ජුනි 08 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජුනි 7, 2023
 
ඉර උදාව – 05.54
ඉර බැසීම – 06.25
 
රාහු කාලය – දවල් 01.43 -03.17
 
සුබදිශාව – නැඟෙනහිර
 
මේෂ
පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නිතර සිතේ පී‍්‍රතිය අඩුකරන බවක් පෙනේ. එහෙත් ඥාතීන්ගේ උදව් උපකාර හිමිවීමට ඉඩ ඇත. නිවෙසේ කටයුතුවලින් ඈත්වී සිටීමට සිදුවන දිනයකි.
 
වෘෂභ 
විදෙස් ලැබීමක් හෝ විදෙස්ගත වීමක් පිළිබඳ බලාපොරොත්තුවකට සැලසුමක් ඇති කරගනී. දවසින් වැඩි කාලයක් හිතවතකු සමඟ ගත කිරීමට අවස්ථාව යෙදේ. හදිසි ආදායම් මාර්ග කීපයක් යෙදෙන දිනයකි. 
 
මිථුන 
පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. හදිසි වගකීම් කීපයක් තමා වෙත පැවරෙන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අසහනකාරී බව මඟහැරී යන දිනයකි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
කටක
දේපළ ගැටලුවක් නිරවුල් කරගැනීමට කටයුතු යෙදේ. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනාගැනීමට කටයුතු යෙදෙන දිනයකි. සුළු සුළු ලාබ ලැබෙන මාර්ග කීපයක් හිමිකරයි. දවසින් වැඩි කොටසක් වැඩිහිටියකු වෙනුවෙන් ගත කිරීමට සිදුවන දිනයකි. 
 
සිංහ 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වරින් වර ගතට සිතට පීඩාකාරි කටයුතු යෙදෙන දිනයකි. 
 
කන්‍යා
නොගැලපෙන ඇසුරක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන දිනයකි. නිතර හට ගන්නා උරහිස ආශි‍්‍රත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන දිනයකි. 
 
තුලා 
නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙන්නුම් කරයි. පවුලේ අයගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. ළඟින් ඇසුරු කරන අයකු නිසා විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. 
 
වෘශ්චික 
ගේෙ දාර කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇති කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. පිරිසක් සමඟ එකතු වී කරන කටයුත්තක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත්කරයි. 
 
ධනු 
සහෝදර සිත්තැවුලක් දුර දිග යන බවක් පෙන්වයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. මනසට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදුකරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. 
 
මකර 
වියදම් පක්ෂය අධික වන දිනයකි. නිතර ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන බවක් පෙන්නුම් කරයි. දුරදිග බලා කටයුතු කරන්න. 
 
කුම්භ 
ගතට සිතට පීඩාකාරි ලෙස දවස ආරම්භ කරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා ආහාරපාන ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.
 
මීන 
නොසිතූ ලෙස වැයපස අධික කරන දිනයකි. පවුලේ කටයුතු කීපයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. නීති ගැටලුවකට මැදිවීමට ඇති දිනයක් බැවින් ගමන් බිමන්වලදී කල්පනාකාරී වන්න. 
 
ජ්‍යොතිෂවේදිනී
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.