රවි ධනුවේ කෝණ මාසය ඇරැඹේ

ලග්න රැසකට ධනය හිමිවේ
දෙසැම්බර් 6, 2024

 

ලග්න රැසකට ධනය, බලය, කීර්තිය හිමිකර දෙමින් දෙසැම්බර් 15 රිවි දින රාත්‍රී 10.11ට බ්‍රහස්පති හිමි ධනු රාශියට සූර්ය දිව්‍ය රාජයා අභිමානවත් ගමනක යෙදෙයි.

ඒ උත්තරායනයෙහි සිසිර ඍතුවෙහි ධනු රවි 30 භාග උඳුවප් මහේ අව පෑළවිය තිථියලත් ධනු රාශිය මේෂ නවාංශකය කේතු හිමි මුල නැකතෙහි 01 පාදය ආශි‍්‍රතවය.

මේ අතර දෙසැම්බර් 15 සිට ජනවාරි 15 තෙක් කෝණ මාසය බලපායි. මේ කාලය තුළ විවාහ, ඉදිකිරීම්, ව්‍යාපාර ඇරැඹීම් ආදි සුබ කටයුතුවල නොයෙදීම ඡ්‍යොතිෂ නියමයයි.

ධනුරවියට අමතරව යෙදෙන වෙශි වොශී උභයචාරී යෝගය රාශි 12ටම දියුණුව, කීර්ති ප්‍රශංසා හිමි කරයි. කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට සස නම් පංච මහා පුරුෂ යෝගයෙන් බලය, ප්‍රශංසාව, දියුණුව සැලසේ.

රවි, චන්ද්‍ර ආලෝක ග්‍රහ යුවළගේ බලය සියලු ලග්න හිමියන්ට දියුණුව කීර්තිය, යසස ළඟා කර දේ.

පවතින ග්‍රහ චලිතය පුවත්පත් ලේඛන කලාවට හිතකර වෙයි. තැපැල් සහ විදුලි සංදේශ ක්ෂේත්‍රවල සුවිශේෂී ප්‍රගතියක් ඇති කරයි. එහෙත් ගුවන්, මුහුදු යාත්‍රා සහ මහා මාර්ග අනතුරු බහුල කෙරෙයි. දේශපාලන කරළිය උණුසුම් කිරීමට හේතු වෙයි.

සාගර විපත්, වර්ෂා, භූමිකම්පා, අකුණු ගැසීම්, මහා පරිමාණ ගංවතුර, නායයෑම් බහුල කෙරෙයි. නීති, සෞඛ්‍ය, අධ්‍යාපන, සංස්කෘතික, ආර්ථික වැනි ක්ෂේත්‍රවල යම් ගැටලු ඇති විය හැකිය.

 

මේෂ ලග්නය

සැනසිලිදායක ගමන් මඟක පී‍්‍රතිමත් අවස්ථා පැනනඟිනු ඇත. පදිංචිය, පවුල් ජීවිතය, ලැබීම් අංශය වර්ධනය කෙරෙයි. සුහදශීලි ආස්වාදනීය බවකට තුඩුදෙනු ඇත. හදිසි තීරණ, ඉක්මන් කෝප නොගෙන මානුෂීය සිතුවිලි ආශි‍්‍රත ජීවන රටාවකින් ලබන්නා වූ අනාගතයකට යොමුවන්න.

 

වෘෂභ ලග්නය

කර්මස්ථානගතව යෙදෙන සස යෝග බලය සුබවාදී වෙයි. නිදන්ගත හෝ ආගන්තුක රෝගාබාධ මතු විය හැකිය. තාවකාලික ඖෂධ කරලීම් අත්හළ යුතු වෙයි. බාධක අතරින් අපේක්ෂා ඉටුකර ගැනීමට උත්සාහවන්ත විය යුතුය. හවුල් ව්‍යාපාරවල සාර්ථකත්වයට අවධානය යොමු කරගත යුතුය.

 

මිථුන ලග්නය

ධනය, දේපළ වස්තු කෙරෙහි වඩාත් උනන්දු වෙයි. උසස්වීම්, රැකියා ආදායම් මාර්ගයන්හි අවධානය යොමු කරළීම වැදගත්ය. සංස්කෘතිය සභ්‍යත්වය කෙරෙහි අවධානය යොමු කොට පොදු ජනතාව සමඟ සමගි සම්පන්නව කටයුතු කළ යුතුව ඇත.

 

කටක ලග්නය

පදිංචි ස්ථානගත මතභේද මතු කෙරෙයි. කලහකාරී නොවිය යුතු වෙයි. සාමකාමීව සමාජ සාධාරණත්වයට ගරු කළ යුතුව ඇත. තීරණ ගැනීමට පෙර සිතාමතා බැලීම වැදගත් වෙයි. සෙනසුරු 08 වැන්නෙහි අෂ්ටම ඒරාෂ්ටකය යෙදෙන බැවින් හදිසි තීරණ තීන්දුවලින් වැළකී සිටීම සුබවාදී වෙයි.

