වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුලි 01 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 30, 2023
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - පෙ.ව. 09.06 - 10.41 දක්වා
සුබ දිශාව - උතුර
මේෂ
නියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින් බාධා ඇතිවේ. කරදර සහිත දවසකි. සිතට සැකයක් ඇතිව සෑම දෙයක්ම කරන්නට සිදුවේ. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකිය.
වෘෂභ
සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන දිනයකි. පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර ආගමික කටයුත්තකට සහභාගිවීමටද ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් වැනි දෙයකින් සුළුවෙන් හෝ ආබාධයක් ඇතිවේ.
මිථුන
මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවනු ඇත. පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. සතුරු කරදර පැවතියේ නම් ඒවා පහළ වැටේ. සිතේ චංචල ගතියක්ද ඇතිවනු ඇත.
කටක
සිතේ සතුට අඩුව යන දිනයකි. බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා පැන නැඟීම නිසා හිතට දුක් සහිත ගතියක් ඇති කරයි. බාහිර කරදර පවා ඇතිවනු ඇත. අජීර්ණ රෝගවලටද හේතු ඇතිවේ.
සිංහ
කරදර, සිත්තැවුල් මෙන්ම වැඩකටයුතුවලට බාධා ගෙන දෙනු දිනයකි. සැකසහිතව කටයුතු කරනු ඇත. අධික වියදමක් දැරීමට සිදුවන අතර කරගෙන එන කටයුතුවලට බාධාවීමක් හෝ ප්‍රමාදයක් පෙන්නුම් කරයි. හිතවතකුගෙන් ත්‍යාගයක් ලැබීමටද ඉඩ ඇත. පපුවේ පෙණහලුවල අමාරු ඇතිවීමටද පුළුවන.
කන්‍යා
මිත්‍ර ආශ්‍රයක් හෝ අමුත්තකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි දිනයකි. අතමිට මිල මුදල් හිඟවීම නිසා හුදකලාව තමාගේ පාඩුවේ කල්පනා කරමින් සිටීමට පෙලඹෙන අවස්ථාවන්ද ඇතිවේ. ධෛර්යවත්ව වැඩ කිරීමට සිතුවත් එය එසේ කිරීමට අපහසු වනු ඇත. බාධාවන් පැමිණේ.
තුලා
වියදම් අධික කරයි. මුදල් හානි ගෙන දෙන කාලයකි. තමා කෙරෙහි අන් අය අතර පැවති ගෞරවය පිළිගැනීම අඩුවයයි. දියුණුවට ඇති මාර්ගවලට බාධා ප්‍රමාදවීම් ගෙනදෙනු ඇත.
වෘශ්චික
හිතේ සතුටට කරුණු යෙදුණත් එය පවතින්නේ ස්වල්ප වේලාවකි. කෑමක් බීමක් පිළිබඳව අමුත්තක් සිදුවිය හැකියි. සුළු සුළු ලාභ ලැබීමටද හැකි දිනයකි. පෞද්ගලික කටයුතුවලට හිත ඇදී යයි. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත.
ධනු
කරගෙන යන කටයුතු කැඩී බිඳී යාමට හෝ ප්‍රමාදවීමට පාඩු සිදු වීමට ඉඩ ඇති දිනයකි. අලාභ හානියක් හෝ නැතිවීමක්ද සිදු විය හැකියි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන බවක් පෙන්නුම් කරයි.
මකර
ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කරුණු යෙදෙනු ඇත. ගෙදර දොර සැප පහසුව ඇති කරයි. මිල මුදල් ලැබීම් යහපත්වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට යොමු වන අතර සමාජයද ඔබට පි‍්‍රය කරයි.
කුම්භ
දියුණුව ඇතිවන අතර බලාපොරොත්තු ඉටුවේ. මිල මුදල් ලාභ, රසවත් ආහාරපාන ලැබීමටත් යහපත් දිනයකි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පත්වේ. සිතේ සැනසිලිදායක තත්ත්වයක් ඇතිවනු ඇත.
මීන
ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. දුර ගමනක් යාමට හෝ පිට පළාතක සිටින අයෙක් ගැන මතකයට එයි. සිත් තැවුල් කනගාටු ඇතිවීමටද කරුණු යෙදෙනු ඇත. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ශාන්ති නායක ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවීම යන ත්‍රිවිධ මංගල්‍ය යෙදුණ වෙසක් පුර පෝය දිනය දොළොස් මසේම යෙදෙන පුර පසළොස්වක...
2021-05-20 18:30:00
2021 මැයි මස 26 වැනි දින 8.33 පැයට ග්‍රහ ලොව කුමරු වූ බුධ තම ස්වක්ෂත්ර රාශියක් වූ මිථුනයේ රාශිගත වේ. මෙසේ මිථුන රාශි ගතවන බුධ දින හතක් තුළ වක්‍ර,...
2021-05-13 18:30:00
උත්තරායන ගී‍්‍රෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 12 භාග වෙසක් මහේ පුර පසළොස්වක තිථිය ලද මැයි 26 බුධ දින පස්වරු 04.50 ට (මධ්‍ය) වෘශ්චික රාශිය අනුර 03 පාදය මූලාශ්...
