වෘෂභයට එන යුරේනස් ලොව කලඹයි

මැයි 31, 2024

 

ජුනි මස පළමුවැනි ශනි දින යුරේනස් වෘෂභ රාශිගත වෙයි. වෘෂභ රාශිය මකර නවාංශකය, කැති නැකත 2 පාදය කන්‍යා උදා රාශිගතව ධර්ම කර්මාධිපති නීච භංග රාජ යෝගයද සුනඵා අනඵා ධුර ධුරා යෝග රාහු කේතු අර්ධකාල සර්පයෝගයද ශනි දීප්ත යෝගය ද යුරේනස් වෘෂභ රාශිගතවීමේදී විද්‍යමාන වන්නේය. යුරේනස් සෙනසුරුට සමාන වියළි බවද චන්ද්‍රයාට සමාන සීතල බවක් ද දරයි. යුරේනස් වෘෂභ රාශි සංක්‍රමණය දෙස් විදෙස් ජනතාවට යෝග පොකුරක් උදා කෙරෙයි.

එසේම වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට පංචමහා පුරුෂ යෝග අතරින් සස සහ මාලවි යෝග බලය උදා වෙයි. එමඟින් එම ලග්න හිමි වැඩිහිටියන්ගේ ආදායම් මාර්ග, ව්‍යාපාර සාර්ථක වී අපේක්ෂා ඉටු වන කාල වකවානුවක් උදා වන අතර රාජ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකත්වයට පත් වේ.

මේ කාලය තුළ සියලු ලග්නවලින් උපත ලබන දරුවන්ට සහ ළමා වියේ පසුවන අයට වාග් චාතුර්යය, ධර්ම ශාස්ත්‍රීය දැනුම මෙන්ම දෙස් විදෙස් අධ්‍යාපනය ලබමින් අනාගත රජ්‍ය තාන්ත්‍රිකයන් බවට පත් වීමේ භාග්‍යය උදා වෙයි.

එසේ වුව ද බොහෝ දෙනකුට ස්නායු, නහර, කොඳු ඇට, මොළයෙහි සියුම් කොටස් කෙරෙහි ද ප්‍රබල බලපෑම් ඇති විය හැකිය.

එසේම කර්මාන්ත, ගුප්තමය, ක්‍රියාකාරීත්වය, ජලනල, චන්ද්‍රිකා, රූපවාහිනී, භූමිකම්පා, විදුලිය, මෝටර් රථ, යාන වාහන, ගෑස් නිධි, ගිනි ගැනීම්, පරමාණු මූලික කොටගත් ලෝක පසුබිම ඉතා ව්‍යාකූල විය හැකිය. සෞඛ්‍යය, නීතිය, අධ්‍යාපනය, සුබසාධන සේවා, ආශ්‍රිත ගැටලු මතු විය හැකිය. ළමා අපයෝජන, වහල් වෙළෙඳාම, වසංගත රෝග, පැතිර යා හැකිය.

සන්නිවේදන, ජනමාධ්‍යය, තැපැල්, ගුවන්සේවාවල පසුබෑම් ඇති විය හැකිය. ලේඛන කලාවෙහි ප්‍රවීණ ප්‍රකට අයකුගේ හදිසි අනතුරක් පිළිබඳ ආරංචි විය හැකි කාල පරාසයකි. ගුවන්, නාවික, මහාමාර්ග, දුම්රිය සම්බන්ධ හදිසි අනතුරු මෙන්ම අතුරුදන්වීම් සිදු විය හැකිය.කාලගුන්ක විපර්යාස බහුල වන කාලයකි. මුහුදු ගමන්වල යෙදෙන්නන් අතිශයින් පරෙස්සම් විය යුතු සමයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.