඒ විදියේ අය සෑදීමට පියවර කීපයක් පසුකරන්න ඕනෑ. පාසලක් හදනව කියන්නෙ හිරගෙවල් කීපයක් වහනවා කියන එකනේ.

එනම්, පළමුව මවුපියන්ගෙන් ඒ මූලික හැඩගැස්වීම ගෙදරදීම ලැබිල පාසලට යවල මූලික නිවැරැදි අධ්‍යාපනය ලබා දෙන්න ක්‍රියා කරවන්න ඕනෑ. නිවැරැදි මූලික අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය කරල විශ්වවිද්‍යාලවල උසස්ම අධ්‍යාපනය හදාරල නිවැරැදි මඟ ඔස්සේ රටකට සේවයක් ලැබෙන පරිදි ජීවත් වන්නට අවබෝධය දෙන්ට ඕනෑ. නැත්නම් අවබෝධය ගන්ට ඕනෑ. වර්ෂ 1948දි අපි නිදහස ගත්තා කිව්වට ඒකේ නියම නිදහස මේ වනතෙක් හරි තිබෙනවද? අපි ලෝකයට කොච්චර ණයද? අපි තාම රටින් එන තුරු බලා ඉන්න නොදියුණු රටක් නොවෙද? රට හදන්ට ඉස්සෙල්ල අපි හැදුණොත් හොඳ නැද්ද? එතකොට ඉබේටම රට හැදේවිනේ.

මෙවැනි ප්‍රශ්න වැලටම ප්‍රශ්න පත්‍රයටම මුහුණ දෙන්ට ඕනෑ. පිළිතුරු දෙන්ට ඕනෑ. අපේ දරුවො ක්‍රමවත් ලෙස දරුවො නිවැරැදි මාර්ගයේ නොයවා බොහෝ දෙමවුපියන් අද දවසේ බොහෝ කනගාටු වනවා. පසුතැවිලි වනවා. අපි මුදල් වැය කළා තමයි උගන්වන්න. ඒත් දරුවන් ලුහුබැන්දේ නැහැ. සමහර අයගේ ජීවිතය කඩා වැටිලා. නිවැරැදි වැඩපිළිවෙළ අනුගමනය නොකළ නිසා දරුවො වල්මත් වෙලා. ඔබේ දරුවා 6,7,8,9,10 පන්තිවල ඉගෙන ගන්න කොට, විභාගවලට මුහුණ දෙනකොට ඔබ ඔවුන්ව නිරීක්ෂණය කළාද? ඔබ ඔවුන්ට ඔබට හැකි අයුරින් වියදම් කළා තමයි. ඒත් ඔවුන්ගේ වැඩ ක්‍රියා කලාපය ගැන විමසිලිමත් වුණාද? අපි ඉදිරිය හදා ගනිමු.

සමහර දරුවන්ට අධ්‍යාපනය ගැන හොඳට දැනුම තිබියදීත් ර්‍ණ/ඹ්, ඒ/ඹ් අසමත් වුණේ ඇයි? ප්‍රතිඵල නැවත පරීක්ෂා කළත් වැඩක් වුණාද? ප්‍රතිඵලවලින් පසු කීදෙනෙක් ත්‍රිරෝද සංසදයට එකතු වුණාද? අපි මෙච්චර වියදම් කළේ මේකටද? කාගෙද වරද? මවුපියන් වැඩිහිටියන් වන අපි මේ කරුණු ගැන අදවත් ටිකක් කල්පනා කළොත් අප දෙගොල්ලම වන දූ දරු / දෙමාපියන් හෙට දවසට සතුටු වන්ට හැකි වේවි.

ඡ්‍යොතිෂය ඇසුරින් හැකි ඕනෑම පිළිසරණක් වීමට අපි ඕනෑම වෙලාවක සූදානම්. කරුණුත් පැහැදිලි කරන්නම්. දැනුම තිබියදී විභාගය අසමත් වීම ලොකු ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නය නැත්නම් ගැටලුව මොකද්ද? කොහෙද? තිබෙන්නෙ කියල කාටත් අවබෝධ නැහැ. මේවා “ග්‍රහ යුද්ධ” නිසා බව කිව්වොත් පුදුම වනවද?

