වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ජුනි 09 සිකුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 8, 2023

ඉර උදාව – 05.54
ඉර බැසීම – 06.25
රාහු කාලය – උදේ 10.35 -12.10
සුබ දිශාව – දකුණ
මේෂ
පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන බවක් පෙන්වයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.
වෘෂභ
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්වයි. විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. සහෝදර පක්ෂයෙන් උපකාර හිමිවන දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ.
මිථුන
සිතේ සැහැල්ලුවෙන් ගත කරන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට හේතුවන කරුණු කීපයක් සිදු කරයි. මෙතෙක් පීඩා ගෙන දුන් ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. ඉක්මන් තීරණ ගැනීම තමාට අවාසිදායකයි.
කටක
අලුත් බලාපොරොත්තු ඇතිකරන දිනයකි. වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරි කර ගැනීමට කටයුතු යෙදේ. නිතර නිවෙසින් බැහැරව කටයුතු යෙදෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ආදායම් මාර්ග කීපයක් යෙදෙන දිනයකි.
සිංහ
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවන බවක් පෙන්වයි. පවුලේ ගැටලුවක් දුර දිග යන බවක් පෙනේ.
කන්‍යා
ඉදිරි සැලසුම් කීපයක් සාර්ථක කරයි. හදිසි මුදල් ගනුදෙනුවකට සම්බන්ධ වීමට කටයුතු යෙදේ. වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන දිනයක් බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත් වේ.
තුලා
අලුත් රැකියා ලාබ හිමිකම් ඇති දිනයකි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි.
වෘශ්චික
ගේ් දොර අඩුපාඩුකම් කීපයක් මතු කරන දිනයකි. පවුලේ අය අතර ප්‍රශංසා හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අමතර ලැබීම් හිමි වුවත් ඒවාට බාධාකාරි බවක් ඇති කරයි. නිතර තැන තැන ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.
ධනු
අවිවේකී ලෙස දවස උදාවුවත් සැලසුම් කළ ලෙස කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්වයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.
මකර
උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙන්වයි. සිත් කලකිරීම් බහුල වන බවක් පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න.
කුම්භ
වරින්වර ආගමික සහන පතන බවක් පෙනේ. වැඩිහිටි දෝෂාරෝපණයක් තමාට එල්ලවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරයි. එමෙන්ම අලුත් රැකියා මාර්ග හිමි වුවත් ඒවාට යම් යම් බාධා පැන නැගෙන දිනයකි.
මීන
අතමිට සරු වුවත් වැය පස අධික වන දිනයකි. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රාත්‍රී ගමන් බහුල වන දිනයකි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.
ජ්‍යොතිෂවේදිනී
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
බොහෝ අවස්ථාවල සුබ මුහුර්ත සාදනයේදී මහා නක්ෂත්රයේදී දින ශුද්ධිය නැතිවීම හෝ ශුභ දින නැතිවීම නිසා අවශ්‍ය වූ දිනයකට සුබ වේලාවක් සකස්කර ගැනීමට නොහැකි වන...
2024-12-12 18:30:00
2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා දින පෙරවරු 09. 32ට උතුරු දිශාව බලා ව්‍යාපාර ඇරැඹීමට ශුභය. අනුර, උත්‍රසල, පුෂ, අස්ලිස, දෙට, රේවතී, උත්‍රපුටුප, බෙරණ,...
2024-12-12 18:30:00
දෙසැම්බර් 24 අඟහරුවාදා දින පස්වරු 01.24 සිට පස්වරු 02.18 දක්වා උතුර බලා වර්ෂයකට එකවතාවක් යෙදෙන අසිරිමත් ශුභ මුහුර්තයක් උදා වන්නේය. මෙය මැණික්,...
2024-12-12 18:30:00
ප්‍රීතිමත් අනාගතයකට අඩිතාලමක්සෞන්දර්ය කලා හැකියාවන් දියුණු වෙයිතෙදවත් බලවත් දරු උපත්දෙසැම්බර් 20 සිකුරාදා අලුයම 2.04ට සඳු සිංහ රාශිගත වීමත් සමඟ දින...
