සම්මානනීය සිනමා ශිල්පී රවීන්ද්‍ර ගුරුගේට ඒරාෂ්ටකය දුන් වටිනාම තෑග්ග

දෙසැම්බර් 6, 2024

අද දිනයේදී බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ට සිනමා සංස්කරණ ශිල්පියකු වන රවීන්ද්‍ර ගුරුගේ මහතා ඒ මහතාගේ තදබල ඒරාෂ්ටක කාලවලදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කරන්නටය.

1959 වසරෙහි ජූනි 1 වනදා උත්පත්තිය ලබා ඇති ඒ මහතාගේ උත්පත්ති කේන්දර සටහන පහත පරිදි වේ.

මේ කේන්දර සටහනෙහි කුජ, සිකුරු වැනි ග්‍රහයන්ගේ පිහිටීම්වලට අනුව කලා ක්ෂේත්‍රයෙහි දක්ෂයකු බව පෙන්නුම් කෙරේ. තවද මේ කේන්දර සටහන තුළ ඉතා ප්‍රබල ඥාන යෝගයක් ඇත. මීට අමතර ලෙස, අර්ධ සිංහාසන යෝගය, අර්ථ ධර්මකර්මාධිපති යෝගය වැනි යෝග මඟින් මේ කේන්දර සටහන ශක්තිමත් වී ඇත. මීට අමතර ලෙස, මේ කේන්දර සටහනේ, ගුරු සහ ශනි යන ග්‍රහයන් යාබද ලෙස පිහිටීමට අනුව තනතුරු ලාභවලට ඉඩ ඇති අතර ව්‍යාපාරික කටයුතුවලට යොමු වුවහොත් ඒවායින් සාර්ථකත්වය ලැබීමට ද භාග්‍යය ඇති කරයි.

රවීන්ද්‍ර ගුරුගේ මහතාගේ උත්පත්ති කේන්න්දර සටහනට අනුව, 1996 වසරෙහි පෙබරවාරි 15 වැනිදාත්, 1998 වසරෙහි අපේ‍්‍රල් 16 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවන බව පෙනේ. ඒ අනුව, ඒ මහතාට 1997 වසරෙහි ඔක්තෝබර් 28 වැනිදා, ජීවිතයේ තවත් කඩඉමක් ලෙස, දියණියක උපත ලබා ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ඒ මහතාට ගත වද්දී බව පෙනේ.

ඔහුගේ උත්පත්ති කේන්දර සටහනට අනුව, 1993 වසරෙහි මාර්තු 5 වැනිදාත්, 1993 ඔක්තෝබර් 15 වැනිදාත් අතර කාලසීමාව තුළ ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වී ඇති බව පෙනේ. ඒ මහතාගේ ජීවිතයේ විශාල කඩඉමක් පසුකරමින් ඊඍඊ ද වීඩියෝ ටීම් ආයතනය ආරම්භ කර ඇත්තේ 1993 වසරෙහි මාර්තු මාසයේදීය.

මීට අමතර ලෙස, මීට කලින්ද සඳහන් කළ පරිදි. 1995 වසරෙහි අගෝස්තු 9 වැනිදාත්, 1996 වසරෙහි පෙබරවාරි 15 වැනිදාත් අතර කාලසීමාව තුළද, 1996 වසරෙහි පෙබරවාරි 15 වැනිදාත් 1998 වසරෙහි අපේ‍්‍රල් 16 වැනිදාත් අතර කාලසීමාව තුළද රවීන්ද්‍ර ගුරුගේ මහතාට පිළිවෙළින් ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර සහ ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇති බව පෙනේ. ඒ මහතා 1996 වසරෙහිදී ඊඍඊ ආයතනයෙහි සභාපති ධුරයට පත්ව ඇත්තේ ඉතා ප්‍රබල ඒරාෂ්ටකයත් ඒ මහතාට ගත වද්දී බව, ඒ අනුව ඉතාම හොඳින් පැහැදිලි වෙයි.

ඔහුගේ උත්පත්ති කේන්දර සටහනේ 10 වැනි භාවය තුළ බුධ, රවි, සමඟ තැන්පත්ව, ගුරුගේ සප්තම දෘෂ්ටියට ලක්වීමෙන් පෙනී යන්නේද ඒ මහතාට මාධ්‍ය සන්නිවේදන ක්ෂේත්‍රවලද කැපී පෙනෙන දක්ෂතා දැක්විය හැකි බවය.

ජනාධිපති සම්මාන 8 කින්ද, සරසවි සම්මාන 6කින්ද, OCIC සම්මාන 13කින්ද පිදුම් ලත් ගුරුගේ මහතාගේ ආදරණීය දියණිය උපන් දිනයෙහි ඒ මහතා විසින් දියණියගේ කේන්දර සටහන, ඡ්‍යොතිර්වේදියකු වෙත ඉදිරිපත් කර ඇති අතර එම ඡ්‍යොතිර්වේදියා පවසා ඇත්තේ දියණියගේ කේන්දර සටහනට අනුව වම් ඇසෙහි ඉතා සුළු අසාමාන්‍යතාවක් ඇති බවය. පසුව එම දියණිය විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වූ පසු එම වෛද්‍යවරයාද ඒ බව තහවුරු කිරීමෙන් පසු රවීන්ද්‍ර මහතා මවිතයට පත් වී ඇති අතර ඔහුට ඉන් පසු ඡ්‍යොතිෂ්‍ය කෙරෙහි විශේෂ විශ්වාසයක්ද ඇති වී ඇත.