අපි ජීවත් වන්නෙ පෘථිවිය උඩ. මේ පෘථිවිය හැම විටෙකම භ්‍රමණය වනවා. නැත්නම් වෙනස් වනවා. ඒකනේ අපට රෑ – දවල් ලැබෙන්නෙ. එතකොට ඒකෙ ඉන්න අපිත් වෙනස් වනවා. මේ පෘථිවිය වගේම පෘථිවිය වටේ තිබෙන ග්‍රහලෝක 9ත් තම කක්ෂය වටා හා පෘථිවිය වටේත් වේගයෙන් කැරකෙනවා. ඒ භ්‍රමණය වන විට අපට වඩාත් බලවත් ග්‍රහලෝක දෙකින් පරාවර්තනය වන කිරණය මේ පෘථිවියේ සිටින ජන්මියාට ස්පර්ශ වනවා. එවිට ඒ ජන්මියාට අවශ්‍යතාවය හා වයස අනුව ප්‍රතිඵලය වෙනස් වනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කුඩා කල ජන්මියකුගේ ශරීරයට සිකුරු කිරණය ස්පර්ශ වනව කියලා. සිකුරා විශේෂයෙන් කරන්නෙ කාමය හා මඟුල් තුලා කාර්යයන්. මේ සිකුරු කිරණ හොඳට ස්පර්ශ වුණත් නරකට ස්පර්ශ වුණත් මේ ජන්මියාට කලින් කිව් දේවල් ප්‍රතිඵල දෙන්නෙ නැහැ. මොකද ඒ වයසේ අයට ඒවා වැඩක් නැහැ. වයසේ විදියට.

අපි හිතමු ඒ කිරණයම ඉගෙන ගන්නා හෝ විවාහ වන වයසේ කෙනකුට ස්පර්ශ වනවා කියලා. අන්න එතකොට මේ කිරණ ප්‍රතිඵලවල ප්‍රතික්‍රියාව වෙනස් අයුරින් පල දෙනවා. ඔන්න ඔය විපර්යාස අපි තේරුම්ගත යුතු වනවා.

පාසල් යන වයසේ විශේෂයෙන්ම විභාගයකට මුහුණ දෙන වයසේ දරුවන්ට බුධ – බ්‍රහස්පති– සිකුරු යන සුබ ග්‍රහයෝ වැඩිපුරම ක්‍රියාත්මක වනවා. මේ වයසේ ඉන්න අයට සිකුරු හතුරුව ස්පර්ශ කළොත් ඉගෙනීම කඩාකප්පල් කරන්න කොහේ හරි ආලවන්තකමක් නැත්නම් තාවකාලික පෙම් සබඳතාවයක් ඇති කරනවා. ඒකෙන් ඉගෙනීම කඩනවා. එහෙමත් නැත්නම් බෝවන රෝගයක් හදලා ඉගෙනීම තාවකාලිකව කඩනවා. මේ වගේ ගැටලුවලදි දෙමවුපියො ඉතා කල්පනාකාරීව හිටියොත් මේ වගේ ප්‍රශ්න නැති කරල දමන්න හැකි වනවා.

මේ සෞරග්‍රහ මණ්ඩලයේ රවි ග්‍රහයා කෙනකුට දුර්වල වුණොත් කල්පනා ශක්තිය නැති කරනවා. සිතීමේ ශක්තිය, ධාරණ ශක්තිය හීන කරනවා. කොච්චර පාඩම් කළත් පාඩම් හිටින්නෙ නැහැ. ඒකට අලුයම සූර්ය වන්දනාව කරන එක හොඳයි කියල පරණ ආචාර්යවරු කියලත් තිබෙනවා. හැබැයි රවි යම් ජන්මියකුට යහපත්ව හිටියොත් ගොඩම තමයි. රවි කිව්වේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා.

මේ ආකාරයට ඉතිරි ග්‍රහයෝ ගැනත් ටිකක් කල්පනාවෙන් බැලුවොත් බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙනවා. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු විභාග කටයුතු ඉදිරියෙන් නිසා බුධ හා බ්‍රහස්පති ගැන කරුණු දැන ගනිමු. මේ දෙදෙනා අපේ දරුවන්ට යහපත් වන්නෙත් අයහපත් වන්නෙත් කෙසේද? කියා. බුධ කිව්වේ ඕනෑම ජන්මියකුගේ බුද්ධියට අධිපතියා, සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාම පුංචි තරුවක්, නැත්නම් ග්‍රහලෝකයක්. සූර්යයාට ඉතාම කිට්ටු නිසා හොඳට හෝ නරකට ප්‍රතිඵල දීම ඉක්මනයි. බුධට රෑ දහවල් කියල නැහැ. බුද්ධියටත් එහෙමම නේ. බුධට අයිති රාශි තමයි මිථුන, කන්‍යා රාශි දෙක. වර්ෂ 17ක්ම බුධට අයිතියි. දෙවැනුව මේ බුධ ප්‍රධාන වශයෙන් නුවණ, සත්‍යවාදී බව ඉගෙනීම, උගැන්වීම, ශිල්ප අවබෝධය සම්බන්ධව බලවත් වනවා. මිථුන, කන්‍යා ලග්නවල ඉපදිලා ශිල්පස්ථානය බලවත් වුණොත් විභාග සමත් කිරීම සුළු දෙයක් වනවා. බුධ ග්‍රහයා විතරයි පෙර භවයක දැනුම මේ භවයට ගෙන එන්ට සමත් වන්නේ. ශිල්පයට වඩා බුද්ධියට තමයි හපන්කම් පාන්නේ. කේන්දරයකට බුධ හරි බලවත් ඒ සිංහය හැරයි. ඉගෙනීම කරන අය ඊසාන දිශා බලාගෙන පාඩම් කරන්න හොඳයි.

