වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
පියාගේ දණ්ඩ නීතියෙන් දියණිය දැඩි චිත්ත පීඩනයෙන්
ගාල්ල, වක්වැල්ලේ වනිගතුංග සොයා ගම් නියම්ගම්වලින් සෙනඟ පැමිණියහ. වනිගතුංගගෙන් කේන්දරය බලා ගැනීමට පැමිණෙන්නන්ට නවාතැන් ගැනීමට නවාතැන් ද ගමේ තිබිණි.
වනිගතුංගට සිටියේ මල් වැනි දූ කුමරියන් දෙදෙනකු සහ එක් පුතෙකි. දරුවන් තිදෙනාගෙන් වනිගතුංගගේ ශිල්පීය හැකියාව පිහිටා තිබුණේ වැඩිමල් දියණිය සාක්‍යාටය.
වනිගතුංගගේ සෑම වදනක්ම අණක්ම සාක්‍යා අකුරටම පිළිපැද්දේය. සාක්‍යා අකුරු කළේ අපොස සා. පෙළ දක්වා පමණි. පියාගේ අභිමතය පරිදි රාහු කාලය මඟහැර පාසල් යාමට සිදු වීම නිසා ඇයට කලට වේලාවට පාසල් යාමට නොහැකි විය. එනිසාම ගුරුවරුන්ගෙන් අඩුවක් නැතිව බැණුම් ඇසීය. දඬුවම් වින්දේය.
සුවච කීකරු සාක්‍යාට ඉතා පහසුවෙන් වනිගතුංග ඡ්‍යොතිෂ්‍ය දැනුම ලබා දුන්නේය. මේ නිසා පාසල් අධ්‍යාපනය හොඳින් කරගෙන යමට නොහැකි වුව ද ඇය පසුතැවිලි වූයේ නැත. පියාට කේන්දර බැලීමට උපකාරවීමෙන් ඇයට පුංචි පුංචි තෑගි බෝග ද හිමි විය.
සාක්‍යාගේ සැපෙන්, සුවෙන් ගෙවී ගිය නව යොවුන් සමනල දිවියට අඳුර වැටුණේ හිටි හැටියේම වනිගතුංග අසනීප වීම නිසාය. පියාගේ රෝගී වීම හේතුවෙන් වඩාත් කනගාටුවටත් අසහනයටත් පත් වූයේ සාක්‍යායි.
වනිගතුංග පවුලේ මුදුන් මුල බඳු විය. කේන්දර බැලීමෙන් ලද මුදල් ඔහු යහමින් එදිනෙදා කෑම බීම් ඇඳීම් පැලැඳීම් වෙනුවෙන් වියදම් කර ඇති නිසා වනිගතුංගගේ අසනීපයට වියදම් කිරීම සැමටම ගැටලුවක් විය. ඊට ද වඩා ඔහු අපල කාලය තුරන් වූ පසු සුව වේවියි නිතරම පැවසූ නිසා ඔහු ප්‍රතිකාර පතා යොමු කිරීමට නිවැසියන් උනන්දු වූයේ ද නැත. ඔවුන් ද සිතුවේ අපල කාලය දුරු වූ පසු රෝගය සුව වනු ඇතැයි කියායි. එහෙත් ඔහු පැවසූ අපල කාලය නිමවීමටත් පෙර වනිගතුංග ජීවිතයෙන් සමු ගත්තේය.
වනිගතුංගගේ මරණයෙන් පසු සියලු වගකීම් පැවරුණේ සාක්‍යාටයි. තවමත් දඟකාර යොවුන් වියේ පසු වුණත් ඇයට ජීවත්වීමට සිදු වූයේ මවටත් වැඩි පරිණ බවකිනි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති
සටහන
චම්පිකා දීපානි රණසිංහ