වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නැප්චූන් ආපසු ගමනේ බලාපොරොත්තු නොවූ ක්ෂණික විපත්
තමාට සම රාශි භවනක් වූ සෙනසුරුට අයත් කුම්භ රාශියෙහි බ්රහස්පතිට අයත් පුවපුටුප නැකතේ දෙවන පාදයෙහි ගමන් කරමින් සිටින නැප්චූන් තම සුපුුරුදු ගමන් රටාවෙන් මිදී 2019 ජූනි මස 21 වන කිවි දින ආපසු ගමනින් ගමන් කරනු ඇත. නැප්චූන් ආපසු ගමනින් 2019 නොවැම්බර් මස 27 වන බුධ දින දක්වාම ගමන් කරනු ඇත.
මෙම කාල වකවානුව අප රටට මෙන්ම ලෝකයේ බොහෝ රටවලට බලාපොරොත්තු නොවූ ක්ෂණික කරදර සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන කාලයක් වෙයි.
විශේෂයෙන් අප රට තුළ මහජනයාගේ හැසිරීම් රටාවේ වෙනස් වීමක් ද නිතර ආවේගශීලීව කටයුතු කිරීම් ද රහසිගත කුමන්ත්රණ ක්රියාවන් සිදුකිරීම් ද විවිධ ප්රාර්ශව සමග ගැටුම් ඇති කර ගැනීම්ද මහජන කැලබීම් ද සිදු විය හැකි කාලයක් ද වන බැවින් මහජනයා බුද්ධිමත්ව ආගමට දහමට ලැදිව කටයුතු කළ යුතු කාලයක් වනු ඇත.
විශේෂයෙන් මහජනයා රැස්වන ස්ථාන ආශි්රතවත් පොදු ප්රවාහන සේවා ආශි්රතවත් හදිසි බලාපොරොත්තු නොවූ ක්ෂණික විපත් ඇතිවන කාලයක් බැවින් ඒ ආශි්රතව කටයුතු කිරීම්වලදී කල්පනාකාරී වන්න. රටතුළ දික්කසාදවීම් වැඩිවන කාලයක් වන අතර තම කාලත්රයට දරුණු ලෙස පහරදීම් ඝාතනය කිරීමේ සිදුවීම් ද වාර්තා වනු ඇත. විවිධ හේතුමත සියදිවි නසා ගැනීමේ සිදුවීම් ද වාර්තා වන කාලයක් වේ.
ඡ්යොතිෂවේදී
රේණුක වික්රමසිංහ