2024-12-12 18:30:00
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ පිළිවෙළින් ග්‍රහ හැසිරීම් රටාව හරහා ගොනු වී ඇත්තේ ශනි පළමුවැන්නේත්, රාහු දෙවැන්නේත්, ගුරු සතර වැන්නේත්, කුජ හය...
2024-12-05 18:30:00
බිම් සකස් කිරීම සඳහාජනවාරි 06 සඳුදා පෙ.ව. 08.21 සිට පෙ.ව. 08.35 අතර කාලය දකුණු දිශාව බලා ශුභයි. කැලෑ එළි පෙහෙළි කිරීම සඳහාජනවාරි 16 බ්...
2024-12-05 18:30:00
සියලුම වගා කටයුතු සඳහා ප්රශස්ත ත්‍රී-පුෂ්කර යෝගයක් දෙසැම්බර් 17 අඟහරුවාදා පෙරවරුවේ උදාවෙයි.දෙසැම්බර් 17, අඟහරුවාදා අලුයම 1.17ට පුනාවස නැකැත උදා වී...
2024-12-05 18:30:00
ලග්න රැසකට ධනය, බලය, කීර්තිය හිමිකර දෙමින් දෙසැම්බර් 15 රිවි දින රාත්‍රී 10.11ට බ්‍රහස්පති හිමි ධනු රාශියට සූර්ය දිව්‍ය රාජයා අභිමානවත් ගමනක...
2024-12-05 18:30:00
2024 දෙසැම්බර් මස 12 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 08.54ට හෝ පෙ.ව. 09.14 ට උතුරු දිශාව බලා දරුවන්ට ඉඳුල්කටගෑම සඳහා ශුභයි. මේ මුහුර්තය මාස 6, 8, 10, 12...
2024-11-28 18:30:00
කටක, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හිමියන්ගේ ජීවිත නවෝදයෙන් පුරවමින් දෙසැම්බර් 13 වැනිදා පෙරවරු 11.20ට සෞරග්‍රහ මණ්ඩලයෙහි ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරු...
2024-11-28 18:30:00
2025 නොවැම්බර් මස 25 වැනිදා පෙ.ව. 06.57ට නැඟෙනහිර දිශාව බලා පිටත්වීම ශුභයි. පිටත්වීමට පෙර සුදුමල් වැඩිපුර ගෙන තෙරුවන් නමැද පත්තිනි මෑණියන්...
2024-11-21 18:30:00
උසස් පෙළ දරුවන්ට ආශිර්වාදය ලබාදෙන පහත සඳහන් බලගතු දැහැන උදේ සවස ගණ දෙවියන්ට මල් සුවඳ දුම් පුදමින් නියමිත වාර ගණන කියවා මහත් සුබපල ලබන්න.ඕම් ශ්...
2024-11-14 18:30:00
නොවැම්බර් මස 23 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 10.07 ට උතුරු දිශාව බලා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගෙට ගෙවැදීම සුබයි.නව නිවෙසට ඇතුළුවීමේදී...
2024-11-14 18:30:00
2024 නොවැම්බර් මස 20 වැනිදා බදාදා දින පෙරවරු 06.04ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.මෙදින පුනාවස නැකත වෘශ්චික ලග්නය බුධ හෝරාවේ බුධගේ පංචමය මේ...
2024-11-07 18:30:00
2024 නොවැම්බර් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව.8.52ට උතුරු දිශාව බලා ශුභයි. මෙදින අස්විද නැකත පවතින අතර පුර 13 වැනි තිථිය පෙ.ව.9.45 දක්වා පවතිනු ඇත...
2024-10-31 18:30:00
මේෂ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, කුම්භ ලග්නවලට මහා පරිවර්තන යෝගයද වෘෂභ, කටක, තුලා, ධනු, මකර, මීන ලග්නවලට සාමාන්‍ය පරිවර්තන යෝගයද උදා කරමින් සිකුරු...
2024-10-31 18:30:00