ජුනි 28 බදාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 27, 2023
  
ඉර උදාව - 05.58 
ඉර බැසීම - 6.29 
 
රාහු කාලය - දහවල් 12.13 - 01.47 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
සැනසිලිදායක ලෙස දවස ආරම්භ වෙයි. වෙනදාට ලැබීම් අතින් ද යහපත් බවක් පෙන්නුම් කරයි. එහෙත් හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ. 
 
වෘෂභ 
පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකද සැලසුමක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. 
 
මිථුන 
අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි. විදෙස්ගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන දිනයක් බව පෙනේ. දුර ගමනක් වෙනුවෙන් අමතර කාලයක් මෙන්ම වියදමක්ද දැරීමට සිදුවේ. 
 
කටක 
ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවන දිනයකි. රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර දුරදිග බලා කටයුතු කරන්න. අමතර ලාභ හිමිකරන මාර්ගයකට වෙහෙසෙයි. 
 
සිංහ 
ගේ දොර අලංකාරය මෙන්ම තම අලංකාරය වෙනුවෙන්ද කාලය ශ්‍රමය කැප කරන දිනයකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි කීපයක් සැලසෙන දිනයකි. 
 
කන්‍යා 
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. නිතර ඇතිවන කොන්දේ අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්වේ. 
 
තුලා 
අමතර ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙන දිනයකි. වෙනදාට වඩා ඇවවිදිලි වැඩිකරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. පවුලේ වැඩිහිටියකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට හේතු යෙදේ. 
 
වෘශ්චික 
ගේ දොර අඩුපාඩුකම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවීමට ද ඉඩ ඇත. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර සම්බන්ධවීමට සිදුවන දිනයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් පැතීමට සිදුවෙයි. 
 
ධනු 
සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩිපුර සම්බන්ධවන දිනයකි. පවුලේ අය අතර හොඳ හිත දිනා ගැනීමට හේතු ඇති කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. පැවැති ගැටලු කීපයකින් තරමක් දුරට නිදහස් වීමට අවස්ථාව උදාකරයි. 
 
මකර 
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර ගේ දොර කටයුතුවලින් ඈත් වී සිටීමට හේතු යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
කුම්භ 
සිතේ සතුට ඇතිවන කරුණු කීපයක් යෙදෙන දිනයකි. එහෙත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට වෙහෙසීම් වැඩිකරයි. ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා නැඹුරුවන අතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. 
 
මීන 
ගතට සිතට වෙහෙසීම් වැඩිකරන දිනයකි. මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී කල්පනාකාරී වීම වැදගත් වේ. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.
 
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.