 

සිංහ ලග්නය

07 වැන්නෙහි සස යෝගය ප්‍රශස්ත වෙයි. වෙහෙස මහන්සිය ඔබගෙන් දුරස්ථ වෙයි.තැන්පත් ධනය, දේපොළ වස්තු කෙරෙහි අවධානයෙන් කටයුතු කළ යුතුය. රෝග, සතුරු බලවේග තරමක් දුරට හෝ යටපත් වෙයි. මුහුණ, උරහිස්, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, දණහිස් පාද ආශි‍්‍රත රෝගාබාධ යෙදේ.

කන්‍යා ලග්නය

දූරදර්ශීව උත්සහවන්ත වීමෙන් සෞභාග්‍යය උදා කෙරෙයි. බොහෝ දුරට ධන සම්පත් ඉඩකඩම් ආශි‍්‍රතව ගනුදෙනු සිදුවෙයි. හිස, උරහිස්, මළ මුත්‍ර, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, පාද ආශි‍්‍රතව වරින් වර දැවිලි පිච්චිලි රෝගාබාධ මෙන්ම යුග දිවිය, හවුල් කටයුතු, ලැබීම් ආශි‍්‍රතව වරින්වර ගැටලු මතු කෙරෙයි.

 

තුලා ලග්නය

සිකුරු හිමි තුලා රාශිය අර්ධ රාජ යෝගයක් සමඟ රවි, චන්ද්‍ර, සෙනසුරු ද යන ග්‍රහයන් තුළින් ප්‍රබලව උදාව ඇත. අවහිර බාධක දුෂ්කරතා යෙදිය හැකිවෙයි. සමගි සමාදානයට වරින්වර බාධක අවහිර උදාවිය හැකි බැවින් සාමකාමීව ක්‍රියා කළ යුතු වෙයි. දෙස් විදෙස් සංචාරක ගමන් බිමන් යහපත් වෙයි. දරු දැරියන්ට ශුභයි.

 

වෘශ්චික ලග්නය

පදිංචි ස්ථානගතව උත්සව, පින්කම් අලුත්වැඩියා කිරීම් යෙදිය හැකිය. උත්සාහය උනන්දුව සතුටට හේතු වෙයි. කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම් කෙරෙහිද රෝගාබාධ සතුරු බාධක කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වූ කාල පරාසයකි. අවිවේකී බවක් ද උදාවේ.

 

ධනු ලග්නය

බොහෝ දුරට හිතකර කාල පරාසයකි. දීප්තිමත් ග්‍රහචාරයක්, ගතවන කෝණ මාසයේ ප්‍රබලතම රාජයෝගයකට භාග්‍යය උදාවෙයි. බාධක බුධ ග්‍රහයාද වැය ස්ථානගත වීම පදිංචි ස්ථාන, රැකියා ආදායම් මාර්ග මෙන්ම ලැබීම් අංශවල බාධක දුෂ්කරතා මතු කෙරෙයි. ශාරීරික පීඩාවලින් නිතරම ආරක්ෂා විය යුතුව ඇත.

 

මකර ලග්නය

තැන්පත් ධනය, දේපළ වස්තු තර වෙයි. බොහෝ දුරට ඉතා සතුටුදායක කාල පරාසයකි. නිර්මාණශීලි ඔබහට බාධක අවහිර දුෂ්කරතා ද ප්‍රබලව බලපෑ හැකිවෙයි. හදිසි තීරණ තීන්දු, අලාභය අසතුටට හේතු වෙයි. හවුල් කටයුතු, පවුල් ජීවිතය ආශි‍්‍රතව හැලහැප්පිලි මතු කෙරෙනු ඇත. අවාසි අලාභ ආදියට මාර්ගය නොහදා සතුටුදායක බවක් මතු කොටගත යුතු වෙයි.

 

කුම්භ ලග්නය

සෙනසුරුගෙන් සස යෝග බලය ද ලබා සතුටුදායක ජීවන ගමන් මඟකට තුඩුදෙනු ලබන කාල පරාසයකි. බාහිර ආදායම් මාර්ග ඇතුළුව ලැබීම් කෙරෙහි ශුභදායක හිතකර කාල පරාසයකි. පදිංචිය පිළිබඳ මතභේද ආරාවුල් ඇති කෙරෙන සුලුයි. එබැවින් දූරදර්ශීව වීම යහපත් වෙයි. රෝගාබාධ ගනුදෙනු ප්‍රශ්න මතු කෙරෙනු ඇත. උත්සාහවන්ත වීම ශුභවාදිවෙයි.

 

මීන ලග්නය

පදිංචි ස්ථානය, රැකියා ආදායම් මාර්ග මුල් කොට ඉතා හිතකර බවක් විද්‍යමාන කෙරෙනු ඇත. උදාරතර විජයග්‍රාහී ගමන්මඟකට තුඩුදෙන ආශීර්වාදාත්මක ගමන්මඟක් මීන රාශියට උදාවීම වැදගත්ම පැතිකඩකි. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ආශි‍්‍රත වෙන කාල පරාසයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.