වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
දරුවන්ට දඬුවම් දිය යුතුද?
දෙමාපියන් වන ඔබේ එකම බලාපොරොත්තුව වන්නේ තමන්ගේ දරුවා සමාජයේ යහපත්, බුද්ධිමත් ආත්ම විශ්වාසයෙන් යුත් දරුවකු බවට පත් කිරීමයි.
ඒ සඳහා කුඩා කළ සිටම දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීම, යහපත් ආකල්ප වර්ධනය කිරීම කළ යුතු ය. අද සමාජයේ දරුවන් නොමග යාමට ඇති අවස්ථා බොහෝ ය. දරුවන් සහ දෙමාපියන් අතර පවතින සම්බන්ධතාවය කාර්ය බහුලත්වය හේතුවෙන් ඈත්වීම මීට එක් හේතුවකි.
දෙමාපියන් ගේ ආදරය, රැකවරණය, මග පෙන්වීම ලැබුණද සමහර දරුවන් ඒවා පිළිගන්නට ලෑස්ති නැත. එවන් අවස්ථාවන්වලදී දෙමාපියන් ලෙස ඔබ බොහෝ කෝපයට පත්වෙයි. දරුවාගේ වයස් මට්ටම පිළිබඳ නොසිතාම ඔවුන්ව දඬුවමට ලක් කරයි.
මෙසේ දෙන දඬුවම් යම් අවස්ථාවලදී දරුවන්ට දරා ගැනීමට පවා නොහැකි තත්ත්වයට පත්වෙයි. එබැවින් ඔබ දරුවන්ට දඬුවම් දිය යුතුමද? ඔවුන්ට දඬුවම් කරන්නේ කෙසේද? ඔබ දෙන දඬුවම් නිසා දරුවන් තවත් දරදඬු ගති පෙන්වයිද?
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රදීප් රණවීර
(සර්වාංග) මනෝ චිකිත්සක, ස්වාපනවේදී, ඡ්‍යොතීර්වේදී, චීන කටු චිකිත්සක
සුරේඛා සංජීවනී