ජූනි 29 සිට ජූලි 05 දක්වා උපන් ඔබේ ගතිගුණ

ජුනි 28, 2024

 

ජූනි 29 වැනිදා

 

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 2වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූනි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා කටක රාශිගතව ගමන් කරන බැවින් කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ ද්විත්ව ආකාරයෙන් බලපෑමට යටත් වේ. ඉතාම හැඟීම්බර ජීවිතයකට උරුමකම් කියන ඔබ ආදරය හොඳින් හඳුනන පුද්ගලයකු වන අතර සාහිත්‍ය කලාව වැනි ක්‍ෂේත්‍රයන්වල ඉදිරියෙන් සිටී. නොඑසේ නම් ඔබගේ නිර්මාණශීලිභාවය තුළින් සාර්ථක අනාගතයක් ගොඩනැඟිය හැකිය. පැරණි භාණ්ඩ එකතු කිරීම ආදිය විනෝදාංශයක් ලෙස ඔබ තෝරාගනී. සංචාරය සඳහා විශේෂ කැමැත්තක් දක්වන අතර විදෙස්ගත නොවේ නම් විදේශ රටවල් ගැන පවා කීයවීම හෝ සිදුකරනු ඇත. ආනයන, අපනයන අංශයන් ආර්ථික ජයග්‍රහණයන් සඳහා යෝග්‍ය වන අතර සූදු ඔට්ටු ඇල්ලීම් සිදු නොකළ යුතුය. සෞඛ්‍යමය වශයෙන් වරින් වර ඇතිවන බඩේ කැක්කුම ආදියට මුහුණ දීමට සිදුවේ.

 

ජූනි 30 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූලි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා කටක රාශිගතව ගමන් කරන බැවින් කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම ගුරු ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ජීවිතය ගැන ගැඹුරු දර්ශණයක් සහිත ඔබ ඉතාම ස්වාධින ශක්තිමත් නිර්භීත අයෙකු ලෙස හැඳින්විය හැකිය. ඕනෑම ක්‍ෂේත්‍රයක් තුළදි සාර්ථක විය හැකි ඔබ තමාට වඩා පහළ තලවල අයවලුන් අතර ජනප්‍රිය වනු ඇත. සාමය, අවංක භාවය අගයන ඔබ සාධාරණත්වය නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. අසාධාරණය හමුවේ ගැටෙන අතර නිරන්තරයෙන් සාධාරණ පැත්තේ හිට ගනී. ආර්ථිකය සාර්ථක කර ගැනීම සඳහා ව්‍යාපාර, දේශපාලනය, ගුරු වෘත්තිය ආදි කැපී පෙනෙන රැකියාවන් සාර්ථක වේ. යහපත් සෞඛ්‍යමය තත්ත්වයක් ඔබට උරුම වන අතර ක්‍රමවත් ආහාර රටාවකට හුරුවීම තව දුරටත් යහපත් වේ.

 

ජූලි 01 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම රවි ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබ හුදෙකලාව ප්‍රිය කරන නමුත් සමාජය ඉදිරියේ වඩාත් ජනප්‍රිය තත්ත්වයන්ට පත්වේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන අතරම මනුෂ්‍යත්වයෙන් කරන කැපවීම් ජීවිතය පුරාම දැකිය හැකිය. තමාගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තරයෙන් සිතන අතර මුදල් සෙවීම පවා සිදුකරන්නේ එම අරමුණ උදෙසාය. සංචාරය සඳහා ද වැඩි කැමැත්තක් දක්වන අතර අවංක උත්සාහයෙන් ආර්ථිකය ගොඩනඟාගත හැකිය. ජීවිත කාලයේ වරින් වර ආර්ථික කඩා වැටීම් ද දැකිය හැකිය. සෞඛ්‍යමය වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියේ අවයව හා ආහාර මාර්ගයේ අසනීප ඇතිවිය හැකිය. නමුත් සමස්තයක් වශයෙන් නීරෝගිමත් දිවිපෙවතක් ගෙවීමට ඔබට වාසනාව ඇත.

 

ජූලි 02 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ ද්විත්ව ආකාරයෙන් බලපෑමට යටත් වේ. ඔබ වඩාත් නිර්මාණශීලි හැකියාවන් සහිත අයෙකු වන අතර කාව්‍යය සාහිත්‍යය, සංගීතය ආදිය තම ජීවිතය කරගැනීම සිදුකරනු ඇත. ඔබ හැඟීම්බර වුවද සමහර අවස්ථාවන්හි ආවේගශිලිව කටයුතු කරනු දක්නටද ලැබේ. එවන් අවස්ථාවන්හි අවේගශීලිව කතා කිරීමෙන් සතුරන් ඇති කර ගන්නා අවස්ථාද නැතුවාම නොවේ. කලා ක්‍ෂෙත්‍රවලින් ඉදිරියට යා හැකි අතර එම ක්‍ෂේත්‍රයන් ආර්ථික වශයෙන් දියුණු වීමට යොදා ගැනීමෙන් ද සාර්ථක විය හැකිය. ජලය ආශි‍්‍රතව පදිංචිව සිටීමට කැමැත්තක් දක්වන අතර ම කුමන ක්‍ෂේත්‍රයක සිටියත් උසස් තතතුරු සඳහා වාසනාව ඇත. සෞඛ්‍යමය වශයෙන් නිරෝගි දිවි පෙවතක් ගෙවීමට වසනාව ඇත.

