නව වසරේ සුබ වැඩ අරඹන්න අති ප්‍රබල සුබ මුහුර්තයක්

වෙළෙඳ කටයුතු ආරම්භයට පිරිසිදු ජලය ලැබෙන ළිං කැපීමට සුබයි
දෙසැම්බර් 27, 2024

එළැඹෙන 2025 වසරේ බොහෝ සුබ කටයුතු ඇරැඹීම සඳහා වැදගත් වන සුබ මුහුර්තයක් ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 11.40 ට යෙදේ. මෙය ලාභවෘද්ධි පංචකයට අයත් ප්‍රබල නැකතකි. එදින උතුර බලා සුබ වැඩ ඇරැඹීම සුබයි.

ළිං කැපීමට, ජලය පිළිබඳ සියලු කටයුතු ආරම්භ කිරීමට, ජලය ආශ්‍රිත වෙළෙඳ කටයුතුවලට, වෙනත් වෙළෙඳාම් ඇරැඹීමට, හිසකෙස් කැපීමට මේ නැකැත ඉතා පලදායක වේ.

ළිං කැපීමේදී ජලරාශියක් උදාව තිබීම, චන්ද්‍රයා ජලරාශියක සිටීම, ගුරු 10 වැන්නේ පිහිටීම ඉතා වැදගත්ය. පිරිසුදු මිහිරි ජලය ලැබේ. වෙළෙඳ කටයුතු ආරම්භයට ඉතා සුබ මේ මුහුර්තය ලාභ ලබා දෙන උතුම් මොහොතකි. කුඩා දරුවන්ගේ හිසකෙස් කැපීමට ද සුබයි.

ළිං කැපීමේදී, ජලාශ ආරම්භයේදී, මල්යහනක් තනා, පහන් දල්වා දෙවියන්ට පින්දී කටයුතු ආරම්භ කරන්න. වෙළෙඳ කටයුතු ආරම්භයේදී ජනවාරි 2 උදේ 6.23ට කිරි ඉතිරවීමට කටයුතු කරන්න.

අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වල උපන් අයට වඩාත් සුබයි.

හිසකෙස් කැපීමේදී ලද පස්මල්, විළඳ, ඊතණ, සමන්පිච්චමල්, කැකුළු, සුනුසහල්, එළ අබ සමව ගෙන වතුර භාජනයකට දමා රතන සූත්‍රයේ 4 වන ගාථාව වන

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනි සමාහිතො
නතේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පිධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ගාථාවෙන් 108 වරක් ජීවම් කර ඉන් ස්වල්පයක් කෙස්වල ගා ඉන් පසු කෙස් වැටිය කපන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.