වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අවසන් ගමනට අඟහරුවාදා – සිකුරාදා අසුබ ද?
නවීන විද්‍යාව හරහා ඉහළ තලයට පිවිස ඇති තාක්ෂණයේ දියුණුව විශ්වයේ එළිපත්තට පැමිණ ඇත. මෙකී සංකීර්ණ සමාජ රටා වියමනේදී නිසි අවබෝධයකින් යුතුව කතා කළ යුතුයි.
අප අනුගමනය කරනා ඇතැම් කරුණු මේ යුගයට නොගැළපේ නම් හෝ ප්‍රායෝගික නොවන්නේ නම් ඉන් ඇතිවන්නේ පසුපසට යාමකි. සතියේ දින එදිනෙදා වැදගත් වේ. දරුවෙකු දොරට වැඩීම, හිසකෙස් කැපීම, බත් කැවීම, අකුරු කියැවීම, රැකියා ඇරඹීම හෝ ව්‍යාපාර ඇරඹීම විවාහය ආදී ජීවිතයේ අතිශයින්ම භෛෟතිකමය වැදගත් කරුණු ඇරඹීමේදී සුබ දින හා නැකත් අනුගමනය කිරීම එක්තරා චාරිත්‍රමය වැදගත් කාර්යකි. අද අපි කතා බස් කිරීමට හුදෙක්ම අදහස් කරනුයේ අඟහරුවාදා, සිකුරාදා යන දින දෙක පිළිබඳවයි. මේ දින දෙක තුළම මළසිරුරක් භූමදාන කටයුතු හා ආදාහන කටයුතුවලදී පවා ඉවත්වන තැනට සමාජගත වී තිබේ.
මෙවැන්නක් කිරීම දෝෂ සහිත බැව් ද පැවසේ. ඡ්‍යොතිෂ විද්‍යාව අනුව කොතෙක්දුරට මෙහි සත්‍යයක් තිබේද යන්න ගැටලුවකි. කෙනෙකු මිය ගිය විට අදාළ ග්‍රහචාරය අනුව පංචාංගයන් තෝරාගෙන කරුණු ගැන සලකා බලා දේහය පිටතට ගැනීමට සුදුසු වේලාවක් යොදාගනු ලැබේ. මෙය එක්තරා සිරිතක් බවට පත්වී තිබේ. කිසියම් ශාස්ත්‍රීය පදනමක් තිබෙන ආකාරය පැහැදිලිය. එහෙත් අඟහරුවාදා , සිකුරාදා අවමඟුල් කටයුතු යොදාගැනීම ඇති අසුබ තත්වය කුමක්ද යන්න ගැටලුවකි.
මේ දින දෙකෙහිම අවසන් කටයුතු කිරීමෙන් මිය ගිය ප්‍රාණකරුගේ නෑයින්ට හෝ පදිංචි ඉඩමට නිවසට විපත් කරදර ගෙන දේ යැයි සිතීම එක්තරා මුළාවකි. බමුණන් ගංගානම් ගඟේ නෑම පිළිබඳව මේ දින දෙක තහනම් කර තිබේද යන්න එක්තරා ගැටලුවකි. අඟහරුවාදා සහ සිකුරාදා අවමඟුල් කරන ලද ස්ථානවලට කිසිඳු කරදර හිරිහැර කායික මානසික පීඩා නොමැති බැව් අප අතර දැක ඇත්තෙමු.
ගොවිතැන්වලට මැණික් ගැරීමට පතල් බැසීමට අඟහරුවාදා යොදාගන්නා බවත් විශේෂයෙන්ම මැණික් ව්‍යාපාරිකයන් අඟහරුවාදා ඉතාම සුබ දිනයක් ලෙසද සලකන බැව්ද පැහැදිලිය. මේ අනුව බලන විට මේ දින දෙකම සුදුසු නොවන්නේ කුමන ශාස්ත්‍රීය පදනමක් මත දැයි විමසා බැලීම බුද්ධිමතුන්ගේ යුතුකමකි. මරණයකදී තුන්දවස හතරදවස වෙනුවෙන් දානමාන පිරිනැමීම පවා නොකරන අය සිටිති. ඇතැම් අය හත්වන දවසේ දානමාන පින්කම්වලටද මේ දින දෙක යොදා නොගනී. මෙය එක්තරා මිථ්‍යා මතයක් නොවේද? කාර්ය බහුල එමෙන්ම අවිවේකී තත්වයක් තුළ දෝලනය වන අපේ ජන ජීවිතය පිළිණු වන තැනට පත්කර ගැනීම වැදගත් නොවේ. සෑම මිනිත්තුවක්ම වැදගත්ය. එය අත්හැර දැමිය නොහැකිය. කාලයෙන් ප්‍රයෝජන ගැනීම අගනේය. කලෝචිතය.
මේ ලිපිය කියන ඔබද මේ ගැන විමර්ශනයක යෙදිය හැකි නම් එය සමාජීය වශයෙන් මෙන්ම ඡ්‍යොතිෂ පැත්තෙන්ද වැදගත් වනු නිසැකයි. අප අතර පවත්නා මෙවන් දුර්මත එලෙසින්ම ක්‍රියාත්මක කරනවාද යන්න දෙවරක් සිතිය යුතුයි. අපේ ඉදිරි ගමනය මහත් බාධාවක් බව මෙහිලා විශේෂයෙන්ම සනිටුහන් කර සිටිමු.
ඡ්‍යොතිෂවේදී (දේශබන්ධු)
ටී.හෙන්රි
බෙම්මුල්ල