වෙසක් මහේ පුර සඳයි පූර්ණ චන්ද්‍රග්‍රහණයයි

මැයි 14, 2021

උත්තරායන ගී‍්‍රෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 12 භාග වෙසක් මහේ පුර පසළොස්වක තිථිය ලද මැයි 26 බුධ දින පස්වරු 04.50 ට (මධ්‍ය) වෘශ්චික රාශිය අනුර 03 පාදය මූලාශ්‍රව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් විද්‍යාමාන වෙන්නේ ය.

 

නැගෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි තුලා රාශිය උදාවෙමින් මිත්‍රශීලී ප්ලුටෝ ස්වක්ෂේත්‍රව 04 වැන්නේ ද බ්‍රහස්පති නැප්චූන් සමව 05 වැන්නේ ද සම යුරේනස් 07 වැන්නේ ද රවි සතුරුව රාහු උච්චව සිකුරු ස්වක්ෂේත්‍රව 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතවද බුධ ස්වක්ෂේත්‍රව අඟහරු සතුරුව 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද විශ්ව තාරකා මන්දා කිණිය වික්ෂිප්තව රාශි සටහනෙහි දෘෂ්‍යමාන වන්නේ ය.

පෘථිවියට උරුම චන්ද්‍රිකාව ලෙස සම්මතෙහි බල පවත්නා චන්ද්‍රයා ස්වකීය මව් ග්‍රහයා වටා ගමන් ගැනීමෙහි පෘථිවියෙහි සෙවණැල්ලට හෙවත් ඡායාවට පාත්‍රවීමෙන් චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්නේ ය.

පූර්ණ, අර්ධ, ඡායා යනුවෙන් චන්ද්‍ර ග්‍රහණ ත්‍රිවිධ ආකාර වෙයි. චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා එක එල්ලේ හෙවත් රේඛීය හෝ ඊට ආශි‍්‍රත පිහිටීමේ දී පෘථිවි සෙවණැල්ල පතිතවීම මත මෙකී චන්ද්‍රග්‍රහණ නිර්මාණයට හේතු සාධකයන් වෙයි. පෘථිවියෙහි ක්‍රියාත්මක බලය විද්‍යාමාන කිරීමෙහි චන්ද්‍රයා නොමැතිව සූර්ය රශ්මි කිරණ ක්‍රියාකාරීත්වයක් සිදු නොවනු ඇත. චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරළීම (භ්‍රමණය) මත සූර්යයා මඟින් මෙම මහා පෘථිවියට ඇති කරනු ලබන වායුගෝලය පිළිබඳව ශක්තිය එම බල ශක්තියෙන්ම වර්ධනය ප්‍රමාණවත් නොවෙයි. චන්ද්‍රයාගේ ආකර්ශණ බලය සාධකව සාගරයෙහි ජල ධාරිතාව වෙනසකට පාත්‍රවෙන්නෙකි. චන්ද්‍රයා වෙත ජල මට්ටම ඇඳී තිබීම වඩදිය ලෙසටද එසේ නොවූ ප්‍රදේශයන්හි ජල මට්ටමෙ බාදිය ලෙසටද සළකණු ඇත.

වෘක්ෂලතාවන්හි මල්ඵල ශක්තිය වර්ධනයද ගර්භණී මාතාවනගේ විළිරුදා උත්සන්නවීයාමද ග්‍රහණ ඵලයන් වෙයි. ඇතුන්ගේද කාමාතුරයනගේ මඳ කිපීම දැඩිවීම මෙන්ම මන්ද මානසික රශෝන්මාදය තිවෘත වී යාම මෙන්ම අයථා, අනියම් නොනිසි සබඳතා, ගිනියම්වී යාමක් ග්‍රහ මණ්ඩලීය විශ්ලේෂණයෙන් දෘෂ්‍යමාන කෙරෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා භූත කොටස් සමඟ අනු උපාදානරූප සුවිස්ස සමඟ අටවිසි රූප කලාපයන් කිපීයාම සාධකව වා, පිත්, සෙම්, දොස්, මනුෂ්‍යයා අතර කැළඹී යනු පෙනෙයි. සිත සිතිවිලි ආවේගයන් ආශි‍්‍රතව රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ ප්‍රතිවිපාක භුක්තිවිඳීමෙහි ප්‍රවණතාවය තීවෘත කෙරෙයි. ධනාත්මක මෙන්ම ගුණාත්මකව මනුෂ්‍යත්වය උද්දීපනයෙහි ලා විශ්ව ප්‍රජා තොමෝ අවබෝධ කර ගනිත්වා. චිරං ජයතු පෘථිවියෙහි සිට චන්ද්‍රයාට මධ්‍යදුර සැතපුම් 235000 කි. වැඩිම (උපරිම) දුරස්ථ බව සැතපුම් 282710 කි. අවම දුරස්ථබව 225463 කි. මෙම චන්ද්‍රයාගේ විෂ්කම්භය සැතපුම් 16 කි. චන්ද්‍රයා පෘථිවිය වටා වරක් කැර කැවීමට දින 27 පැය 07 විනාඩි 43 ක් ගත වෙයි. චන්ද්‍රයාගේ අක්ෂයද අංශක 05කින් ඇලව පිහිටා ඇති හෙයින් චන්ද්‍රයා ද පෘථිවිය වටා ගමන් කරළීමේ දී එකම තලයක නොපිහිටයි.

ඉලිප්සීය ගමන් මාර්ගයෙකි. උත්තරායනයෙහි මෙන්ම දක්ෂිණායනයෙහි දින 14 බැගින් ගමන් කරනු ඇත. පෘථිවියෙහි බර මෙන් අසූවෙන් කොටසක් වෙනු ලබන අතර පොළොවෙන් 50 න් කොටසක්වෙන අතර පොළොවෙන් 50 න් කොටසක් පරිමාව වෙයි. ගුරුත්වය පොළොවෙන් 1/6 කි.

චන්ද්‍රයාගෛ් දිළිසෙන කොටස අපහට දර්ශනය වෙනුයේ පසළොස්වක දිනදීය. පෘථිවියට සාපේක්ෂව චන්ද්‍රයා පිහිටනුයේ සූර්යයා විරුද්ධ පැතිකඩ බැවින් පෘථිවි ඡායාව අනුවයි. පෘථිවි ඡායාව චන්ද්‍රයාගෙන් ඈතට විහිදීයන බැවින් මෙවන් දිනක පෘථිවියත් චන්ද්‍රයාත් සමඟ එකට සරල රේඛාවෙහි වෙන පිහිටීමකට චන්ද්‍රයා පැමිණෙන හෙයින් සම්පූර්ණ ඡායාව (පෘථිවි) හෝ එයින් කොටසක් හෝ චන්ද්‍රයා මත වැටෙනු ඇත. පෘථිවි උප ඡායාව හරහා චන්ද්‍රයා ගමන් කරන විට තැඹිලි රතු පැහැයක් දක්වා දුර්වර්ණ වී යයි. ඉන්පසු චන්ද්‍රයා පාථිවි උප ඡායාව වෙතට පැමිණෙයි.

 

කොත්මලේ - විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.