වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඔසු ගුණයෙන් පිරිපුන් අගනා පලතුර කරඹ
ශී‍්‍ර ලංකාව ගැන සලකන විට අපට පෙනී යන්නේ පලතුරු අතරින් ස්වයංපෝෂිත රටක් බවයි. ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳා බැලීමේදී පලතුරු ප්රභේදයන් අතින් ඉහළම ස්ථානයක ශී‍්‍ර ලංකාව සිටින බව දැක ගත හැකිය.
ඈත අතීතයේ ශී‍්‍ර ලංකාවේ දක්නට ලැබුණු පලතුරු පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ මෙරට සියලුම ගම්මාන විවිධ පලතුරු වලින් පිරී පැවතුණු පලතුරු උයන් ලෙස දක්නට ලැබුණු බවයි. ඒ තරමටම අප අවට පරිසරය විවිධ පලතුරුවලින් පිරී තිබී ඇත.
එසේ වුවද වර්තමානය වන විට විවිධ පාරිසරික හේතු නිසාත් විදේශීය පලතුරු ආනයනය නිසාත් ශී‍්‍ර ලංකාවේ පලතුරු වගාව බොහෝ සෙයින් පරිහානියට පත්ව ඇත. එසේම බොහෝමයක් පලතුරු බව නොදැනීමද ගැටලුවක් බවට පත්ව ඇත.
පලතුරු ගැන විමසා බැලීමේදී මිනිසාගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීමටත්, රෝගවලින් සුවය ලබා ගැනීමටත් පලතුරු බෙහෙවින් උපයෝගී කරගෙන ඇති බව පෙනේ. ආහාරමය වශයෙන් පලතුරු ලෙස ගනු ලබන අතරම ඖෂධීය වශයෙන්ද බොහෝ ප්‍රයෝජන මේවායින් ලැබුණු බව පෙනීයයි. ශාරීරික වර්ධනය, ශක්තිය වර්ධනය සහ ආරක්ෂාකාරී බව ඇතුළු ප්‍රයෝජන රාශියක් ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ලබා දෙන පලතුරු රාශියක් අප අවට පරිසරයේ දක්නට ලැබෙන අතර බොහෝ දෙනා මේවායේ නියම ගුණාගුණ හොඳීන් දන්නා බවක් නොපෙනේ.
මෙවන් ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් බොහෝ ප්‍රයෝජන ලබාදෙන දේශීය පලතුරු අතර එක් වටිනා පලතුරක් වශයෙන් ‘කරඹ’ හැදින්විය හැක.
අප ජීවත්වන පරිසරයේ දක්නට ලැබෙන ‘කරඹ’ පිළිබඳ පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනා තුළ නොමැති නිසා මෙහි ඇති ඖෂධීය සහ ආහාරමය වටිනාකම පිළිබඳව නිවැරැදි අවබෝධයක් සියලු දෙනාටම ලබා ගැනීමට මෙම කරුණු තුළින් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන්නෙමු.
ඖෂධීය ගුණයට වඩා ආහාරමය වටිනාකම මුල්කොට ගෙන බොහෝ දෙනා ‘කරඹ’ ප්‍රයෝජනයට ගනු ලැබුවද මෙහි ඇති ඖෂධීය වටිනාකමද ඉතා ඉහළ මට්ටමක පවතින බව දැක ගත හැක.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන් - ඉන්දියාවේ වැලි සහිත වියළි හා පර්වත සහිත සියලු ප්රදේශවලද, මියැන්මාරය ආදී රටවලද හොඳීන් වැවේ.
දේශීය වශයෙන් - ශී‍්‍ර ලංකාවේ වියළි හා වැලි සහිත ප්‍රදේශවල දක්නට ලැබේ.
ශාකයේ ස්වරූපය
සෘජු ශාඛාවක් සහිත කුඩා ගසක් වන අතර විශාල පඳුරක ස්වරූපය ගනියි. එසේම කටු සහිතය. තවද වැලි සහිත පොළොවේ ඉතා හොඳීන් වැවෙයි. මෙහි හට ගනු ලබන මල් සුදු පැහැතිය. කුඩා ගෙඩි සහිත වන අතර බිත්තර හැඩයෙන් යුතු ගෙඩි කොළ පැහැතිය. ඉදුණු විට රතු පැහැයක් ගනු ලබන අතර ක්‍රමයෙන් කළු පැහැයට හැරෙයි. මෙම ගසේ ලී සුදු පැහැ වන අතර තද ගතියෙන් යුතුය.
කරඹ ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වනු ලබන නාමයන් සැලකීමේ දී
පොදු සිංහල නාමය - කරඹ වන අතර මෙම කරඹ යනු කරමද යන්නෙන් බිදී ආ රූපයකි. කරමද යනු අතින් පොඩි කළ හැකි කොළ ඇති නිසා යෙදෙයි.
සංස්කෘත බසින් - කරමර්ද, ක්ෂීරඵෙන, සාම්ලපුෂ්ප, කෘෂ්ණපාකඵල, සුෂේණ, අවිශෝන, බහුදල, දිම්දිවා සහ කන්ටකේ යන නාමයන් යෙදෙයි.
