ලග්න හතරක් රජ කරවමින් සෙනසුරු අධිවේගී ගමනක

ඔක්තෝබර් 18, 2024

මේෂ, වෘෂභ, තුලා, කුම්භ යන ලග්න හිමියන්ට අතිශය සුබවාදී ප්‍රතිපල ලබා දෙමින් වප් පසළොස්වක පෝදා එනම් ඔක්තෝබර් 17 වැනිදා සිට සෙනසුරු වේගවත් ගමනක යෙදෙයි.

මෙය සිදු වන්නේ ඔක්තෝබර් මාසයේ රවි, සිකුරු, බුධ ග්‍රහන්ගේ සංක්‍රමණ මෙන්ම ඔක්තෝබර් 20 වැනිදා සිදුවන කුජ මාරුව ද ඇතිවන කාල පරිච්ඡේදයේදීය. මේ සෙනසුරුගේ වේගවත් ගමන නිසා ඉහත ලග්න හතර හිමියන්ට රජ මැතිවරුන් මෙන් වැජඹීමට හැකි ධන සම්පත්, බලය, ජනාකර්ෂණය ආදි සියලු සුබවාදී ලාභයන් හිමිවන අතර සිංහ, වෘශ්චික, ධනු, මකර, මීන ලග්න හිමියන්ට මධ්‍යස්ථ පල උදා කරයි. එහෙත් මේ ග්‍රහ ගමන නිසා මිථුන, කටක, කන්‍යා ලග්න හිමියන්ට යම් බාධක ස්වරූපයක් පෙන්වන බැවින් ඔවුන් සමන් සතුව ඇති සම්පත් රැක ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.

සෙනසුරු ග්‍රහයා කුම්භ ලග්නයේ වක්‍ර වීම ඇරැඹුණේ පසුගිය ජූනි මස 03 වැනිදාය. එතැන් සිට දින 139ක් එනම් එළැඹෙන නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඒ වක්‍ර සෙනසුරුගේ බලපෑම සියලු ලග්න හිමියන් වෙත පැවතීම ඡ්‍යොතිෂ නියමයයි.

එහෙත් ඔක්තෝබර් 17 වැනිදාට යෙදුණු පුර පසළොස්වක දිනයේ සිට තම වක්‍ර ස්වභාවය වේගවත්ව නිමා කිරීමේ ප්‍රවේගකාරී ගමනක යෙදෙන සෙනසුරුගේ බලපෑම පවතින තත්ත්වයන් සාපේක්ෂව වෙනස් වීමකට ලක් කිරීමට හේතු වෙයි. රවි ග්‍රහයා තුලාවේ සිටියදී සිදුවන වේගවත් සෙනසුරුගේ ගමන ලෝකායතන ඡ්‍යොතිෂය අනුව ලෝක යුද්ධ තත්ත්වයන් පාලනයට, සාකච්ඡා මාර්ගයට ප්‍රතිවාදීන් එකඟ කිරීමට හේතු සාධක සපයයි. ඔක්තෝබර් 09 වැනිදා සිදු වූ ගුරු ග්‍රහයාගේ වක්‍රය ද මෙයට සහාය සපයමින් අර්බුදකාරී තත්ත්වයන් සංයමයකින් යුතුව විසඳා ගැනීමටත්, විනයානුකූලව, කලබල ගතිය පාලනය, සාමය හා සෞම්‍යභාවය ඉස්මතු වෙමින්, ලෝක අර්බුදවල යම් සමහන්බවක් ඇති කිරීමට හේතු සපයයි.

මේ සියලු ග්‍රහ ගෝචරයන්ගේ බලපෑම කුම්භ ලග්න ලංකා කේන්දරය මෙන්ම සිංහ ලග්න ජනරජ කේන්දරය අනුව සැලකූ කල මෙරට දේශපාලනයේද යම් සංයමයක්, ඉවසිලිවන්ත බවක් මෙන්ම පරීක්ෂාකාරී ස්වභායක් ඇති කරනු ඇත.

මෙහිදී තවත් වැදගත් කරුණක් වනුයේ 2023 වසරේ ජනවාරි 17 වැනිදා කුම්භ ලග්නයට සෙනසුරුගේ පැමිණීමට පෙර, විධායක මට්ටමේ තනතුරු හෙබවූවන් හට තම ජීවන ක්‍රමයේ විශාල වෙනස්කම් රැසකට මුහුණපෑමට සිදු වීමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.