ජුනි 06 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 5, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.53 
ඉර බැසීම - ප.ව. 06.23 
 
රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 4.49 දක්වා 
 
ශුභ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
සතුරු කරදර පැවතියේ නම් ඒවා තුරන්ව යන දිනයකි. සිතට සහනයක් සතුටක් ගෙන දෙන කරුණු කීපයක් ඇතිවේ. හිතවතකුගේ අසනීප තත්ත්වයක් ගැන හෝ කරදරයක් ගැන කතා කිරීමටද ලැබෙන දිනයකි. 
 
වෘෂභ
බාහිර කරදර නිසා හිතට සහනයක් නොමැති දිනයකි. කරගෙන යන කටයුතුවලට පවා බාධා මතු කරයි. පෙර කළ වරදකට දඬුවම් ලැබීමට වුවත් ඉඩ ඇත. බඩේ අමාරු අජීර්ණගති නිසා පීඩාගෙන දෙන සතියකි. 
 
මිථුන 
ගෙදර දොර සැප පහසුව අඩුව යයි. අන් අය සමඟ අවුල් වියවුල් මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු වනු ඇත. අධික වියදමක් දැරීමට හෝ මිල මුදල් හානියකට ද ඉඩ ඇති දිනයකි. 
 
කටක 
තම වැඩකටයුතුවලට හෝ කතාබස් නිසා හෝ සතුරන් ඇතිවිය හැකියි. ධෛර්යවන්තව කටයුතු කිරීමට ද පෙලඹෙන බවක් පෙන්වයි. හිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන අතර ඉදිරිය ගැන සිතන දවසකි. 
 
සිංහ 
අන් අය අතර තමා කෙරෙහි පැවැති ගෞරවය අඩුව යන දිනයකි. තම හොඳ නමට කැළැල් ඇති වන සිදුවීම් ඇතිවීමටද කරුණු යෙදේ. කථාව නිසා අන් අයගේ හිත් අසන්තෝෂ වන දිනයකි. සුළුවෙන් හෝ ආබාධයක් ඇතිවන දිනයකි. 
 
කන්‍යා 
කාටත් ආදරය කරුණාව දක්වන බවක් පෙන්වයි. ගෙදර දොර සැප පහසුව ඇතිවන අතර සුළු සුළු ලාභද ලැබෙන්නට පුළුවන. නැතිනම් ලාභ ලැබෙන මාර්ග ගැන සිතා කටයුතු කිරීමට පෙලඹෙනු ඇත. පෞද්ගලික කටයුතු කෙරෙහි හිත යොමුවන අතර සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව නිදහස්ව වාසය කිරීමට බලයි. 
 
තුලා 
නොතේරුම්කමින් හෝ නොදැනුවත්කමින් පාඩුවක් අලාභ හානියක් සිදුවිය හැකියි. කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයකි. කේළාම් ඕපාදූප කතා ඇසීමට සිදුවන අතර හදිසි තුවාල අනතුරු වැනි දෙයින් සුළුවෙන් හෝ පීඩාවක් ඇතිවීමට ද ඉඩ තිබේ. 
 
වෘශ්චික 
දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් ආකාරයෙන් ලාභ හිමි කරයි. කරන කියන කටයුතුවලින් පී‍්‍රතියක් ඇතිවන අතර මුදල් ලාභද ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට යොමුවන දිනයක් වන අතර වාසනාවන්ත දවසක් වෙයි. 
 
ධනු 
බලාපොරොත්තු ඉටුවන අතර එයින් දියුණුවට මාර්ගයක් ද සැලසෙනු ඇත. මිල මුදල් ලාභ මෙන්ම අන් අයගෙන් උදව් උපකාරද හිමි කරයි. තම තත්ත්වය උසස් කර ගැනීමට ද කටයුතු කිරීමට සැලසුම් දියත් කිරීමට පවා සිත් දෙන දිනයකි. 
 
මකර 
අනුන්ගේ තැන්වල වාසය කිරීමට සිදුවන දිනයකි. මුදල් අතින් අඟහිඟකම් ඇති කරයි. ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. දුර ගමනක් ගැනද සිතනු ඇත. හෘදයේ අමාරු මෙන්ම ශරීරයේ දුර්වල ගතියක්ද ඇතිවේ. 
 
කුම්භ 
සිතේ චංචල බවක් මෙන්ම නොසන්සුන් බවක්ද ඇති කරයි. නිශ්ඵල ගමන්, අධික වියදම් ඇති කරයි. සිතට සැක ඇතිව සෑම දෙයක්ම කිරීමට සිදුවන අතර සුබ වැඩට නොබැසිය යුතු දිනයකි. 
 
මීන 
තරග වාද විවාදවලට පි‍්‍රයකරන දිනයකි. තම ගෞරවය වැඩිවන අන්දමේ කටයුතු සිදුකරයි. දියුණුවට කටයුතු යෙදේ. ප්‍රේම සම්බන්ධතාවන්ට පවා සිත යොමු වීමට හෝ එවැනි කටයුතු නිසා  හෝ විවාහය නිසා සිතට යම් සිත් තැවුලක් ඇතිවීමට ද ඉඩ ඇති දිනයකි. 
 
ජ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.