මෙයින් කරමර්ද - අතින් පොඩි කළ හැකි කොළ නිසා යෙදෙන අතර
ක්ෂීරඵෙන - කරටි ආදිය බිදීමේ දී කිරි මෙන් පෙණ නැඟෙන නිසා යෙදේ.
සාම්ල පුෂ්ප - ඇඹුල් රස යුක්ත මල් සහිත නිසා යෙදෙන අතර
කෘෂ්ණපාක ඵල ගෙඩි ඉදුණු විට කළුපාටට හැරෙන නිසා යෙදේ.
සුෂේණ - ශෝභන (ඵල) සේනාවක් ඇත යන අරුතින් යෙදේ.
මේ අයුරින් සංස්කෘත බසින් කරඹ සඳහා අර්ථවත් නාම රාශියක් වෙයි.
හින්දි බසින් - හරින්ගා, කරොන්ද්රර, කරණ්ඩා, සහ කෙර්යුන්ද යන නාම යෙදේ.
වංග බසින් කරමචා යනුවෙන්ද
දෙමළ බසින් - පෙරුන්කිලා, කලක්කායි සහ පෙරුන්ගල් යන නාම යෙදේ.
කරඹවල උද්භිද විද්‍යාත්මක නාමය ඛ්චපඪඵඵච ජචපචදඤචඵතඪදද වන අතර කුලය ඒර්ථර්ණඛ්කව්ඒඛ්ඡ්ඒඡ් හෙවත් කූටජ කුලය වෙයි.
මෙම කුලයට අයත් අනෙකුත් ශාකයන් අතර රුක්අත්තන, කනේරු, කෙළිඳ, අරලිය, ඒකාවේරිය සහ ඉද්ද යන ශාකයන් වෙයි.
කරඹවල ඖෂධ සඳහා ගනු ලබන අංග වනුයේ -
ගෙඩි, පොතු මුල් සහ කොළයි.
කරඹවල ප්‍රභේද
මෙහි ප්‍රභේද 2කි. එනම්
1.හීන් කරඹ - ඛ්චපඪඵඵච ඉනඪදචපභථ
2.මහ කරඹ - ඛ්චපඪඵඵච ජචපචදඤභඵ
හීන් කරඹ - මෙය වනගතව වැවෙන වර්ගය ලෙසද හඳුන්වන අතර අම්ල හා මධුර රස මිශ්‍ර කෑමට පි‍්‍රය හොඳ පලතුරකි. අතු විහිදී ගිය සදාහරිත පඳුරකි.
මහ කරඹ - මෙය වවන වර්ගය ලෙසද හඳුන්වනු ලබන අතර අම්ල හා මධුර රස මිශ්රකෑමට පි‍්‍රය හොඳ පලතුරක් ලෙසද සැලකේ. ලොකු සදාහරිත පඳුරකි.
කරඹවල අඩංගු රසායනික උපාදාන -
මෙහි මුලෙහි ස්ථිර තෛල පදාර්ථයක් සහ වාෂ්පශීලී තෛලයක්ද සැලසිලික් අම්ලය සහ උපක්ෂාරයක් ද අන්තර්ගත වේ.
ඖෂධීය වටිනාකම
මෙය අතීතයේ සිටම ඖෂධීය වශයෙන් විවිධ යෝගයන් සඳහා යොදා ගත් බව මූලික සංහිතා ග්‍රන්ථවල ඒ පිළිබඳ සඳහන්ව තිබීමෙන් පැහැදිලි වේ.
අෂ්ටාංග හෘදය සංහිතාවේද එසේම චරක සංහිතාවේ සූත්‍රය ස්ථානයේද මෙම ශාකය පිළිබඳව දක්වා තිබීමෙන් එය වඩාත් පැහැදිලි වේ.
රසයෙන් අමුගෙඩි අම්ල ද ඉදුණු ගෙඩි මධුරාම්ල ද මුල් තිත්ත රස ද වේ.
ගුණයෙන් අමුගෙඩි ගුරු ද ඉදුණු ගෙඩි ලඝු ද ස්නිග්ධ ද වෙයි.
වීර්යයෙන් අමුගෙඩි උෂ්ණද ඉදුණු ගෙඩි ශීතද මුල් උෂ්ණ ද වෙයි.
විපාකයෙන් - අමුගෙඩි අම්ලද ඉදුණු ගෙඩි ශීත ද මුල් උෂ්ණ ද වේ.
දෝෂ අනුව සැලකීමේදී
අම්ල හේතුවෙන් අමුගෙඩි වාත සමන ගුණ ද සෙම් පිත් වඩන ගුණ ද යුතුයි. මධුර හා ශීත නිසා ඉදුණු ගෙඩි වා පිත් ශාමකයි. මුල් උෂ්ණ හේතුවෙන් සෙම වාත ශාමක වේ. මෙනිසා අමුගෙඩි වාත රෝග සඳහා ද ඉදුණු ගෙඩි වා පිත් රෝග සඳහා ද මුල් සෙම් වාතරෝග සඳහා ද යොදනු ලබයි.
