වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
පොසොන් සඳ පායලා
මෙතැන් පටන් ශ්‍රී ලංකාව බොදු රටක් හැටියට පතළ වුණා. දාන, සීල, භාවනා වැඩෙන්න වුණා. සැමදෙනාගේ සිත සැහැල්ලු වුණා. මිහින්තලාව සත්ව දඩයමට තහනම් වුණා. එකම සාමකාමීවාතාවරණයක් පැවතුණා.
වසරේ පින්වත්ම වටිනාම මාස දෙක වෙසක් පොසොන් ලෙසින් බෞද්ධ දරුවන්ට වැටහෙනවා. විශේෂයෙන් මේ පුන් පොහෝ දෙක තුළ පුර සඳ ඉතා සෞම්‍ය ලෙසින් සඳ රැස් ගලා එනවා. කරුණු දත් ගුප්තවේදියා ඔහුගේ සියලුම යහපත් ගුරුකම් මේ මාස දෙක තුළ යොදාගන්නේ ඔහු දන්නවා ඒවා කිරි ගහට ඇන්න වගේ කියලා.
හඳ මෝරලා ඡ්‍යොතිෂ ලිත් වලට අනුව ජුනි 17 වැනි සඳුදා බුධට අයත් දෙට නැකත පැය 11 යි විනාඩි 31 පවතිනවා. “බව“ නමැති කරණය පැය 19 විනාඩි 49 පවතිනවා. මෙදින මිථුන රවිය උදාවෙලා. ඡ්‍යොතිෂ අතින් මෙහෙම වුවත් 16 වැනිදා පොසොන් කියල ගත්තට වරදකුත් නැහැ.
ඉන්දියාව කිව්වේ අපේ පුංචි දිවයිනට මඳක් උඩින් තිබෙන විශාල රටක්. මීට වසර ගණනකට උඩදී එහි එවකට රජ කළේ අශෝක අධිරාජ්‍යයා. නම අශෝක වුණාට එකල ඉන්දියානු වැසියන් මහා කනස්සල්ලෙන් සහ ශෝකයෙන් කාලය ගත කළේ. මොකද රජතුමාගේ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සාමය සමාදානයක් තිබුණේම නැහැ. එනිසාම ඒ මිනිසුන් රජතුමාට චණ්ඩාශෝක නම ව්‍යවහාර කළා.
බුදු උපතෙන් පසු බුදුදහම වැලඳ ගැනීමෙන් මේ රජු ක්‍රමයෙන් ධර්මාශෝක වුණා. බුදු දහමට ලැදි වූ නිසා මහත් වූ ප්‍රසන්න ක්‍රියාවලට පෙරළුනේ ලෝක වාසීන්ගේම වාසනාවකට. අටුකොටු පිරුණා. රට වැසියාද ධර්මිෂ්ඨ වුණා. මුළු රටම බෞද්ධ රටක් බවට පත් වුණා.
එවකට ලංකාවේ රජ කළේ දේවානම්පියතිස්ස කියල රජ කෙනෙක්. මේ දෙදෙනා කුළුපග මිත්‍රයෝ. සතුන් දඩයමේ යාම මේ රජතුමාගේ එක් විනෝදාංශයක් වුණා. සෙසු මිනිසුන්ද සතුන් දඩයම් කරමින්, එක් එක් වූ යාග හෝම, බලි බිලි , දෙමින් ගිණිදෙවියා පූජාකිරීමෙන් මිසදිටු ජීවිතයක් ගත කළා.
අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලයට සැතපුම් කීපයක් යනකොට හමුවනවා මහකනදරාව වැව. ඊට දකුණු දෙසින් ඉතාම නුදුරින් වනසතුන් ගැවසෙන මහා ඝන වනාන්තරයක් තුළ සිදුවූවා යයි කියන අමරණීය සිදුවීමක් උඩ සිහල බෞද්ධ ජනතාවට මේ පොසොන් පෝය ඉතා වැදගත් වනවා.