මෙම සුප්‍රසිද්ධ කලාකරුවාට ඡ්‍යොතිර්වේදියකු විසින් 1999 වසරෙහි අගෝස්තු 31 වැනිදා නිවාස නැකැතක් ලබා දී ඇති අතර තවත් ඡ්‍යොතිර්වේදියකු විසින් එම නැකැත් දිනය වෙනස් කර ඒ වෙනුවට 2000 වසරෙහි අගෝස්තු 31 වැනිදා නිවාස කටයුතු ආරම්භ කරන පරිදි නැකැත් පිළියෙළ කර දී ඇත. කෙසේ වෙතත් එම නැකැතට අනුව, නිවෙසේ කටයුතු ඉතා පහසුවෙන් සම්පූර්ණ කළ බව ගුරුගේ මහතා පවසයි. පසුව සඳහන් කළ ඡ්‍යොතිර්වේදියා ඒරාෂ්ටක පිළිබඳව විශ්වාස කරන පුද්ගලයකු විය හැකි අතර ඒරාෂ්ටකවල අසුබ ප්‍රතිඵල ලැබේවිය යන විශ්වාසය මත ඔහු එය නැවත කල් දැමුවා විය හැකිය.

රවීන්ද්‍ර ගුරුගේ මහතාට 2022 වසරෙහි මැයි 1 වැනිදාත්, 2022 වසරෙහි ජූලි 6 වැනිදාත් අතර කාලසීමාව තුළද , 2023 වසරෙහි ජනවාරි 19 වැනිදාත්, 2025 වසරෙහි අපේ‍්‍රල් 1 වැනිදාත් අතර කාලසීමාව තුළද ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගත වන බව පෙනේ. ඒ මහතා 2022 - 2024 කාලසීමාව තුළ ස්වාධීන රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. ඒ අනුව එම විශේෂිත තනතුරුවලින් ඒ මහතා පුද ලබා ඇත්තේ ජන්ම ඒරාෂ්ටකයේ ප්‍රථම අදියර ගතවද්දී බව පෙනේ. මීට අමතර ලෙස ඉහත ඒරාෂ්ටක කාලසීමාව තුළට තවත් අතිවිශිෂ්ට සම්මානද සුපුරුදු පරිදි ලබන්නට ඒ මහතා භාග්‍යවන්ත විය. සැබවින්ම ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨයන් අතර අංක එකේ සිනමා සංස්කරණ ශිල්පියා වන ඒ මහතා හැම උළලෙකින්ම පාහේ සම්මානයක් ලබන්නට භාග්‍යවන්ත වී ඇත.

රවීන්ද්‍ර ගුරුගේ මහතාට 2025 වසරෙහි මාර්තු 29 වැනිදාත්, 2027 වසරෙහි ජූනි 9 වැනිදාත් අතර කාලසීමාව තුළද 2027 වසරෙහි ඔක්තෝබර් 5 වැනිදාත්, 2028 වසරෙහි පෙබරවාරි 28 වැනිදාත්, අතර කාලසීමාව තුළද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගතවීමට නියමිතය. එම කාලසීමාව ඒ මහතාට විශාල අභියෝග මධ්‍යයේ විශාල ජයග්‍රහණ පෙන්නුම් කෙරේ. විශේෂයෙන් එම කාලසීමාව තුළ, ඒ මහතාගේ ප්‍රසිද්ධිය විශාල ලෙස ඉහළ යන්නට ඉඩකඩ ඇත. කෙසේ වෙතත් ඉහත කාලසීමාව තුළ ඒ මහතා අනතුරු පිළිබඳවද, අසනීප පිළිබඳවද, රැවටිලිවලට හසුවීම පිළිබඳවද, සොරසතුරු උපද්‍රව පිළිබඳවද වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. එහෙත් මේ බාධක මධ්‍යයේම ඒ මහතාට නොසිතූ තනතුරු සහ නොසිතූ අවස්ථා ලැබෙන්නටද ඉඩකඩ පවතින බව පෙනේ. විශේෂයෙන්, 2025 වසරෙහි මාර්තු 29 අවට දිනවලද 2025 වසරෙහි ජූලි 13 අවට දිනවලද, 2025 වසරෙහි නොවැම්බර් 28 වැනිදා අවට දිනවලද, 2026 වසරෙහි ජූලි 27 වැනිදා අවට දිනවලද, 2026 වසරෙහි දෙසැම්බර් 11 වැනිදා අවට දිනවලද 2027 වසරෙහි ජූනි 3 වැනිදා අවට දිනවලද, 2027 වසරෙහි ඔක්තෝබර් 21 වැනිදා අවට දිනවලද ඒ මහතාට විශේෂිත ජයග්‍රහණ පෙන්නුම් කළද, අනතුරු පිළිබඳවද, අසනීප පිළිබඳවද පරීක්ෂාකාරිව කටයුතු කිරීම නුවණට හුරුය.

ඡායාරූපය - ඉන්ද්‍රනාථ තේනුවර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.