සෙනසුරුට නිවැරදි මැණික් පළඳිමු

ජුනි 21, 2019

මෙම නිල් මැණික් නිවැරැදිව පැළැඳීම තුළින් අපට සෙනසුරු අපලය පමණක් නොව බොහෝ ජයග්‍රහණ, ධන වාසනා, තම බලය වැඩිකර ගැනීම්, ව්‍යාපරිකයන්ගෙ ව්‍යාපාර දියුණුව ලබාගත හැකි බව කළ පුරුද්ද හා පළපුරුද්ද මත අපට කිව හැකිය.

නම ඇසූ පමණින් බියවන හොඳට නරකට දෙකට අපට ළංවෙන සෙනසුරු අපලයට පිළියම් කිරීමට කෝකටත් තෛලය වූ නිල් මැණික් හා කාක නිල පිළිබඳ යම් දැනුවත් කිරීමක් සිදුකිරීම පසුගිය ලිපි පෙළින් මෙන්ම මෙම ලිපියෙන්ද යුතුකමක් ලෙස සිතමි. නිල් මැණික් (ඕතභඥ ඉඥනනඩඪපඥ) මෙය කුරුවින්ද පවුලට අයත් දෘඪතාවය 9 ක් ලෙස ගණන් ගන්නා ලොව බලවත්ම මාණික්‍යයයි. මෙය දැඩි බවින් දියමන්ති වලට පමණක් දෙවැනි වේ.

එහි නිල් වර්ණය සැදෙන්නෙ ටයිටේනියම් (ඊඪබචදඪභථ) සහ යකඩ (ධ්පධද) වල සංඝටක අඩු වැඩි ප්‍රමාණය අනුවය. නිල් මැණික් තෝරා ගැනීමේදී පළුඳු නැති නිල් මැණික් තෝරා ගැනීම සිදුකළ යුතු වේ. අප දැක ඇති බොහෝ සේවාදායකයන් අප වෙත තමන් පැළඳි අපල මුදු පෙන්වීමේදී නිතර දැකිය හැකි ලක්ෂණයක් වන්නෙ මෙම මැණික් ගල තුළ කළු ලප තිබීම (ඕතචජඬ ඉනධපබ) ඔබේ ජීවිතයද කළු පැල්ලම් වලින් අභාග්‍ය සම්පන්න වීම දැකිය හැක.

එලෙසම කූට ව්‍යාපාරිකයන් හා මැණික් පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නැති අයවලුන් එකතුව මෙම මැණික් පළඳු නොමැති ලෙස විදුරු පිරවීම් නැතහොත් වර්ණ ගැන්වීම් තුළින් නිල් මැණික් බිහිකර ඉතා අධික මිල ගණන්වලට බොහෝ දෙනාට විකුණා ඇති බව අප වෙත පැමිණෙන සේවාදායකයන්ගෙ පැලඳි මුදු වර්ග පරික්ෂා කිරීමේදී අපට පැහැදිලි විය. මෙය හරියට හිඟන්නාගේ පාත්තරයට හෙනහුරු වැටීම හා සමානය.

අපල අයින්කර ගන්නට ගොස් අලුත් අපලයක් දමා ගන්නා බොහෝ ලාංකිකයන් අවසානයේ අපහාස උපහාස කරන්නෙ මේ උතුම් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට හා යහපත් ඡ්‍යොතිෂවේදීන්ටය. (මෙය මාධ්‍ය සංදර්ශන කාරයන්ට අයිති නැත) තවද විශේෂයෙන් නිල් මැණික් පැළඳ ගැනීමේදි අඩු තරමින් කැරට් 1 වඩා වැඩි මැණික් පැළැඳ ගැනීම තුළින් ඉතා යහපත් ප්‍රතිඵල ලැබිය හැකි බව අප විශ්වාස කරමු.සැෆයාර් කියන අධික විශ්ව ශක්තියක් ඇති මෙම නිල් මැණික් නිවැරැදිව පැළැඳීම තුළින් අපට සෙනසුරු අපලය පමණක් නොව බොහෝ ජයග්‍රහණ, ධන වාසනා, තම බලය වැඩිකර ගැනීම්, ව්‍යාපරිකයන්ගෙ ව්‍යාපාර දියුණුව මෙන්ම අද වන විට බොහෝ කාන්තාවන්ට ගැටලුවක් වී ඇති දරුපල අඩුවීම, මදසරුබව,ආදියටත් යහපත් දරු ගැබක් හට ගැනීමටත් නිවැරදිව නිල් මැණික් භාවිත කිරීමෙන් හැකි බව කළ පුරුද්ද හා පළපුරුද්ද මත අපට කිව හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී

රත්න ශ්‍රී සෙනරත්

හොරණ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.