සතියේ පඤ්චාංගය

නොවැම්බර් 15, 2024

ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 30 භාග ඉල්පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට වෘශ්චික රවි 06 භාග ඉල් අව සැටවක තිථිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - තුලා ( 16 දා උදේ 07.33 වෘශ්චික)

කුජ - කටක

බුධ - වෘශ්චික

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - ධනු

ශනි - කුම්භ ( නිවෘත)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - විසා ( 19 දා දහවල් 02.54 අනුර)

කුජ - පුෂ

බුධ - දෙට

ගුරු - මුවසිරස

ශුක්‍ර - පුවසල

ශනි - සියාවස

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

නොවැම්බර් 15 සිකුරාදා උදේ 6.21 න් පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා අලුයම 3.00න් ගෙවේ. 15 සිකුරාදා සිල්.

චන්ද්‍ර චාරය

16 දා අලුයම 03.19 වෘෂභ

18 දා අලුයම 03.34 මිථුන

20 දා උදේ 08.51 කටක

දිනූ තත්ත්ූවය

නොවැම්බර් 15 සිකුරාදා

තුලා රවි 30 භාග ඉල් පුර පසළොස්වක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.01 ඉර බැසීම 05.49 අස්විද නැකත අලුයම 12.34න් ගෙවී බෙරණ නැකත ලබා එය රාත්‍රි 09.58න් ගෙවී කැති නැකත ලබා පවතී. ඉල් පුර තුදුස්වක තිථිය උදේ 06.21න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය උදේ 07.31න් ගෙවී වාරියන් යෝගය ලබා පවතී. වණිජකරණය උදේ 06.21න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.41න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - හිස්මුදුන

මරු - ගිනිකොන

යෝගිනී - වයඹ

සුබ දිසාව - නැඟෙනහිර

 

නොවැම්බර් 16 සෙනසුරාදා

වෘශ්චික රවි 01 භාග ඉල් අව පෑලවිය තිථිය ලත් ශනි දින ඉර උදාව 06.01 ඉර බැසීම 05.49 කැති නැකත රාත්‍රි 07.32න් ගෙවී රෙහෙන නැකත ලබයි. ඉල් පුර පසළොස්වක තිථිය අලුයම 03.00න් ගෙවී ඉල් අව පෑලවිය තිථිය ලබා එය රාත්‍රි 11.54න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. වාරියන් යෝගය අලුයම 03.35න් ගෙවී පරිඝ යෝගය ලබා එය රාත්‍රි 11.51න් ගෙවී ශිව යෝගය ලබා පවතී. බවකරණය අලුයම 03.00න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 01.26න් ගෙවී කෞලවකරණය උදාවී එදින රාත්‍රි 11.54න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - නැඟෙනහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 17 ඉරිදා

වෘශ්චික රවි 02 භාග ඉල් අව දියවක තිථිය ලත් රවිදින ඉර උදාව 06.02 ඉර බැසීම 05.49 රෙහෙන නැකත සවස 05.28න් ගෙවී මුවසිරස නැකත ලබයි. ඉල් අව දියවක තිථිය රාත්‍රි 09.13න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. ශිව යෝගය රාත්‍රි 08.26න් ගෙවී සිද්ධ යෝගය ලබයි. තෛතිලකරණය උදේ 10.30න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 09.13න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - උතුර යෝගිනී - උතුර

සුබ දිසාව - උතුර

නොවැම්බර් 18 සඳුදා

වෘශ්චික රවි 03 භාග ඉල් අව තියවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.02 ඉර බැසීම 05.50 මුවසිරස නැකත සවස 03.56න් ගෙවී අද නැකත ලබයි. ඉල් අව තියවක තිථිය රාත්‍රි 07.04න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. සිද්ධ යෝගය සවස 05.28න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. වණිජ කරණය උදේ 08.00න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රි 07.04න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - බැම

මරු - වයඹ

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 19 අඟහ.

වෘශ්චික රවි 04 භාග ඉල් අව ජලවක තිථිය ලත් කුජදින ඉර උදාව 06.02 ඉර බැසීම 05.50 අද නැකත සවස 03.03න් ගෙවී පුනාවස නැකත ලබයි. ඉල් අව ජලවක තිථිය සවස 05.37න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය සවස 03.02න් ගෙවී ශුභ යෝගය ලබයි. බවකරණය උදේ 06.09න් ගෙවී බාලවකරණය ලබා එය සවස 05.37න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - කන

මරු - බටහිර යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

නොවැම්බර් 20 බදාදා

වෘශ්චික රවි 05 භාග ඉල් අව විසේනිය තිථිය ලත් බුධ දින ඉර උදාව 06.03 ඉර බැසීම 05.50 පුනාවස නැකත දහවල් 02.57න් ගෙවී පුෂ නැකත ලබයි. ඉල් අව විසේනිය තිථිය සවස 04.58න් ගෙවී අව සැටවක තිථිය ලබයි. ශුභ යෝගය දහවල් 01.14න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. කෞලව කරණය අලුයම 05.05න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 04.58න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - නිරිත යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

නොවැම්බර් 21 බ්‍රහස්පතින්දා

වෘශ්චික රවි 06 භාග ඉල් අව සැටවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.03 ඉර බැසීම 05.50 පුෂ නැකත සවස 03.42න් ගෙවී අස්ලිස නැකත ලබයි. ඉල් අව සැටවක තිථිය සවස 05.11න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය දහවල් 12.06න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. ගරජකරණය අලුයම 04.52න් ගෙවී වණිජකරණය ලබා එය සවස 05.11න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - දකුණ

යෝගිනී - බටහිර

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.