මීළඟට ගුරු නැත්නම් බ්‍රහස්පති ගැන කියමුකෝ. කවුරුත් දන්නවනේ, ශිල්පයට අධිපතියා. සූර්යයාට පමණයි. කුඩා ගුරුට අයත් රාශි තමයි ධනු – මීන, විශ්වාසවන්තකම ඉගෙනගත් දේ හිතේ රඳවා ගැනීම, ශිල්පයට ගරු කිරීම, මේවාවලට ගුරු බලවත්. 5 වැනි රාශියට බලවත් සෞරග්‍රහ මණ්ඩලයේ බුධ, ගුරු, සිකුරු, සුබ ග්‍රහයො කියලා කිව්වට හතුරු වුණොත් වද දෙන්නෙ විපාක දෙන්නෙ හිනාවෙලා. බ්‍රහස්පතිගේ දිශාව ඊසාන. අවතාරය වාමනයා. රන් මිශි‍්‍රත කහ පාටට කැමැතියි. පුරාණ ආචාර්යවරු ලෙහෙසියට හඳුනා දුන්නෙ එහෙම වුණාට ගුරු කියන්නෙත් ග්‍රහලෝකයක. පුරාණ කාලේ සාමාන්‍ය මිනිහෙකුව අහිංසක කළෙත් අංගුලිමාල කළෙත් මේ බ්‍රහස්පතිට තමයි.

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ දෙයක් තමයි විභාගවලට පෙනී සිටින දරුවන් විශේෂයෙන් මිථුන, කන්‍යා, ධනු, මීන, ලග්න අයිතිකාරයෝ නම් හෝ මහදසාව බුධ අන්තර්දසාව ගුරුට, එහෙමත් නැත්නම් බ්‍රහස්පති, මහදසාව බුධ අන්තර් දසාව නම් මේ කාලෙට ගෙවන්නේ, ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන්ට ඕනෑ.

විභාගවලට පෙනී සිටින දරුවන්ගේ කේන්දරවල තත්කාල කේන්දරයෙහි බුධ මහ දසාවේ බ්‍රහස්පති අතුරු දසාව ගෙවනව නම්, විභාගයට පිළිතුරු ලියන කොට ඉගෙන ගත් දේ තමයි ලියන්නෙ. නමුත් ලියැවෙන්නෙ වෙන එකක්. ඒ වෙලාවට බ්‍රහස්පති පසෙක ලා බුධ බලවත් වෙලා වෙන එකක් ලියවනවා. බ්‍රහස්පති මහදසාවේ බුධ අතුරු දසා ගෙවනව නම් විභාගයට පිළිතුරු ලියන කොට නිවැරැදි දේ හිතට ආවත් ලියැවෙන්නෙ වෙනත් පිළිතුරක්. මේ දෙකම නිවැරැදි යයි හිතුණට වැරදියි. මේ ආකාරයට නිවැරදි පිළිතුර පටලවනවා. මේ වගේ ගැටලුවලට පැරණි ඡ්‍යොතිර්වේදියා කිව්වේ “ග්‍රහ යුද්ධ” කියලා. මේ ආකාරයට වැරදුණාම දරුවන්ට බැණල වැඩක් නැහැ. දැනීම තිබිලත් විභාගය පරදිනවා. රජයත් එතැන් සිට දරුවා වෙන මඟකට යොමු කරනවා. ඉතින් දරුවා කලබල වෙලා කලකිරෙනවා. ළමයි ගොඩක් නරක් වන්නෙ මේ බුධ බ්‍රහස්පති ග්‍රහ ගැටලුව නිසා. මෙම ගැටලුවට පුරාණ ආචාර්යවරු “නවනාථය” යන්ත්‍රය පැලැන්දුවා වැඩිය හොඳයි “ස්කෝන් නවනාථය” යන්ත්‍රය නිවැරැදිව පැලැන්දුවොත්. තඹ තහඩුව රන් ආලේප කරල නියමිත වාර ගණන පුරල පලඳවන්න හරියට හරි. O/L, A/L වලට පෙනී සිටින හැම දෙනාටම ජය පතනවා. දැනුම තිබිලත් විභාගය අසමත් වන්ට එපා.

 

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී, ගුප්තවේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.