ජුනි 13 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 12, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.55 
ඉර බැසීම - ප.ව. 06.26 
 
රාහු කාලය - ප.ව. 03.18 සිට 04.52 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
හිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන දිනයකි. පවුලේ වගකීම් කීපයක් පැහැර හැරීමක් සිදුකරයි. නොසිතතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
 
වෘෂභ
පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා වියදම් පක්ෂය වැඩිවන කාලයකි. සහෝදරයකු වෙනුවෙන් උපකාරයක් කිරීමට සිදුවන කාලයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා ඇති කරයි. 
 
මිථුන 
නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පීඩා ගෙන දෙන කාලයකි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවන දිනයකි.
 
කටක 
විශේෂ ගමනකට කටයුතු කීපයක් සැලසේ. වරින් වර අතක ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. ශරීර වෙහෙස මහන්සිය ඇතිවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කරන දිනයකි.
 
සිංහ 
මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. 
 
කන්‍යා 
දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. අසල්වැසියන් සමඟ හොඳහිත දිනා ගැනීමට කටයුතු උදාකරයි. නිතර වයසට වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක් විය හැකි දිනයකි. 
 
තුලා 
දරුවකුගේ කටයුතු නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සිතට සැක සහිතව කටයුතු කීපයක් සිදුකරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින්ද පිහිට පතන කාලයකි. 
 
වෘශ්චික 
ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන දිනයකි. නොසිතූ ලෙස වංචා ප්‍රයෝගයකට හසුවිය හැකියි. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. පවුලේ ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. 
 
ධනු
පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන දිනයකි. වරින් වර ඇතිකරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් විය යුතු බවක් පෙන්වයි. රාත්‍රී ගමන් බහුලවන දිනයකි. 
 
මකර 
සහෝදර පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට සිදුවන දිනයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරයි. නින්දට බාධා වන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳින දිනයකි. කෑමෙන් බීමෙන් මෙන්ම ජලයෙන් ද පරිස්සම් විය යුතු දිනයකි. 
 
කුම්භ 
මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙන්වයි. දේපළ ලාබයකට හිමිකම් ඇතිකරයි. පවුලේ අයගේ උපකාරයක් හිමිවන අතර කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි.  
 
මීන 
බාහිර කරදර නිසා සිතට සහනයක් නොමැති දිනයකි. හිතවතකුගේ අසනීපයක් ගැන හෝ කරදරයක් පිළිබඳ අසන්න ලැබේ. සතුරු කරදර පැවැතියේ නම් ඒවා මඟහැරී යන දිනයකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ
 
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.