වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
මූලික රේකී ප්‍රතිකාර ක්‍රමය පුහුණුවීමට ගුරු ඇසුර අවශ්‍ය කෙරේ. නමුත් නව ප්‍රවණතාවයක් ලෙස සමහරු තනිවම රේ කී හදාරති. මෙහිදී පළමුකොට භාවනා ක්‍රම මගින්...
2020-12-03 18:30:00
තද රතුපාට ආදරය හඟවයි. ගිනි රතුපාට සංවේදී බව හඟවයි. කළුපාට වෛරය හා පිළිකුල හඟවයි. මෙකී වර්ණ අනුව පුද්ගලයාගේ මානසික ස්වභාවය තීරණය කළ යුතුය. මහා යෝගී...
2020-11-26 18:30:00
ඉදිමීම් ඉදිමුම බැසීමට1) හුණු, ගොරක සමව ගෙන මුත්‍රාවලින් අඹරා ඉදිමුම වසා ගාන්න.2) බේත් එරඬු කොළ, වරා කොළ, කහ ලුණු දමා කොටා මලවා බඳින්න.උණෙන් ආ...
2020-11-26 18:30:00
ලොව පුරා වාර්ෂිකව රෝගීන් හැටදාහක් පමණ ජලභීතිකාවෙන් මියයයි. දැනට ලංකාවේ සුනඛ ගහණය මිලියන තුනක් පමණ වන බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වා දී ඇත. ඒ අනුව...
2020-11-26 18:30:00
මිනිස් සිරුරේ රුධිරය සුදු රුධිරාණු, රතු රුධිරාණු, රුධිර පට්ටිකා හා රුධිර ප්ලාස්ම යන කොටස් වලින් නිර්මාණය වෙයි. මේ අතරින් සිරුරේ ඉන්ද්රියයන් වෙනුවෙන්...
2020-11-26 18:30:00
පූර්ව ආර්තව සහලක්ෂණය යනු Pre Menstrual Syndrome (PMS) Premenstrual syndrome / Premenstrual tension)එය ඇතැම් කාන්තාවන්ගේ සෑම ආර්තව චක්‍රයකම...
2020-11-26 18:30:00
මාස තුනකට හයකට වසරකට වරක් ලෙස පනු බෙහෙත් ඔබගේ දරුවාට හුරු කිරීමට වඩා එම රෝගය ඇතිවීමට බලපාන හේතු වලක්වා ගන්න. අප එදිනෙදා ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් ඖෂධ...
2020-11-19 18:30:00
සුවපත් දිවියක් පවත්වාගෙන යන්නට නම් යහපත් සෞඛ්‍යයක් තිබිය යුතුමය. නිරෝගිකම අපගේ වටිනාම ධන සම්පත බවට පත්ව ඇත. ඒ නිසා අප සියලු දෙනා මේ සම්පත රැක ගැනීමට...
2020-11-19 18:30:00
අළුහම්ශුද්ධ ගෙන්දගම් , වියන් දුඹුළු යන දෙවගය අබ තෙලින් විධිසේ අඹරා ගෙන ගෑමෙන් අළුහම්. , බිබිලි ඇදිය නැසේ.කඩුවේගන් අරලිය කිරි පොල් කිරට දමා අව්වේ තබා...
2020-11-19 18:30:00
විශේෂයෙන් ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩු වර්ගයක් ලෙසට භාවිතයට ගැනෙන කහ ආහාර වර්ණ ගැන්වීමේ කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගැනේ. ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස ද...
2020-11-19 18:30:00
වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105ක් පුරා සුලබව...
2020-11-19 18:30:00
කොරෝනා වසංගත රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් ප්‍රතිකාරයක් නොමැති මෙවන් අවධියක ආයුර්වේද වෙදකම හෝ දේශීය පාරම්පරික හෝ වෛද්‍ය කර්මවලින් ජනතාවට යම් ප්...
2020-11-19 18:30:00
මුහුණේ ඇතිවන කැළැල් අතර කුරුලෑ කැළැල් විශේෂයක් ගනී. එයට හෝමෝන අසමතුලිතතාවය මෙන්ම මුහුණ ආශ්‍රිතව වැඩෙනා බැක්ටීරියාවන් ප්‍රබල හේතුවක් වේ. මෙම ලප කැළැල්...
2020-11-19 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතය මෙන්ම බොහෝ රටවල පැතිරයමින් ජාතික වෛද්‍ය ක්‍රමයක් බවට පත්ව ඒ ඒ ජාතීන්ගේ සෞඛ්‍ය පරමාර්ථයන් ඉටුකරමින් අතීතයේ මෙන්ම...
2020-11-19 18:30:00
ශරීරය දුර්වල වීම, සුළු ක්‍රියාවකින් පවා වෙහෙසවීම, භ්‍රමණය, මුර්ජාව, පිපාසය, දාහය, දෙඩවීම, ශරීරය පාණ්ඩු පැහැ වීම, රක්ත හීනතාවය, අලස බව, අවට අඳුර...
2020-11-12 18:30:00
අපේ ජීවිත කාලය තුළදී අපට අවශ්‍යම නම් ලෝකය වටා දෙවරක් දෙපයින් සංචාරය කරන්න (ඇවිදින්න) තරම් ශක්තිමත් පා යුගලයක් අප සතු බව ඔබ දන්නවාද? ලෝකයේ බොහෝ...
2020-11-12 18:30:00