අද දවස ඔබට....2023 මැයි 08 සඳුදා ලග්න පලාපල

මැයි 7, 2023
 
ඉර උදාව - පෙරවරු 5.55
 
රාහු කාලය - (පෙරවරු සහ පස්වරු)  7.25 සිට 8.55 දක්වා
 
මේෂ ලග්නය
 
ව්‍යාපාර කටයුතු වැනි දෙයට යහපත් දිනයක් වන අතර වැඩිහිටි අයගෙන් උදවු උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇති විය හැකි අතර අද දවස තුළ සතෙකු නිදහස් කිරීමෙන් ඔබට නිරෝගී  බව ලැබෙනු ඇත.
 
වෘෂභ ලග්නය
 
ඉවසීමෙන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු දිනයක් වන අතර සැප පහසුව ඇති සුව නින්දක් ලැබෙනු ඇත. විවාහ ජීවිතයේ ගැටලු ඇති වන දිනයක් බැවින් සහකාරිය හෝ සහකරු සමඟ කරන කටයුතුවලදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. මූත්‍රා ආබාධ, උදර රෝගවලට හේතු විය හැකි දිනයකි.
 
මිථුන  ලග්නය
 
වස්තු ලාභ ලැබෙන දිනයක් වන අතර බලාපොරොත්තුව සිටි යම් දෙයක් ඉටුවන දිනයකි. හොඳ ආහාර පාන වර්ග ලැබෙන දිනයක් වුවත් ආහාර ජීර්ණයේ අපහසුතාවන් ඇති වනු ඇත.
 
කටක ලග්නය
 
හිත් පීඩා කේන්ති ගති ඇතිවන දිනයක් වන අතර හිතේ චංචල බව නිසා සිත එක් අරමුණක තබාගෙන කටයුතු කිරීමට අපහසු වනු ඇත. කම් සැපට බාධා ඇතිවන දිනයක් වන අතර අජීර්ණ රෝග නිසා පීඩා විඳීමට සිදු විය හැකි දිනයකි.
 
සිංහ ලග්නය
 
නින්දට බාධා මෙන්ම නින්ද නොයෑමට ඉඩ ඇති අතර අධික වියදම් ද යෙදෙනු ඇත. කරන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවන අතර ගෙදර දොර අපිළිවෙළතාවක් ද ඇතිවනු ඇත. පපුවේ සෙම් ගතිය ඇති දිනයකි.
 
කන්‍යා ලග්නය
 
වියදම් වැඩි දවසක් වන අතර කලකින් හමු නොවූ අයකු හමු වීම මත හිතට සතුටක් දැනෙනු ඇත. ස්ත්‍රී සැප අඩු දිනයක් වන අතර මිලමුදල් ලැබේද නොලැබේද යන්න පිළිබඳ සැකයක් ඇතිව කටයුතු කිරීමට සිදු වේ. අද දින ඇඳ ඇතිරිලි වැනි දෑ පරිත්‍යාග කිරීම යහපත් වනු ඇත.
 
තුලා ලග්නය
 
මුදල් වියදම් කිරීමට යම් කරුණක් යෙදෙන අතර බලාපොරොත්තු කඩව යනු ඇත. උත්සාහයෙන් වැඩ කළ යුතු දිනයකි වන අතර විවාහක අයගේ තම බිරිඳට හෝ සැමියාට සුළු හෝ ආබාධයක් ඇති වන දිනයකි.
 
වෘශ්චික ලග්නය
 
අදහස්වල දැඩි බවක් පෙන්නුම් කරන අතර පෞද්ගලික කටයුතුවලට සිත ඇදී යයි. තරමක අත්මාර්ථකාමී ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. සෙම් අමාරු ගතියක් මෙන්ම ශරීරයට අධික වෙහෙසකර ගතියක් දැනෙනු ඇත.
 
ධනු ලග්නය
 
සුළු තුවාල ඇතිවිය හැකි දිනයක් මෙන්ම අවුල් වියවුල්වලට මැදිවීමටද ඉඩ තිබේ. කරගෙන යන කටයුතු අඩාළවීමට හෝ ප්‍රමාද වීමට කරුණු යෙදෙන අතර අන් අය සමඟ ආශ්‍රය කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. කෘමි සතුන්ගෙන් පීඩා විය හැකි බැවින් කල්පනාකාරී වන්න.
 
මකර ලග්නය
 
මුදල් ලාභ ලැබෙන වාසනාවන්ත දිනයක් වන අතර සම වයසේ ස්ත්‍රී අයගේ ඇසුරට අවස්ථාව ලැබේ. ඥාතියකු හෝ මිත්‍රයකු තමාව සොයාගෙන එනවා ඇත. ලෞකික දෙයට ළැදි වේ.
 
කුම්භ ලග්නය
 
මිථ්‍යා දෘෂ්ටික කටයුතු කෙරෙහි සිත යොමු වන දිනයක් වන අතර ශරීර සනීපයට යහපත් දිනයකි. අන්‍යයන් ගරු සැලකිලි දක්වන දිනයක් වන අතර රැකියා කටයුතුවලට යම් යම් බාධක ගෙන එනු ඇත. විශේෂයෙන් මවගේ උපකාර ලැබෙනු ඇත.
 
මීන ලග්නය
 
ශරීරයෙහි දුර්වල ගති ඇතිවන අතර කරදර සහිත දවසකි. ඇඳුම් පැලඳුම්වල ඉක්මනින් කුණු තැවරෙන අතර ඉරී යාමට හෝ නැති වී යාමට හෝ තම වස්ත්‍රයක් වෙනත් කෙනෙකු පාවිච්චි කිරීමට ඉඩ ඇති දිනයකි.
 
ගීතානි සමරසේකර
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.