ජුනි 17 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 16, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.56 
ඉර බැසීම - ප.ව. 06.27 
 
රාහු කාලය - ප.ව. 04.53 සිට ප.ව. 06.00 
 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
සිතට සැකයක් ඇතිවන දිනයකි. කරන කියන වැඩකටයුතු පවා සැක සහිතව කිරීමට සිදුවේ. මිල මුදල් පිළිබඳ ගැටලු ඇති කරයි. සිතේ චංචල බවක්ද ඇතිවේ. නිතර අදහස් වෙනස් කරයි. 
 
වෘෂභ 
අවුල් වියවුල් සහිත දිනයකි. කථාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයට වඩා කථාවට ලැදි බවක් පෙන්වයි. අලාභ හානි තම කටයුතුවලට බාධා හා හිරිහැර ද ඇතිවේ. 
 
මිථුන 
සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කරයි. තමා ගැන පමණක් සිතා කටයුතු කරයි. හිතවත් අයකු මුණ ගැසීමෙන් සුළු සුළු ලාභද ඇතිවනු ඇත. ආගමානුකූලව පින්දහම් කටයුතුª කෙරෙහි සිත යොදවා ක්‍රියා කිරීමෙන් තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. 
 
කටක 
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර අන් අය හා සම්බන්ධව කරන කටයුතුවලදී සිත් රිදීම් පාඩු අලාභ හානි ගෙන දෙනු ඇත. පාදවල පීඩාවන් ඇතිවීමට ද ඉඩ තිබේ. 
 
සිංහ 
දියුණුවට කටයුතු සැලසෙන අතර වාසනාවන්ත දවසකි. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ද හැකි වේ. මුදල් ලාභ ලැබෙනු ඇත. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබෙනු ඇත. 
 
කන්‍යා 
තම තත්ත්වය උසස් කර ගැනීමට සිතන දිනයකි. උසස් අය සමඟ ආශ්‍රය ඇති වේ. විශේෂයෙන් මවගෙන් උපකාර ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කටයුතු කිරීමට ද ලැබෙනු ඇත. 
 
තුලා 
සිත් තැවුල් කණගාටු සහිත දිනයකි. උසස් අයගේ දෝෂාරෝපණයට ලක්වනු ඇත. නැතහොත් ගෙදර වැඩිහිටියකුගෙන් හෝ දෝෂාරෝපණයක් අසන්නට සිදුවේ. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි. 
 
වෘශ්චික 
අවුල් වියවුල් සහිත දිනයක් වන අතර කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට උනන්දුව නැතිව කාලය ගත කරනු ඇත. කම්මැලි අලස ගති නිදිමත ගතිද ඇතිවේ. 
 
ධනු 
තම ගෞරවයට පාත්‍රවන දිනයක් වන අතර දියුණුවට ද වැඩ කටයුතු සැලසේ. සැප පහසුව ඇතිව නිදා ගැනීමට ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය නිසා සිතට සතුටක් ගෙන දෙන කාලයකි. මිල මුදල් ලාභයක්ද හිමිකරයි. 
 
මකර 
ගෙදර දොර වාසනාවන්ත වන අතර කරන කටයුතුවලින් ජය ලැබේ. සිතේ සතුටට කරුණු යෙදේ. සුළු සුළු මුදල ලාභ ඇති කාලයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීම යහපත් වනු ඇත.
 
කුම්භ 
අමුතු දේ කෙරෙහි සිත යොමු වන අතර විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් ඒවායින් සිතට කිසිම පී‍්‍රතියක් අත් නොකරයි. හිතේ පැටලැවිලි ගතියක්ද ඇතිවනු ඇතිවේ. කම්සැපට බාධා ඇතිවේ. 
 
මීන 
වියදම් අධික දිනයක් වන අතර කථාව නිසා අන් අය සමඟ මතභේද සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කථාවේදී පරිස්සම් විය යුතුය. ඥාති මිත්‍රාදීන් සමඟ වුවත් මතභේද සහිත සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ. පපුවේ සෙම ගතිය වැඩිවනු ඇත. 
 
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.