ජුනි 27 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 27, 2023

ඉර උදාව - 05.58

ඉර බැසීම - ප.ව. 06.29

රාහු කාලය - ප.ව. 03.21 සිට ප.ව. 04.53

සුබ දිශාව - දකුණ

 

මේෂ

එතරම් යහපත් දිනයක් නොවනු ඇත. කටයුතුවල ප්‍රමාදවීම් ඇතිවේ. සිත් පීඩා ගෙන දෙන කරුණු යෙදෙන අතර ආහාර අරුචිය බඩේ අමාරු ශරීර ශක්තිය අඩුබවක් පෙන්නුම් කරයි.

වෘෂභ

ලෞකික සැප සම්පත් ලැබෙනු ඇත. ප්‍රේම සම්බන්ධතා, විවාහය ස්ථිරවීම් වැනි කටයුතුවලට යහපත් දිනයකි. හිතේ තරමක චංචල බවක් ඇති කරයි. අන් අය තමාගැන මෙන්ම තමාගේ කටයුතු ගැන වැඩිපුර සොයා බලයි.

මිථුන

සමාජයේ යම් පිළිගැනීමක් ඇති කරවනු ඇත. කටයුතුවල සාර්ථක බවක් ද අත්විඳීමට හැකිවේ. සිතට සතුට ගෙන දෙන අන්දමේ සිදුවීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. පපුවේ සෙම ගතියක් ද ඇතිවේ.

කටක

නිතර ගමන් බිමන් යෙදෙන දිනයකි. හිතවත් අයකුගේ දියුණුවක් ගැන අසා සතුටු වීමට ලැබෙනු ඇත. නිතර සිතේ සැකයකින් යුතුව කටයුතු කරයි. අමුත්තකු මුණ ගැසෙනු ඇත. අලුත මිතුරු සම්බන්ධතාවයක්ද ඇති කරයි.

සිංහ

පල ප්‍රයෝජනයක් නොමැති දෙයට වියදම් කරන දිනයකි. තමා කෙරෙහි අන් අය අතර පැවැති පිළිගැනීම ගෞරවය අඩුව යනු ඇත. මිල මුදල් පිළිබඳ හිතේ ගැටලුකාරී තත්ත්වයක්ද ඇති කරයි. දියුණුවට පැවති මාර්ගවලට බාධා ඇති වේ.

කන්‍යා

අතීතය ගැන නිතර සිතන දිනයකි. පී‍්‍රතිය සතුට ගෙන දෙන සුළු සුළු ගමන් ද ඇතිවේ. කලින් දිනවල පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට හැරෙන අතර යහපත් දෙයට සිත යොමු වේ. සැප පහසු අකාරයට කටයුතු කිරීමටද ලැබෙනු ඇත. ඔලුවේ අමාරු ඇස්වල අමාරු නිසා පීඩා ඇති කරයි.

තුලා

සිත්තැවුල්, කණගාටු ඇති කරන දිනයකි. නොතේරුම්කමින් හෝ නොදැනුවත්කමින් කරන කටයුත්තක් නිසා පාඩු අලාභ හානි විඳින්නට සිදුවේ. මිල මුදල් ගනුදෙනුවලදී පරිස්සම් විය යුතු ය. ශාරීරික ආබාධයකටද ඉඩ ඇත.

වෘශ්චික

අලුත් පිරිසක් දැන හඳුනා ගැනීමට ලැබෙනු ඇත. නැතහොත් ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන එනවා ඇත. සමාජ ආශ්‍රයට යොමුවන අතර සමාජයද තමාට පි‍්‍රය කරයි. ගෙදර දොර සැප පහසුව ඇති කරයි. මිල මුදල් ලැබීමට ද යහපත් දිනයකි.

ධනු

අන් අයගේ උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ. මිල මුදල් ලාභද ලැබෙනු ඇත. ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයක් ඇතිකරයි. රැකියා කටයුතුවල දියුණුවක් ද දක්නට ලැබෙනු ඇත.

මකර

කරදර සහිත දවසක් වනු ඇත. බලාපොරොත්තු කඩවේ. ගෙදර දොර අඩුපාඩු ඇතිවේ. ගෙදරින් පිටව සිටීමට පවා සිත දෙනු ඇත. උසස් අයගෙන් කරදර ඇති වන අතර ශරීරයට වෙහෙස ගතියක්ද ඇති කරයි.

කුම්භ

අවුල් වියවුල් සහිත දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවේ. නිශ්ඵල ගමන් මෙන්ම වියදම්ද ඇති කරයි. ශුභ වැඩට නොබැසිය යුතු දිනයකි. ආහාර නොදිරවීමේ ආබාධ සෙම් අමාරු ඇතිවනු ඇත.

මීන

සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. මිල මුදල් ලාභ හිමිකරයි. පී‍්‍රතිමත් ගමන් යෙදෙනු ඇත. මිතුරන් හා ආශ්‍රය ඇති කරන අතර විනෝදයට හිත ඇදී යයි. අන් අය අතර ගෞරවයට පාත්‍රවන දිනයකි.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.