වර්ෂ 2024 ක්වූ October 18 වැනිදා Friday
මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
මැයි 24, 2023
ඉර උදාව - 05.53
ඉර බැසීම - 06.21
රාහු කාලය - දවල් 01.40 - 03.14
අලුයම 01.33 - 03.00
සුබ දිශාව - උතුර
මේෂ ලග්නය
ශාරීරික අපහසුකම් මඟහැරී යයි. එමෙන්ම වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ. සහෝදරයකුගෙන් උපකාරයක් හිමිවන අතර ගනුදෙනුවාසියක් ද අත් කරයි.
වෘෂභ ලග්නය
හදිසි තීරණයකින් තමාට වාසි කීපයක් අත් කරයි. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා දිනයකි. පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. ආගමික සැලසුමකට කටයුතු යෙදේ.
මිථුන ලග්නය
ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර අලංකාරය වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන බවක් පෙන්වයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇත. ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ගැටලුවකට මැදිවේ.
කටක ලග්නය
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පාඩු කීපයක් විඳීමට සිදුවේ. පෙම්සබඳතාවයකට බාධා ගෙනදෙන බවක් පෙන්වයි. හදිසි අජීර්ණ තත්ත්වයක් ඇති විය හැකි බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.
සිංහ ලග්නය
පි‍්‍රය මනාප ගතිපැවැතුම් ඇති කරයි. හිතවතකු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවක් පෙනේ. ඇවිදිලි වැඩි කරන දිනයක් වන අතර, හදිසි වැටීම් හෝ සීරීමක් වැනි දෙයකින් අනතුරක් සිදුවිය හැකියි.
කන්‍යා ලග්නය
රැකී රක්ෂා වෙළ හෙළඳාම් කටයුතුවල නියුතු වූවන්ට යහපත් කාලයකි. නිතර අමතර කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙන්නුම් කරයි. හදිසියේ හට ගන්නා උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී.
තුලා ලග්නය
වරින් වර උදාසීන ගති ඇති කරන දිනයකි. ගේ දොර කටයුතුවල අපිළිවෙළක් ඇති කරයි. ආගමික කටයුතු කෙරෙහි විශේෂ ළැදිකමක් දක්වයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.
වෘශ්චික ලග්නය
අවිවේකී ලෙස උදාවන දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. කලකින් නුදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදාකරයි. ලාභගෙන දෙන මාර්ග කීපයක් උදාකරන දිනයකි.
ධනු ලග්නය
සැනසිලිදායක ලෙස දවස උදාකරයි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන අතර, ආගමික සිද්ධස්ථානවලට යාමටද අවස්ථාව උදාකරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි.
මකර ලග්නය
අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරයි. නිතර ගේ දොර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. විවාහය සම්බන්ධ හිතුවක්කාර තීරණයක් ගැනීමට ගන්නා අතර, ඉවසිලිවන්ත භාවය අඩුවන දිනයකි.
කුම්භ ලග්නය
සැනසිලිදායක බව අඩුකරන අතර රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුදායක බවක් ඇති කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.
මීන ලග්නය
අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන බවක් පෙන්නුම් කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට හේතු ඇති කරයි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. දේපළ ගැටලුවකටද හේතු ඇති කරයි.
ජ්‍යොතිර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00