වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව හා විවිධ සමාජ පසුබිම් මත විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල දක්වා ලඝු වී ඇත. මේ නිසාම අලුත උපන් බිළිඳා හා නිවසේ තනිව...
2021-03-04 18:30:00
වර්තමානයේ ජීවත්වන වයස් භේදයකින් තොරව ලොකු කුඩා විශාල පිරිසකට වැළඳෙන රෝගයක් ලෙසින් හැඳින්විය හැකි දියවැඩියා රෝග ඇතුළු මූත්‍ර රෝග පිළිබඳව අවධානය යොමු...
2021-02-11 18:30:00
සාමාන්‍යයෙන් අප දකින බීට් අලය රතු පැහැති වූවත් එහි රතු, සුදු, සහ කහ යනුවෙන් ප්‍රභේද තුනකි. ආහාර වර්ණ ගැන්වීමට මෙන්ම රෝග රැසකට ගුණදෙන ශාකයක් වශයෙන් ද...
2021-02-11 18:30:00
අවුරුදු 68ක විශ්‍රාමිකයෙක්මි. නිතරම වාතය පිටවීම කරදරයකි. ප්‍රතිකාරයක් පතමි.බෙලිමුල්, තොටිලමුල්, පළොල් මුල්, අස්වැන්න ,පොල්පලා, නෙරෙංචි, සුදුහඳුන්,...
2021-02-04 18:30:00
පෝෂ්‍යදායක යැයි සැලකෙන ආහාර සම්පූර්ණ පෝෂණයෙන් යුක්ත නැතැයි යන මත බිඳ හෙළීමට දැන් අපට පුළුවන. පෝෂ්‍ය පදාර්ථ ගැන කතා කිරීමේදී මුල්ම තැනට එන්නේ අධි...
2021-02-04 18:30:00
ඩිම්බ කෝෂ පිළිකා හට ගැනීමට බලපාන අවදානම් සාධක කිහිපයකි. නියමිත කාලයට පෙර වැඩිවියට පත්වීම, වයස්ගත වීම, දරුවන් බිහි නොකිරීම, දුම්පානය, තරබාරුකම, සමීප...
2021-01-28 18:30:00
ඩේසි පවුලට අයත් වන සලාද වාර්ෂික ශාකයකි. එය කොළ එළවළුවක් ලෙස භාවිත කෙරේ. එළවළු සලාද, සුප් වර්ග, සැන්ඩ්විචස් සහ ආහාර අලංකාර කිරීම සඳහා සලාද යොදා ගනී....
2021-01-21 18:30:00
අප ගන්නා ආහාර හොඳින් නොදිරවීම අජීර්ණයයි. මෙය ලෙඩ රෝග රැසකට මුල් වේ. මිනිසාගේ ජීවත්වීම සඳහා ආහාර අත්‍යවශ්‍ය වේ. සුදුසු කාලයේ ගනු ලබන ප්‍රමාණවත් ආහාර...
2021-01-21 18:30:00
ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ සහිත සර්පයෝ වෙති. ඒ අතර පොළොං විෂ ප්‍රධාන තැනක් ගනියි. ඉන් තිත් පොළඟා මාරාන්තික දෂ්ටයන්ගෙන් යුක්තය. මහා වනාන්තර වල මෙන්ම ළඳු...
2021-01-21 18:30:00
හෙළ වෙදකම යනු වර්තමානයේ විශාල කතිකාවතක් නිර්මාණය වූ මාතෘකාවකි . ඒ කෙසේ වුවද අද අප හෙළයින්ට උරුමව තිබූ ඒ මහා ප්‍රෞඪ,මහා බලැති දේශීය වෛද්‍ය ක්‍රමය...
2021-01-21 18:30:00
ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම, සෝම රෝගය ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙම රෝගය විශේෂයෙන්ම තරුණ කාන්තාවන් හට බහුලව වැලඳෙයි.දරු මග හා බාහිර උත්පාදන...
2021-01-21 18:30:00
අපට ඉතා ප්‍රයෝජනවත් අගනා ඔසු වර්ග හා ජලය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරමි. ආහාර ජලය මෙන්ම ශරීර සෞඛ්‍ය සඳහා ඔසු වර්ග නැතිවම බැරිය.සතකුප්ප – වාතය,...
2021-01-21 18:30:00
අප දන්නා පරිදි ඇසක පටල හයක් පිහිටනු ලබයි. ඉන් හතරක්ම නේත්රයෙහි පටල වේ. අනෙක් පටල දෙක වර්ත්ම (ඇසිපිය) පටල වේ. යමෙකුගේ ඇසෙහි ප්‍රථම පටලයෙහි වාත, පිත්ත...
2021-01-21 18:30:00
ආයුර්වේදයට අනුව පීනස් රෝගය යනු නාසාගත හෙවත් නාසය ඇසුරු කරන්නාවූ රෝගයකි. නාසය ඇසුරු කරන රෝග තිස් එකක් ඇත. ඉන් ප්‍රධානතම රෝගය පීනසයි. මෙම රෝගයේදී...
2021-01-21 18:30:00
අපේ රටේ පුද්ගලයන් විශාල පිරිසක් අතර බහුලව දකින්නට ලැබෙන රෝග තත්ත්වයකි. ශාක ආහාර මත පමණක් යැපීම මෙයට හොඳ පිළියමක් වුවත් ශාක ආහාර මත පමණක් තම ආහාර...
2021-01-14 18:30:00
යම් කිසි සන්ධියක හෝ සන්ධි කිහිපයක ඇති වන ප්‍රදාහය ආතරයිටීස් රෝගය ලෙස හැඳීන්වේ.ආතරයිටීස් රෝග වර්ග කිහිපයක් පවතී. මෙම ආතරයිටීස් වර්ග ප්‍රධාන කොටස්...
2021-01-14 18:30:00