 

ජූලි 03 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම ගුරු ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබ නිර්මාණශීලි, බුද්ධිමත්, දක්ෂතා බහුල පුද්ගලයකු වීම විශේෂ ලක්ෂණයක් වේ. නිතරම ප්‍රී‍්‍රතිමත්ව සිටීමට කැමතිය. එම නිසා ප්‍රසන්න පරිසරයක් අපේක්ෂා කරනු ලැබේ. වැදගත් පුද්ගලයන් ඇසුරු කරන්නේ තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම වෘත්තීය කටයුතුවලට රුකුලක් ඔවුන්ගෙන් ලබා ගැනීමේ අපෙක්ෂාවෙනි. යහපත් මිතුරන් රැසක් ඔබට ඇතිවන අතර සමාජයේ ජනප්‍රිය වීමට ඔබගේ ආකර්ෂණීය පෙනුම පෞරුෂත්වය බෙහෙවින් රුකුලක් වේ. පෞද්ගලික ස්වාධීනත්වය අපේක්ෂා කරන අතර සැහැල්ලු හදවතක් හිමිය. ආර්ථිකමය වශයෙන් ජීවිතයේ මුල් කාලයේ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන නමුත් පසු කාලයේ සාර්ථක වේ.

 

ජුලි 04 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම රවි, යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබ ප්‍රබල අධිෂ්ඨානශීලි අයෙකු වන අතර කදිම ගොඩනැඟීමේ ශක්තියක් ඔබට හිමිය. අනෙකුත් පුද්ගලයන් බලන කෝණයට ප්‍රතිවිරුද්ධ කෝණයකින් බැලීම ඔබගේ ක්‍රමයයි. නිවැරැදි තර්කයකදි පවා ඒ බව දැන දැනත් සෑමවිටම විරුද්ධව තර්ක කිරීම ඔබ විසින් සිදුකරයි. අරගලකාරි හැසිරීමකට ගමන්කිරීම සිදු නොවන නමුත් ඔබගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔබට විරුද්ධ කණ්ඩායමක් ගොඩනගා ගනියි. එම නිසා ඔහුගේම හිතවතුන් පවා අභ්‍යන්තරයෙන් ඔබට රහසිගතව විරුද්ධව ක්‍රියා කිරීමට පටන් ගැනීම දැකිය හැකිය. ඉතා අමුතු නිර්මාණවලින් මුදල් ඉපයිය හැකි අතර ගුප්ත ශාස්ත්‍ර ක්‍රමවලින් මුදල් ඉපයිය හැකිය.

 

ජූලි 05 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජූලි මාසයේ නිසා ඔබ කටක රාශි අධිපති සඳු ග්‍රහයාගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ඉතාම සංවේදි අයෙකු වන අතර සුවිශේෂි තීක්‍ෂණ ඥාණයක්, බුද්ධිමත් භාවයත්, ක්‍රියාශීලිතාවයක් ඔබට හිමිය. ජීවිතයේ ඕනෑම පරාජයක් අභිබවා නැගී සිටිමට හැකියාවක් ඇත. ඔබට ගැටලුවක් කරුණු විශ්ලේශණය කොට අනිත් අයට පෙන්වා තහවුරු කිරීමේ හැකියාව ඇත. නොඑසේනම් ගැටලුවක් නොමැති බව ඔප්පු කිරීමට ඔබ දක්ෂය. ව්‍යාපාරික ලෝකයේ ඔබ විශාල වශයෙන් කැපී පෙනේ. ඕනෑම භාෂාවක් ඉගෙනීමට විශේෂ දක්ෂතාවයක් තිබේ. අන් අයට වඩා වේගවත්ව විවිධ භාෂා ඉගෙනීමට සමත් වෙයි. ලෞකික සැප සම්පත් ලැබීම් අතින් ඉතා වසනාවන්ත වන අතර තනි මතයට මුදල් ඉපයීම සඳහා ගමන් කළ යුතුය. සෞඛ්‍යමය වශයෙන් ස්නායු ආබාධ ප්‍රමුඛ වන අතර, නිතරම විවේකයෙන් සිටීම උචිත වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.