වසරකට වරක් උදාවන භූමි සම්පත් හිමිවන විශිෂ්ට මුහුර්තයක්

දෙසැම්බර් 13, 2024

දෙසැම්බර් 24 අඟහරුවාදා දින පස්වරු 01.24 සිට පස්වරු 02.18 දක්වා උතුර බලා වර්ෂයකට එකවතාවක් යෙදෙන අසිරිමත් ශුභ මුහුර්තයක් උදා වන්නේය. මෙය මැණික්, මිණිරන්, පතල් කැණීම්, නිදන්වස්තු, කෘෂිකාර්මික වැනි භූමි සම්පත් ලැබීමටත්, සතුරන් මර්දනය කිරීමටත් යෝග්‍ය විස්මිත නැකතක් වේ.

අද, සා, සියාවස, පුෂ,අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, කැති උත්‍රපල්, උත්‍රසල, රෙහෙන, හත, සුවණ, ජන්ම නැකත් හිමියන්ට මෙකී මුහුර්තය ඉතා සීහුම් වන්නේය.

ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රයට අනුව ධ්වාංක්ෂ යෝගයද, අඟහරු තත්කාලය, අඟහරු පංචම කාල හෝරාව අඟහරු හිමි සිත නැකත අඟහරු හිමි මේෂ රාශිය සමඟ මේ මහාර්ඝ නැකැත උදාවේ.

පංච මහා පුරුෂ යෝග අතරින් මේෂ, කටක, තුලා,මකර ජන්ම ලාභීන්ට මේ මුහුර්තයෙන් යෙදෙන රුචක යෝග බලයෙන් සියලු කටයුතු සමාරම්භයට ද සකලවිධ අභියෝග දුරස්ථකොට මහා කතරගම මහා භද්‍රකාලි ඇතුළුව සතුරන් අභිබවා යන බලවේගයන් ලබා ගැනීමට ශුභවාදි මොහොතකි.

මකර ලග්නයෙන් ජන්මලාභි සැමට අඟහරුගෙන් රුචක යෝග බලය අසීමිතව ලබාගත හැකිය. නිරෝගී බවෙන් ජවබල සම්පන්නව ශක්තිය, බලය ලැබෙනු ඇත. මෙකී මුහුර්ත කාලය සෙනසුරුගෙන් සස මහා යෝග බලය යෙදී ඇති කුම්භ, වෘශ්චික, සිංහ, වෘෂභ යන රාශි සතරෙන් ජන්ම ලාභය ලැබූවන්ට ද සුබවාදි වන්නෙකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.