ජුනි 15 රවි සංක්‍රාන්තිය

ලග්න රැසකට සුබ පල
ජුනි 9, 2023

 

උත්තරායන ගී‍්‍රෂ්ම ඍතුවෙහි මිථුන රවි 01 භාග පොසොන් මහේ අව තෙළෙස්වක තිථිය ආශි‍්‍රතව ජුනි මස 15 වෙනි ගුරු දින සවස 06.16ට රාජ්‍ය කාරක රවි බුධ හිමි මිථුන රාශියට සංක්‍රමණය සිද්ධ වන්නේය.

අඟහරු හෙවත් සෙන්පති කුජට අයත් වෘශ්චික උදා රාශියෙහි 01 -05 -09 ත්‍රිකෝණගතව බලපාන කුජ ශුක්‍ර සංයෝගයන් රසකාමී හැඟීම් මතුකෙරෙන සුවිශේෂී කාල පරාසයකි. ප්ලූටෝ සතුරුව ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව ශනි හෙවත් සෙනසුරු 04 වැන්නේද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව බ්‍රහස්පති ද රාහු සතුරුව ද චන්ද්‍රයා සමව ද යුරේනස් සමව ද රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේද බුධ මිත්‍රශීලිව 07 වැන්නේ ද රවි සමව මෘත්‍යුය ස්ථානය වූ 08 වැන්නේ ද කුජ නීචව සිකුරු සතුරුව 09 වැන්නා වූ භාග්‍යස්ථානගතව ද කේතු සතුරුව 12 වැන්න වූ වැය ස්ථානගතව ද විශ්වකාරක මන්දාකිණිය විද්‍යමාන වන්නේය. සෙනසුරු ග්‍රහයා 22වන මාරක දෙර්කාණාධිපති ලෙසට ද චන්ද්‍රයා බාධක ග්‍රහයා ලෙසට ද මාන්දි ග්‍රහයා ලෙසට ද මෙකී රවි සංක්‍රාන්ති මොහොතෙහි පවතී.

මත්ද්‍රව්‍ය හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ රැසක් එළිවේ. කාන්තා නියෝජනය කෙරෙහි ආණ්ඩු පක්ෂය දැඩි අවධානය යොමු කෙරෙයි. ගමනාගමන රටාව තරමක් අඩපණ වී යාමට ද විපත්ති බහුල වීමටද කරුණු යෙදේ.

මහා පරිමාණ මූල්‍ය වංචා ගණනාවක් එළි වෙයි. මුහුදු නාවික, ගුවන් සහ මහා මාර්ග, රිය අනතුරු බහුල වෙයි. සංවර්ධන කටයුතුවලට ගැටලු මතුවිය හැකිය. කලාකාමී නෘත්‍යය ක්ෂේත්‍රයෙහිද විනෝදාගාර, අධ්‍යාපන ක්ෂේත්‍රයෙහිද අර්බුධ ඇතිවන පිහිටීමකි. නාවික හෝ ධීවර යාත්‍රා ආශි‍්‍රත හානි. ගොඩනැඟිලි, පතල් අනතුරු බහුල වෙයි. පුවත්පත් කලාවේදීන්, ලේඛකයන්, ගත්කරුවන් හා කලාව හා සම්බන්ධ කටයුතුවලට අවහිරතා මතුකරන බලවේග බහුල කෙරෙයි. විපක්ෂ කණ්ඩායම් තුළ මතභේද ඉහළ නඟියි. සාමාන්‍ය ජනතාව කෙරෙහි පැටවුණු බදු බර අඩුවෙයි. කාලගුණික, දේශගුණික විපත්ති බහුල කෙරෙයි.

තැපැල් විදුලි සංදේශ සහ දුම්රිය ගුවන්යානා ආශි‍්‍රතව නවතම වැඩපිළිවෙළක් දියත්වීමට ඉඩ ඇත.

 

 

මේෂ රාශිය

මානසිකව දැඩි නොසන්සුන් බවක් මතුවීමට ඉඩ ඇත. පදිංචි නිවස, භූමිය ආශි‍්‍රතව සතුරු බලය පලවා හැරිය හැකිය. උත්සාහය , උනන්දුව අඩු වුව ද ආදායම් මාර්ග රැසක් උදා විය හැක.

වෘෂභ රාශිය

බොහෝ දුරට හදිසි අනතුරු, අවදානම් විපත්ති ඇති විය හැකිය. නමුත් අධ්‍යාපනය, ආදායම් මාර්ග සඳහා ඇරැඹූ කටයුතු දියුණුූ විය හැකිය. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක වනු ඇත.

මිථුන රාශිය

සියලු ආකාර ලැබීම් සතුටුදායක විය හැකිය. ඥාති හිතෛෂී අනුග්‍රහය මාසය අගදී ලැබෙනු ඇත. වාසනාව භාග්‍ය උදා වනු ඇත. දූ දරු අධ්‍යාපන, රැකියා කටයුතු සාර්ථක වෙයි.