2021-05-13 18:30:00
උත්තරායන ගී‍්‍රෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 12 භාග වෙසක් මහේ පුර පසළොස්වක තිථිය ලද මැයි 26 බුධ දින පස්වරු 04.50 ට (මධ්‍ය) වෘශ්චික රාශිය අනුර 03 පාදය මූලාශ්...
2021-05-13 18:30:00
චන්ද්‍ර, ගුරු - ශනි, රාහු - රවි, ගුරු - ත්‍රිකෝණ දෘෂ්ටිය කුජ චන්ද්‍ර සංයෝගය ආශි්රතවආත්මකාරක රවි වෘෂභ රාශිගතවෙයිඋත්තරායනය ගී‍්‍රෂ්ම සෘතුවෙහි මේෂ රවි...
2021-05-06 18:30:00
රවි චන්ද්‍ර චතුර්කෝණදෘෂ්ටිය, චන්ද්‍ර සිකුරු ත්‍රිකෝණ දෘෂ්ටිය, ශනි චන්ද්‍ර සංයෝගය, සෙනසුරු චන්ද්‍ර ජම්ම ඒරාෂ්ඨකය ආශි‍්‍රතව උත්තරායන ගී‍්‍රෂ්ම ඍතුවේ...
2021-04-29 18:30:00
මීට වසර හැට හැත්තෑවකට ඉහත දී මෙරට ජීවත්වූ ජනතාව ආධ්‍යාත්මික අතින් ඉතා උසස් අයවලුන් වූහ. එයට හේතුව නම් ඔවුන් ලෞකික ජීවිතයට වඩා අධ්‍යාත්මික ජීවිතයට...
2021-04-22 18:30:00
23 ශු උදේ 08.35 සිට උදේ 08.48 දක්වා24 ශ උදේ 06.06 සිට උදේ 06.31 දක්වා25 ර උදේ 07.36 සිට උදේ 08.04 දක්වා26 ච උදේ 10.07 සිට උදේ 10.37 දක්වා27 කු...
2021-04-22 18:30:00
කම්කරු ජනතාවට සහනපාසල් දරු දැරියනට වාසිකලාකාමී ක්ෂේත්‍ර වලට යහපතවෙළඳ ව්‍යාපාරවල දියුණුව 2021 මැයි මස 14 වෙනි සිකුරාදා 43 පැය විනාඩි 07 න් ලෝක...
2021-04-22 18:30:00
ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පීතර නම් යුග පංචාබ්දයෙහි පස්වන ඉද්වත්සර භේදනාමධාරි ශිව දේවතාධිපති “ඵලව“ නම් සංවත්සරය...
2021-04-08 18:30:00
සූර්යයා මීන රාශියෙන් මිදී මේෂ රාශියට සංක්‍රමණය වන දින සිංහල අලුත් අවුරුද්ද ලබන බව පුරාණයෝ සඳහන් කළත්, සූර්යයා සංක්‍රමණය නොවන බව වර්තමානයේ පුංචි...
2021-04-08 18:30:00
අප සමාජයේ වැඩි දෙනෙක් විදේශ ගතවීමට සිහින මැව්වත් එම සිහින සැබෑ වන්නේ කීයෙන් කීදෙනාටද? සමහරු රැකියා සඳහා විදේශ ගත වෙයි. තවත් සමහරු ව්‍යාපාර කටයුතු...
2021-04-01 18:30:00
ශනි චන්ද්‍ර සංයෝගය - සෙනසුරු ලග්න, ජම්ම මාරක ඒරාෂ්ඨකය (බුධ- ශුක්‍ර) නීච භංග රාජ යෝග කුජ රාහු සංයෝග, බුධ ශුක්‍ර සංයෝග, ගුරු සුබ කර්තරී යෝගය, කුජ ශනි,...
2021-04-01 18:30:00
බුධ ග්‍රහයා සූර්යයාට ළඟින්ම සිටින ග්‍රහයා වේ. ඒ අනුව බුධ ග්‍රහයා සූර්යයාට හොරෙන් අංශක 28 කට වඩා ඈත් නොවේ. බුධ ග්‍රහයාට එක් රැසක ගෝචරය වීමට ගත වන්නේ...
2021-03-25 18:30:00
2021.04.13 වෙනි කුජ දින පැය 50.57 න් මේෂ රාශි ගතවන රවි ග්‍රහයා 21 මැයි 14 මධ්‍යම රාත්‍රි වනතෙක් එහි ගමන් කරනු ඇත. ‘අස්විද, බෙරණ, කැති පෙදගන්න එළු රැස...
2021-03-25 18:30:00
උත්තරායන වසන්ත සෘතුවෙහි මීන, රවි 18 භාග මැදින් මහේ අව දියවක තිථිය ලත් මාර්තු 30 වෙනි කුජ දින පෙරවරු 08.35 ට ඤාණකාරක වෛශ්‍ය වංශික බුධ ග්‍රහයා පෙරළිකාර...
2021-03-25 18:30:00