මැයි මස 10 වැනි බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 9, 2023

ඉර උදාව පෙරවරු 05.55
ඉර බැසීම පස්වරු 06.19

රාහු කාලය – පස්වරු 12.11 සිට 01.40 දක්වා

මේෂ
සිත් තැවුල් ගෙනෙන කණගාටුදායක දිනයක් වන අතර, උසස් අයගෙන් හෝ වැඩිහිටි අයගෙන් කරදර ඇති විය හැකිය. සිතට අමුතු අදහස් පහළ වන දිනයකි. තම ගෞරවය, නම්බුව නැතිවීමට කරුණු යෙදෙන අතර, අන් අයගේ තැන්වල වාසය කිරීමට ද සිදුවනු ඇත. පූජ්‍ය පක්ෂයේ අය හා කටයුතු කිරීමට හැකිවන කාලයකි. අද දින ඔබට සිවුරු, අට පිරිකර හෝ කහපාට වස්ත්‍ර පූජා කිරීමෙන් දවස ගතකර ගැනීමට හැකි වෙයි.

වෘෂභ
නිෂ්ඵල ගමන් බිමන්වල නිරත වීමට මෙන්ම අධික වියදම් යන කටයුතු ද ඇතිවන අතර, කරගෙන යන කටයුතුවලට බාධා හා අවහිරතා ඇතිවේ. සුබ වැඩට බැසීමට අසුබ දිනයක් වන අතර, ආහාර නොදිරවීමේ රෝග, සර්ප පීඩා ආදිය මෙන්ම තුනටියේ කැක්කුම් ඇති විය හැකි දිනයකි.

මිථුන
වෙනදාට වඩා හොඳට සැපට නිදා ගැනීමට හැකිවන දිනයක් වන අතර, පී‍්‍රතිමත් ගමන් බිමන් ගරු සැලකිලි ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදී යන දිනයකි. රාගාධික ගතිද ඇති කරවනු ඇත.

කටක
මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවන අතර, සතුරු කරදර පැවතියේ නම් ඒවා බිඳ වැටෙනු ඇත. තම අදහස් කෙසේ හෝ ක්‍රියාත්මක කර ගැනීමට හැකිවන දිනයකි. ඥාතියකු හා කරන කටයුත්තක් නිසි අයුරින් ඉටු කර ගැනීමට අපහසු වීම මත දෝෂාරෝපණයට ද මුහුණ දීමට සිදු වෙයි.

සිංහ
සිතේ පී‍්‍රතිය අඩුව යන අතර, බලාපොරොත්තු කඩව යන කාලයකි. ආදර බන්ධනවලින් සිත්තැවුල් ඇති කරයි. බාහිර කරදරවලට මුහුණ දීමට සිදුවෙයි. මුත්‍රා අමාරු, අජීර්ණ රෝග ඇති විය හැකි අතර, විවාහය නිසා හෝ ආදර සම්බන්ධකම් නිසා ඇතිවන බලාපොරොත්තු සුන්වීමෙන් සිත්තැවුල් ඇති කරයි.

කන්‍යා
අන් අය ගැන සැකයෙන් කටයුතු කරන කාලයකි. මිල මුදල් හානියක් හෝ අධික වියදමක් ඇතිවේ. ඥාති මිත්‍රාදීන් සමඟ අවුල් ඇති විය හැකි බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කරන්න.

තුලා
කතා බහ නිසා සතුරන් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ප්‍රවේශම් විය යුතු අතර, දියුණුව පිළිබඳ කතාවක් හෝ අදහසක් ඇති විය හැකියි. තමා ගැන වර්ණනාවන් අන් අයකුගෙන් ඇසීමට සිදුවන අතර, ශරීර සනීපයට ද යහපත් දිනයකි.

වෘශ්චික
වියදම් වැඩි දිනයක් වන අතර, වැඩ ප්‍රමාද කරයි. උත්සාහයෙන් කටයුතු කළ යුතුයි. තම තත්ත්වයට නොගැළපෙන කතා ඇසීමට ද සිදුවනු ඇත. තමා සතු යම් දෙයක් කැඩී බිඳී යාමට හෝ නැතිවීමට ඉඩ ඇති කාලයකි.

ධනු
මිහිරි ආහාරපාන ලැබෙන දිනයක් වන අතර, කෑමක් බීමක් පිළිබඳ අමුත්තක් සිදුවනු ඇත. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යන අතර, සෙම් රෝග නිසා පීඩා ගෙන දෙන කාලයකි. ආදර, කරුණාව හිමි කරයි.

මකර
නොතේරුම්කමින් වැරදීමකින් හෝ පාඩුවක් සිදුවිය හැකියි. කල්පනාකාරීව ක්‍රියාකළ යුතු දිනයකි. ගණුදෙනු කිරීමේදී නොයෙක් වැරදීම් මුළාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතුයි. කැපුම්, කෙටුම්, වැටීම් ආදියෙන් සුළුවෙන් හෝ තුවාල අනතුරු ඇති විය හැකි දිනයකි.

කුම්භ
වාසනාවන්ත දවසක් වන අතර, කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතියද සැනසීමද ලැබෙයි. ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන එන දවසක් වන අතර, මුදල් ලැබීමටද යහපත් වේ. ලොතරැයි වාසනාව උරගා බැලීමට යහපත් දිනයකි.

මීන
යහපත් වන දවසක් වන අතර, රැකීරක්ෂා කටයුතුවලට යහපත් වේ. අන් අයගෙන් උදව්, උපකාර ලැබෙන දිනයකි. සුළු සුළු වස්තු ලාභ ද හිමි කරයි. බර වැඩ කිරීමට සිත් දෙන අතර, කම්මැළි ගති නැතිවෙයි. නමුත් ශරීරයට අධික වෙහෙසක් දැනෙන සතියකි.

ඡ්‍යෝතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.