සුරගුරුගේ කුම්භ රාශි ප්‍රවේශයයි සෞරග්‍රහ මණ්ඩලයේ දෝංකාරයයි

අප්‍රේල් 2, 2021

ශනි චන්ද්‍ර සංයෝගය - සෙනසුරු ලග්න, ජම්ම මාරක ඒරාෂ්ඨකය (බුධ- ශුක්‍ර) නීච භංග රාජ යෝග කුජ රාහු සංයෝග, බුධ ශුක්‍ර සංයෝග, ගුරු සුබ කර්තරී යෝගය, කුජ ශනි, කුජ චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ඨිය, මකර, මේෂ, කටක, තුලා, සස මහා පුරුෂ යෝගය, මීන, මිථුන, කන්‍යා, ධනු මාලවි මහා පුරුෂ යෝගාදී සංකලනයක්.

 

අපි‍්‍රයෙල් 06 කුජ දින අලුයම 12.23 ට බ්‍රහස්පති 2021 අධිවේගී ගමන් මඟෙහි සෙනසුරු හිමි කුම්භ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය. නැගෙනහිර ක්ෂිතිජයෙහි බ්‍රහස්පති හිමි ධනු රාශිය උදා වී ප්ලුටෝ සතුරුව චන්ද්‍රයා සමව උදා ශනි ස්වක්ෂේත්‍රව 02 වැන්න වූ ධනස්ථානගතවද උදා නැප්චූන් සමව සම වක්‍ර ගුරු 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද රවි මිත්‍රශීලීව අස්ත බුධ නීචව උච්චක්ෂේත්‍ර සිකුරු 04 වැන්න වූ බන්ධු ස්ථානගතවද නිවෘත සම යුරේනස් 5 වැන්නේ ද සම කුජ උච්චක්ෂේත්‍ර රාහු සමඟ රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේ ද උච්චක්ෂේත්‍ර කේතු 12 වැන්න වූ වැය ස්ථානගතවද සෞරග්‍රහමණ්ඩලය නිර්මාණය වෙන්නේ ය.

05, 06, 07, 08 ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි කේන්දර ස්ථාන සතරද 09, 10, 11, 12, 02 අඟහරු හිමි මේෂ රාශි ස්ථාන සතර ද 02, 03, 04, 06 බ්‍රහස්පති හිමි ධනු උදා රාශිගත ස්ථාන සතර ද සමගාමීව විශ්ව තාරකා මන්දාකිණි ග්‍රහ පිහිටීම් ආශි‍්‍රතව ජූනි 20 සැප්තැම්බර් 14 අතර ගුරු වක්‍රය සුවිශේෂීව ජයගත් ප්‍රජාවනට අර්බුද ගැටුම්කාරී බව දර්ශනයෙහි රූපරාමුවක් විද්‍යාමාන වෙන්නේ ය. නාවික, ගුවන්, මහාමාර්ග ආශි‍්‍රතව විනාශකාරී බවක් බොහෝ දුරට ප්‍රදර්ශනය විය හැක. රංගනයෙහි නිපුනතා කුසලතා ඇති සාමාන්‍ය පොදු මහ ජනතාව සුරංගනා ලොවකට සමීප කරවමින් ආත්ම ලාභීන්ගේ පාරිසරික වික්ෂිප්ත බවක් දර්ශනය කෙරෙයි. අතුරු අනතුරු, ගිනි ගැනීම්, සොර සතුරු බිය සැක සාංකා භීතිය, ත්‍රාසය දැඩි මුවහත්වීමෙහි පාත්‍ර වෙන්නේ ය. අභූත කතා කටකතා, අභිරහස්, කුමන්ත්‍රණ, උද්ඝෝෂණ කැරළි කෝලාහල ජාතික, අන්තර් ජාතික ආරක්ෂක අංශයන් කෙරෙන් මර්දනකාරී බවට පාත්‍ර කෙරෙනු ඇත. වර්ණ භේද පංති භේද දුරස්ථ වෙයි. ජගත් ප්‍රජා තොමෝ සාමකාමී වෙත්වා. චිරං ජයතු

 

කොත්මලේ - විජිත ඩී. ලියනආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.