වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්‍රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
ලොවක් බලන්නට ස්වභාව ධර්මයාගේ උරුමයෙන් පැමිණි දෙනෙත ආරක්ෂා කර ගැනීමට අප උත්සුක විය යුතු වේ. එමෙන්ම, අව්වෙන්, වැස්සෙන්, ගින්නෙන්, පින්නෙන්, විෂ...
2024-10-31 18:30:00
ඔබට ලස්සන නීරෝගිමත් දෙපා යුගලක හිමිකාරියක වීමට හැකිනම් එයින් ඔබේ රූ සපුවෙහි අගය වැඩි වන්නේ නිරායාසයෙනි. ජීවිත කාලය පුරාම කිලෝමීටර් දහස් ගණනක් ඔබේ...
2024-10-31 18:30:00
පුද්ගලයකුට සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යාම ඉතා අත්‍යවශ්‍යයි. අපශරීරයේ ශක්තිය වගේම අපගේ ශරීරයේ නම්‍යශීලී භාවය ඇතිකර ගැනීමට යෝග ව්‍යායාමවල...
2024-10-31 18:30:00
එස්.ඩී.ලක්මාලි - පිලපිටියප්රශ්නයවෛද්යතුමනි, මගේ දෙවැනි දරුවාගේ වයස අවුරුදු තුනකි. දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වන කොටත් වලිප්පුව ඇති විය. ඒ...
2024-10-24 18:30:00
බෙල්ලේ වේදනාව බොහෝ දෙනා අතර විවිධ හේතු මත ඇතිවන තත්ත්වයක්. රෝග ලක්ෂණයක් වන බෙල්ලේ වේදනාව ඇතිවීමට බෙල්ලේ විවිධ ප්‍රාථමික මාංශ පේශි, බෙල්ල ආශ්රිත කොඳු...
2024-10-24 18:30:00
තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ කාර්යයන් පහසු කර ගැනීම සඳහා විවිධ උපකරණ රැසක් අපි ප්‍රයෝජනයට ගනිමු. මේ නිසා අප ශරීරයට ලැබෙන ව්‍යායාම හෝ වැයවන ශක්ති ප්...
2024-10-24 18:30:00
යූ.කේ. සිරිවර්ධන - අලව්වප්රශ්නය වෛද්‍යතුමනි, සැලුන් එකක සේවය කරන මම හතළිස් හය හැවිරිදි අයෙක්මි. වැඩි වශයෙන් සැලුන් එකට එන්නේ කොණ්ඩා කැපීමට වඩා රැවුල...
2024-10-17 18:30:00
එදිනෙදා ජීවිතයේදී සිදුවන බන්ධනී ((Ligaments)ආශ්රිත අනතුරුවලින් ප්‍රධානම අනතුරක් ලෙස වළලුකර ආශ්රිත බන්ධනීවලට හානි සිදුවීම හෙවත් වළලුකර පෙරළීම...
2024-10-17 18:30:00
බියක්, සැකයක්, අවිශ්වාසයක් ඇති වූ විටෙක පළමුවෙන්ම කළ යුත්තේ ඒවා දුරුකර ගැනීමය. එවන් අවස්ථාවලදී අදෘශ්‍යමාන බලවේගවල පිහිට කොතෙකුත් තිබේ. ඒ යන්ත්‍ර...
2024-10-17 18:30:00
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් බහුලම පිළිකාව පියයුරු පිළිකාවයි. පිළිකා අතරින් සියයට විසිපහක්ම අයත් වන්නේ පියයුරු පිළිකාවටයි. මේ පියයුරු...
2024-10-10 18:30:00
එස්.ඒ.එස්. ලක්දාස් - කොට්ටාවප්රශ්නය මගේ දහසය හැවිරිදි දරුවා පාසල් සිසුවකි. ඉඳහිට උගුරේ බැරැන්ඩි ගතියක් පවතින අතර සෙමපටලැවෙන තත්ත්වයක් ද ඇත. සමහර...
2024-10-10 18:30:00
කොන්දේ පහළ ප්‍රදේශයේ හෝ තුනටියේ ඇතිවන වේදනාව කකුල පිටුපසින් පහළට ගමන් කිරීම Sciatica තත්ත්වය ලෙස හඳුන්වනවා. සමහර අවස්ථාවලදී මේ වේදනාව සමඟම...
2024-10-10 18:30:00
යු.කේ.ග්‍රේස් - කෙසෙල්වත්තප්රශ්නය -වෛද්‍යතුමනි, මගේ මහත්තයාගේ පියා ඉන්නේ අප ළඟයි. මුලදී ප්‍රශ්නයක් වූයේ නැහැ. දැන් දැන් ප්‍රශ්න වැඩිවෙමින්...
2024-10-03 18:30:00
සර්වාංග සහ කැඩුම් බිඳුම් වෛද්‍ය කර්මයේදී ඇඟිලි ආශ්‍රිතව ඇතිවන රෝගවලට විශේෂ තැනක් හිමි වනවා. ඊට හේතුව වන්නේ ඇඟිලි අකර්මණ්‍ය වීම නිසා සියුම් ග්...
2024-10-03 18:30:00
මානෙල් කුමුදුනී - රත්තොටප්රශ්නය වෛද්‍යතුමනි, මම විසිතුන් හැවිරිදි රැකියාවක් කරන අවිවාහක තරුණියකි. මෑතක සිට හිසකෙස් තැනින් තැන සුදුවී ඇති අතර පීරන...
2024-09-26 18:30:00
ජී.කේ.එල්. ප්‍රදිනාන්දු, මල්වත්ත පාරප්රශ්නය -වෛද්‍යතුමනි, හතළිස් තුන් හැවිරිදි මම පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කරන විවාහකයෙකි. සමහර දිනවල...
2024-09-19 18:30:00