කටක රාශිය

සෙනසුරු අෂ්ටම මාරකය ප්‍රබල වෙනු පෙනෙයි. පදිංචි ස්ථානයේ සතුරු කරදර මතුවෙයි. රැකීරක්ෂා ආදායම් මාර්ග කෙරෙහි වරින් වර ගැටලුකාරී බවක් මතුවෙනු ඇත. හිසරුදා, වේදනා මතුවෙයි. කොන්ද තුනටියෙහි ද ආශි‍්‍රත රෝග ඇතිවේ.

සිංහ රාශිය

සියලු අභිමතාර්ථයන් කෙරෙහි යම් යම් අවහිර බාධක දුෂ්කරතා මතුවිය හැකිය. පෙම් සබඳතා, විවාහ කටයුතු පවුල් ජීවිත ආශි‍්‍රතව බොහෝ දුරට සාර්ථකත්වයක් පෙන්වයි. ඥාති හිතෛෂීන්ගේ උත්සව ආදියට සහභාගි විය හැකිය.

කන්‍යා රාශිය

යටිබඩ කොන්ද, තුනටිය, මුහුණ, උදරය, දණහිස්, පාද ආශි‍්‍රත රෝගාබාධ මතුවන සමයකි. එහෙත් යම් යම් අවහිර බාධක දුෂ්කරතා දුරුවී අරමුණුූ රැසක් මුදුන්පත් වෙයි. පදිංචි භූමිය, නිවාසය ආශි‍්‍රතව ගැටලු මතු කෙරෙයි.

තුලා රාශිය

රැකියා ආදායම් මාර්ග කෙරෙහි මෙන්ම පේ‍්‍රම සබඳතා, විවාහ කටයුතු පවුල් ජීවිතය ආශි‍්‍රතව හැලහැප්පිලි මතුවිය හැකිය. දූ දරු දැරියන්ගේ අධ්‍යාපනය , මංගල කටයුතු මෙන්ම රැකීරක්ෂා කටයුතු බොහෝ දුරට සාර්ථක විය හැකිය. හිස, පපුව, යටිබඩ, මළමූත්‍ර කොන්ද, තුනටිය, දණහිස, පාද ආශි‍්‍රතව රෝගාබාධ මතු කෙරෙයි.

වෘශ්චික රාශිය

මෙම රාශියෙහි 09 වැන්න වූ භාග්‍යස්ථානය 01,05 ස්ථානයන්ද අතිශය දුර්වල බවට පාත්‍ර වී ඇත. එසේම වරින්වර අවහිර බාධක බලපෑමෙන් සිතැඟියාවන් ඒ අනුව ඉටු නොවන බවක් පෙන්වයි. එසේ වුවද සස යෝග බලයෙන් ජීවන තත්ත්වය යහපත්ව පවත්වා ගත හැකිය.

ධනු රාශිය

බොහෝ දුරට ආශ්‍රයෙහි සිටින උදවියගෙන් ආශිර්වාද ලැබෙනු ඇත. කොන්ද, තුනටිය, උදරාබාධ මුහුණ ආශි‍්‍රතව වරින්වර රෝගාබාධ ඇති විය හැකිය. නිර්ණාමික,නාමික සොර සතුරන්ගෙන් ආරක්ෂාකාරීව සිටීම යහපත් වෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි.

මකර රාශිය

පදිංචි භූමිය, නිවාසය සම්බන්ධව පවුලේ උදවිය සමඟ කෙරෙන කටයුතු සාර්ථක වෙයි. වරින්වර රෝගාබාධ මතු කෙරෙයි. නිර්ණාමික සොර සතුරු බලවේග, මතු කෙරෙයි. ආගමික කටයුතු කරලීම සහ නවග්‍රහ සෙත් ශාන්ති කටයුතු කර ගැනීමද යහපත් වෙයි. රැකීරක්ෂා ආදායම් මාර්ග කටයුතු සපල වෙයි.

කුම්භ රාශිය

සස යෝග බලයෙන් උසස්ව ගතවීයන කාලපරාසය තුළ සුබපල ලැබෙනු ඇත. මෙම සබඳතා විවාහ මංගල කටයුතු සාර්ථක වෙයි. ප්‍රභූ ජනයාගේ ආශීර්වාදය ගෙන දෙයි. ආරම්භ කරන ලද කටයුතු උසස් දියුණුවට පාත්‍ර කෙරෙනු ඇත. රැකියා ආදායම් මාර්ග සපල වෙයි.

මීන රාශිය

පදිංචියෙහි යම් යම් අවහිර බාධක මතු කෙරෙයි. අරමුණු රාශියක සතුටුදායක තත්ත්වයක්ද උදාවෙයි. ජීවිතයෙහි විශේෂ අරමුණු ගණනාවක්ම සාර්ථකත්වයට පත් වෙයි.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.