ශාරීරික ව්‍යුහාගත කි‍්‍රයා සැලකීමේ දී ආහාර පරිපචන ව්‍යුහාවේදී
මෙය රුචි වර්ධක ද පිපාසා නසන ගුණ ද, දීපන හා ග්රාපහී ගුණද යුතු වෙයි. ඉදුණු ගෙඩි පිත් සමන ගුණ යුතුය. මෙනිසා අමු ගෙඩි අරුචි පිපාසා අතීසාර සහ බඩගිනි අඩුකමටද ඉදුණු ගෙඩි පිත් රෝග සඳහා ද යොදයි.
රුධිර සංසරණ ව්‍යුහාවේදී
අම්ල හේතුවෙන් අමුගෙඩි රත් පිත් වර්ධක ද ශීත හා මධුර නිසා ඉදුණු ගෙඩි රති පිත් ශාමකද වේ. මෙනිසා ඉදුණු ගෙඩි රත්පිතේදී යොදයි.
ශ්වසන ව්‍යුහාවේදී
තිත්ත නිසා මෙහි මුල් සෙම නාශක ගුණ යුතු අතර ඇදුම හා කාස සඳහා මුල් යොදනු ලබයි. මේ අතර චර්ම රෝග දුරු කිරීමේ ගුණ ද මෙහි තිබෙන අතර මේ සඳහා මුල් හා ගෙඩි යොදාගනු ලබයි. එසේම මෙහි මුල්වල උණ නසන ගුණ යුතු අතර මුලේ පොත්ත සාමාන්‍ය දුර්වලතා සඳහා යොදාගනු ලබයි.
මේ ආදී වශයෙන් ශාරීරික හා ව්‍යූහා ආශි‍්‍රතව ඉතා හොඳීන් කි‍්‍රයා කරන ද්‍රව්‍යයක් ලෙස කරඹ හැඳීන්විය හැක.
කරඹවල ඖෂධීය මාත්‍රාව
ඩ්රෑම් 1-2 දක්වා
ගෙඩි ස්වරස බිංදු 30 -90 දක්වා මේ අතර කරඹ ගෙඩි යුෂය ප්‍රධාන වශයෙන් හමේ රෝග සඳහා යොදනු ලබන අතර ‘කරඹ ගෙඩි පැණිය’ නම් සංස්කාරික ඖෂධය පිත්ත විකෘති රෝග සඳහා යොදනු ලබයි.
මේ අයුරින් ඖෂධීය වශයෙන් අතිශයින් ගුණදෙන ශාකයක් ලෙස කරඹ ශාකය හැඳින්වීමට පුළුවන. තවද හීන්කරඹ මුල් සතුන්ගේ ශරීරවල ඇති වන ව්රණයන්හි පණුවන් සිටි අවස්ථාවල යොදනු ලබයි.
මේ අතර ආහාරමය වශයෙන්ද කරඹ ඉතා වැදගත් ශාකයක් වෙයි.
විශේෂයෙන් මෙම කරඹ ගෙඩි කෑමට ගනු ලබන අතර අමුගෙඩි අම්ල හා කසට රසයෙන් යුක්තය. මේවායින් ජෙලි, අච්චාරු, පුඩින් වර්ග ආදිය සාදනු ලබන අතර පලතුරක් ලෙස ද ආහාරයට ගනු ලබයි. මෙසේ ආහාරමය වශයෙන් පලතුරක් ලෙස අතිශයින් ගුණදායක හා පෝෂණ ගුණ සපිරි ද්‍රව්‍යයක් ලෙස කරඹ හැඳින්විය හැකිය.
කරඹවලින් ලැබෙන තවත් ප්‍රයෝජන රාශියක් වන අතර එයින් කිහිපයක් නම්
කරඹ ලීය ඉතා සිනිදු එසේම තද ලීයක් වන බැවින් ලී පනා සහ හැඳි ආදිය සෑදීම සඳහා භාවිතා කරනු ලබන අතර මෙම කරඹ ගසේ ස්වභාවය සහ කටු සහිත බව නිසා ඉඩම්වල සහ ගෙවතුවල වැටවල්වල සැකසීම සදහා සිටුවිය හැකි ශාකයකි.
මේ අනුව පැහැදලි වන්නේ ‘කරඹ’ යනු ඖෂධීය වශයෙන් ආහාරමය වශයෙන් සහ තවත් ප්‍රයෝජන රාශියක් ලබාදෙන අගනා වටිනා ශාකයක් බවයි.
මෙනිසා පලතුරක් වශයෙන් බොහෝ දෙනා හඳුනන මෙම ‘කරඹ’ ශාකයේ ඇති ගුණාගුණ හොඳින් වටහාගෙන නිසි පරිදි ප්‍රයෝග කිරීමෙන් රෝග සමනය ඇතුළු ප්‍රයෝජන රාශියක් ලබා ගත හැක. මෙනිසා මෙවන් ශාක පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබීම ඔබ අප සියලු දෙනාටම අතිශයින් වැදගත් වේ.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන