වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ජුනි 19 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 18, 2023
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.54
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
කේළාම් බස් ඇසීමට සිදුවීම නිසා සිතට දුක් සහිත බවක් ඇතිවේ. ආදායම් තත්ත්වයෙහි චංචල බවක් පෙන්නුම් කරයි. අලුත් ඇඳුම් පැළඳුම් ලැබීමට හෝ වෙනත් අයකුගේ ඇඳුම් පැළඳුම් ගැන කතාවක් ඇතිවේ. ශරීර සනීපයට යහපත්ය.
වෘෂභ
කරගෙන ආ කටයුතුවලට විවිධ බාධා ප්‍රමාදවීම් ගෙන දෙන අතර උත්සාහවන්තව වැඩකළයුතු දිනයකි. කෑම බීම පවා ප්‍රමාදවේ. කරන්නට තිබෙන යම් යම් වැඩවලට වුවමනා කරන මුදල් සෙවීමට මහන්සි ගන්නා නමුත් එය සඵල නොවේ.
මිථුන
හොඳ දෙයට සිත යොමුවන අතර අන් අයට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීමට හෝ අන් අය තමාට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරන දිනයකි. ගෙදර දොර අලුත්වැඩියාවක් ගැනද සිත යොමු කරයි.
කටක
අන් අය හා ඇසුරේ දී මෙන්ම ගනුදෙනු කිරීමේ දී ද නොයෙක් වැරදීම් රැවටිල්වලට අසුවීම් වැනි දෙයට ලක්වනු ඇත. පාඩු අලාභ හානි මිල මුදල් නැතිවීම්ද සිදු කරයි. තමා අතින්ම යම් කිසි පාඩුවක් සිදුවන දිනයකි.
සිංහ
ලාභ ප්‍රයෝජන වැඩි දිනයක් වන අතර සම වයසේ අය සමඟ විනෝද වන්නටද අවස්ථාව සැලසේ. සමාජ ආශ්‍රයට යොමුවන දවසකි. සමාජයද තමාට පි‍්‍රය කරයි.
කන්‍යා
අන් අයගෙන් උපකාර ලැබෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් ද සැනසීමක් ලැබෙනවා ඇත. සුළු සුළු ලාභද හිමි කරයි. අන්සතු දෙයකට පවා හිමිකම් ගෙන දෙන දිනයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීමද යහපත් වේ.
තුලා
මුදල් අතින් අග හිඟකම් ඇතිවන අතර සතුරු භය ඇතිවන දිනයකි. දරුවන් ඇත්නම් ඔවුන් නිසා සිත්තැවුල් ඇතිවේ. ගෙදර දොර කටයුතු හරිහැටි තේරුම්ගෙන කටයුතු නොකිරීම නිසාද කරදර ඇති කරයි.
වෘශ්චික
නියම වේලාවට වැඩකටයුතු කර ගැනීමට අපහසු දිනයකි. හිතේ නොසන්සුන් බවක් ඇතිවේ. ජලය සම්බන්ධ කටයුතුවලින් කරදර විපත් ඇතිවන බැවින් පරිස්සම් වන්න.
ධනු
සැප පහසුවට සිටීමට කටයුතු සැලසෙනු ඇත. මිල මුදල් ලැබීමටද යහපත් වේ. මෙතෙක් විවාහ කටයුතු ප්‍රමාදවී නම් ඒවා ඉටුකර ගැනීමට හැකි වාතාවරණයක්ද ඇතිවේ. දුර ගමනක් හෝ නිතර ළඟ පාතකට යාමට සිදුවනු ඇත.
මකර
බලාපොරොත්තු වූ දෙයක් ඉටුවීම මත සිතට සතුටක් ලැබෙන දිනයකි. මහන්සියෙන් යුතුව කටයුතු කිරීමටද සිදුවේ. නැතිනම් පහත් අයකුගෙන් හෝ සේවකයකුගෙන් වැඩක් ගැනීමට සිදුවනු ඇත.
කුම්භ
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති දිනයක් වන අතර, බලාපොරොත්තු කඩවනු ඇත. ප්‍රේම සම්බන්ධතා නිසාද සිත්තැවුල් ඇති කරයි. කරගෙන යන කටයුතුවලට පවා බාධා කරදර ඇතිවේ.
මීන
හිතවත් අයකුගේ ආදර සංග්‍රහයක් හෝ ත්‍යාගයක් ලැබීමට හැකි දිනයක් වන අතර වියදම්ද අධික වනු ඇත. ආහාරපානාදීය පිළිබඳ අගහිඟ තත්ත්වයක් හෝ ආහාර නොදිරවීමේ අපහසුතාවයක් ඇතිවිය හැකිය. උදරාබාධ මෙන්ම වතුරෙන් පීඩා ද ගෙන දෙනු ඇත.
ජ්‍යෝෂවේදී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
2025 ජනවාරි මස 30 වැනි බ්‍රහස්පතින්දා දින පෙරවරු 10.02ට උතුරු දිශාව බලා සුබයි.
2025-01-23 18:30:00
මිරිස්, මාළු මිරිස් වගාවටජනවාරි 25, සෙනසුරාදා, උදේ 6.35ට උතුර බලා සුබයි. 11 වැන්නේ සඳුය. ගජ කේෂරී යෝගයයි. ලග්න භාවයේ බුධ ගමන් කිරීම මගින් පන්...
2025-01-23 18:30:00
අර්තාපල් වගාවටජනවාරි 17 සිකුරාදා, උදේ 7.31 ට නැගෙනහිර බලාතත්කාල මකර ලග්නයට දෙවැන්න වූ කුම්භයේ ශනි ස්වක්ෂේත්ර ජය යෝගයයි. එම දෙවැන්නේම සිකුරු...
2025-01-16 18:30:00
2025 ජනවාරි මස 24 වැනිදා සිකුරාදා පෙරවරු 09. 22 ට උතුරු දිශාව බලා ඉඳුල් කටගෑම සුබයි.මේ සුබ මුහුර්තය පුනාවස, විසා, මා, පුවපල්, උත්‍රපල්, පුෂ,...
2025-01-16 18:30:00
2025 ජනවාරි මස 15 වැනි බදාදා දින පෙරවරු 08.22ට උතුරු දිශාව බලා අකුරු කියවීමට සුබයි.මෙදින පුෂ නැකැත පවතින බැවින් පුෂ, අනුර, උත්‍රපටුප, අස්ලිස, පුවපල්...
2025-01-09 18:30:00
ජනවාරි 14 කුජදින පෙරවරු 08.56ට මකර රවිය ආරම්භ වන්නේය. එතැන් සිට මාර්තු 14 සවස් භාගය තෙක් සූර්ය දිව්‍ය රාජයා සතුරුව දින 59ක් පුරා මකර හා කුම්භ රාශිවල...
2025-01-09 18:30:00
කහ, ඉඟුරු රෝපණයට පෙබරවාරි 07 සිකුරාදාපෙ.ව. 08.50 සිට 09.05 දක්වා උතුර බලා ශුභයිපෙබරවාරි 10 සඳුදාපෙ.ව. 09.35 සිට 09.50 දක්වා දකුණ බලා ශුභයි...
2025-01-09 18:30:00
මේෂ, මිථුන, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන ලග්නවලට මහත් සුබ පලද වෘෂභ, කටක, සිංහ ලග්නවලට මිශ්රපල ද උදා කරමින් ජනවාරි 04 ශනි දින දහවල්...
2025-01-02 18:30:00
එළැඹෙන 2025 වසරේ බොහෝ සුබ කටයුතු ඇරැඹීම සඳහා වැදගත් වන සුබ මුහුර්තයක් ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 11.40 ට යෙදේ. මෙය ලාභවෘද්ධි පංචකයට අයත් ප්...
2024-12-26 18:30:00
2024 දෙසැම්බර් මස 26 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 10.20 සිට පෙරවරු 10.24 දක්වා කාලය තුළ උතුරු දිශාව බලා කෙසෙල් පැළ සිටුවීම ශුභයි.දෙසැම්බර් 22 වැනි දා...
2024-12-19 18:30:00
තව දින කීපයකින් 2025 වසර උදාවනවා. අප සියලු දෙනා කුමන හෝ ආකාරයකින් මේ නව වසරේ අපේ පැතුම් මල්පල ගන්වා ගන්නයි ප්‍රාර්ථනා කරන්නේ. එහිදී අපේ නිවෙසේ...
2024-12-19 18:30:00
බොහෝ අවස්ථාවල සුබ මුහුර්ත සාදනයේදී මහා නක්ෂත්රයේදී දින ශුද්ධිය නැතිවීම හෝ ශුභ දින නැතිවීම නිසා අවශ්‍ය වූ දිනයකට සුබ වේලාවක් සකස්කර ගැනීමට නොහැකි වන...
2024-12-12 18:30:00
2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා දින පෙරවරු 09. 32ට උතුරු දිශාව බලා ව්‍යාපාර ඇරැඹීමට ශුභය. අනුර, උත්‍රසල, පුෂ, අස්ලිස, දෙට, රේවතී, උත්‍රපුටුප, බෙරණ,...
2024-12-12 18:30:00
දෙසැම්බර් 24 අඟහරුවාදා දින පස්වරු 01.24 සිට පස්වරු 02.18 දක්වා උතුර බලා වර්ෂයකට එකවතාවක් යෙදෙන අසිරිමත් ශුභ මුහුර්තයක් උදා වන්නේය. මෙය මැණික්,...
2024-12-12 18:30:00
ප්‍රීතිමත් අනාගතයකට අඩිතාලමක්සෞන්දර්ය කලා හැකියාවන් දියුණු වෙයිතෙදවත් බලවත් දරු උපත්දෙසැම්බර් 20 සිකුරාදා අලුයම 2.04ට සඳු සිංහ රාශිගත වීමත් සමඟ දින...
2024-12-12 18:30:00
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ පිළිවෙළින් ග්‍රහ හැසිරීම් රටාව හරහා ගොනු වී ඇත්තේ ශනි පළමුවැන්නේත්, රාහු දෙවැන්නේත්, ගුරු සතර වැන්නේත්, කුජ හය...
2024-12-05 18:30:00