මෙදා බුදු පරිනිර්වාණයෙන් වසර 236 කට පසු එවකට ඉන්දියාවේ රජකළ අශෝක රජතුමාගෙ පුත් මහින්ද (මිහිඳු) හාමුදුරුවන් ප්‍රධානව ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමණ , සාමනේර සමඟ භණ්ඩුක තාපස තුමා මෙම මිහින්තලාවේ මිස්සක, පබ්බත නම් පර්වත මුදුනේ වැඩ ඉන්නවා. මේ කිසිවක් නොදත් දේවානම්පියතිස්ස රජතුමා මුවදඩයමේ යනවා. මුව මස් කෑමට ඉතා පි‍්‍රයත්වයක් දැක්වූ මොහු කැලයේ මැද එක් මුවෙක් යමක් කකා සිටිනවා දකිනවා.
මහත් සතුටට පත්වූ රජතුමාගේ පසුපිටේ තිබූ එක් ඊතලයක් තම දුන්නට සවිකර මුවාට එල්ලවනවා. දඩයම හරි. මේ කිසිවක් නොදත් අහිංසක මුවපැටවා. කුස පුරවා ගන්නවා. මහා ප්‍රාණඝාතයක් සිදුවීමට ඉතා ආසන්නයි. රජතුමාගේ නේත්‍ර සතුටින් ඉපිලෙනවා. ඉලක්කය හරියටම හරි. ඊතලය ක්‍රමයෙන් පසුපසට ඇදෙනවා. තව ක්ෂණයයි. “තිස්ස” “තිස්ස” රජුගේ ඊතලය බිමට වැටෙනවා. නුපුරුදු ශබ්දයට බිය වූ මුවා කැලේ පීරා දුවනවා. “කවුද මගේ නම කියන්නේ .
මගේ නම කීමට කෙනෙක් නැහැ, මගේ දෙමව්පියන් හැර, රජතුමා ඒ මේ අත බලනවා. කවුරුත්ම නැහැ. දෝංකාරය තවමත් පවතිනවා. රජතුමා උඩ බලනවා මිස්සක පබ්බත පර්වත මුදුනේ කණ්ඩායමක් පෙනෙනවා. පෙනුමෙන් නම් ශාන්තයි. නමුත් නොයෙක් වස්ත්‍රවලින් සැරසී සිටින අය කවුද? කසී වස්ත්‍ර පොරවාගෙන පස් නමක් වැඩ ඉන්නවා. ප්‍රථමයෙන් ඉන්නා අයගේ සිරසෙන් අදෘශ්‍යමාන රශ්මියක් විහිදෙනවා. මා නසන්න ආ පිරිසක්ද? මගේ නම දන්නෙ කොහොමද? රජුට ප්‍රශ්නයක්.
රජු බය භ්‍රාන්ත වූවා. අන්තිමයා නම් මනුෂ්‍යයෙක්. රජ සැහැල්ලු වුණා. දුන්න ඊතලය බිමට වැටුණා. අශෝක රජතුමා එවූ සංදේශය දැනුවත් වුණා. “මම බුද්ධාගම වැලඳ ගත්ත ඔබත් එසේ වුවහොත් යහපත්” එහි සඳහන් වී තිබුණා.
මිහිඳු හාමුදුරුවන් අහනවා. “රජතුමනි මේ ගස කුමක් ද? රජතුමා පිළිතුරු දෙනවා. මේ නම් අඹ ගසකි ස්වාමීනි, “මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?” ඒ දෙවැනි පැනයයි. ඔව් ස්වාමීනි, බොහෝ අඹ ගස් තිබේ ස්වාමීනි, එසේනම් රජතුමනි ඒ ගසුත් හැර, ඒ අඹගසුත් හැර තවත් ගස් තිබේද? රජතුමනි. ඒ ඊළඟ පැනයයි. ඇයි ස්වාමීනි, මේ අඹ ගස යයි රජතුමා නිහතමානීව පිළිතුරු සැපයීය. එතැනින් නොනැවතුණ මිහිඳු රහතන් වහන්සේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂශාස්ත්‍රඥ
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න