වසර උදාවේ සුබදායක ප්‍රබල නැකතක්

ජනවාරි 8, 2021
ධන ලාභ ගෙන දෙන මෘතපංචකය අනුව ලාභවෘද්ධි පංචකයට අයත් නව නිවාස ආරම්භ කිරීමට මෙන්ම සියලුම නිවාස කටයුතු කිරීමට සහ වෙනත් කටයුතුවලට ද ඉතා සුබ දායක ප්‍රබල නැකතක් 2021 ජනවාරි 14 ගුරු දින උදාවේ. මෙදින මුළු දවසම දින ශුද්ධියද පවතී. මෙදින සුබ දිශාව නැගෙනහිර බලා වැඩ අරඹන්න. නිවාස ආරම්භයේදී සිවු කොන මල් යහන් තනා පහන් දල්වා දෙවියන්ට පින් දී වැඩ අරඹන්න.  2021 ජනවාරි 14 බ්‍රහස්පතින්දා උදේ 06.28 ට ලණු ඇදීමට සුබයි. 
එදින උදේ 09.28ට අත්තිවාරම් කැපීම සුබයි. එදින උදේ 11.52 ට මුල්ගල තැබීමට සුබයි. ඉඳුල් කට ගෑමට, හිස් කෙස් කැපීමට, කන් විදීමට, වෙළඳාමට ද උදේ 11.52 නැකත සුබයි. ඉඳුල් කට ගෑමේ දී 6, 8, 12 යන ඉරට්ටේ මාස පිරිමි දරුවන්ටද 7, 9, 11 යන ඔත්තේ මාස ගැහැනු දරුවන්ට සුබයි. අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, සිත, දෙනට, මුවසිරස, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වල උපන් අයට මෙම නැකත සුබයි. 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.