විෂ කර නොගෙන ගනිමු අපි අහර

ජනවාරි 26, 2024

ආහාරයක් විෂ වන්නේ ඒවා අප ශරීරයට ප්‍රශස්ත තත්ත්වයෙන් නොගැනීම හේතු කොට ගෙනය. ආහාර නිෂ්පාදනයේදී, ගබඩා කිරීමේදී හෝ ප්‍රවාහනයේදී යන ඕනෑම අවස්ථාවක ආහාර දූෂණය විය හැකිය. කල් ඉකුත් වූ ආහාර ගැනීම, දුර්වල ආහාර පිසීම හෝ අමු ආහාර ආහාරයට ගැනීම නිසාවෙන් ආහාර විෂවීමක් විය හැක. මෙහිදී ඔබ දැනගත යුතු දේ තමයි Allergic  එකක් ද නැතිනම් ආහාර විෂවීමක්ද (food poisoning) එකක්ද යන වග. Allergic  එකක් නම් කසලා පලු දමයි. රතු වෙයි. නමුත් ආහාර විෂවීමකදී කෑම ගෙන පැය භාගයකට පසුව හෝ සමහර විට දිනකට පසුව හෝ මේ ආකාරයෙන් රෝග ලක්ෂණ එළියට එයි. වමනය, මෙන්ම පාචනය, බඩේ වේදනාව සහ කැක්කුම සමහර විට උණද ඇති විය හැකිය.

ආහාර විෂවීම යනු අපවිත්‍ර ආහාර අනුභව කිරීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මෙය එතරම් බැරෑරුම් නොවුණද වැඩිහිටියන් හෝ ගර්භණී අවස්ථාවේ සිටින කාන්තාවකට මෙය බැරෑරුම් විය හැකිය. මෙම ආහාර විෂවීම් අවස්ථාවන්හිදී ආහාර දුෂණය වන්නේ salmonella Eou  වැනි බැක්ටීරියා, දිලීර හෝ වෛරස මඟිනි. මේවා මඟින් අප ශරීරය තුළින් එළියට පෙන්නුම් කරනු රෝග ලක්ෂණ අතර උදර වේදනාව ආහාර රුචිය නැති වීම, උණ, මාංශ පේශි කැක්කුම්, සීතල දැනීම, ආදියද ශරීරය තුළින් ඉස්මතු කරයි.

යම් ආහාරයක පෘෂ්ඨයකින් තවත් මතුපිටකට හමුවන බැක්ටීරියා හෝ වෛරස් සම්පේ‍්‍රෂණය වීම අමු ආහාරවල සහ සලාද වැනි දෑ ආහාරයට ගැනීමෙන් මෙලෙස ආහාර විෂ විය හැකිය. තවද මස් වර්ගවලද තිබිය හැක. ඒ වගේම නිවැරැදිව ඇසුරුම් නොකරන ලද ආහාර මේම සෝස් හෝ ඉස්සුවන් සෙමෙන් සිසිල් වේ. බොහෝ දුර්වල ආහාර පිසීම වැනි අමු ආහාර ඒවායින් විෂ වීමට තවත් හේතුවක් විය හැක.

ආහාර විෂවීමකදී ඔබ බොහෝ විට නිවසේදීම සුවය ලබා ගන්නා අතර රෝග ලක්ෂණ දින කිහිපයකින් පහව ගොස් තම සම්පූර්ණ සුවයද ලබයි. නමුත් යම් විටක රෝග ලක්ෂණ ඔබට කරදරකාරිත්වයක් වෙයි. එවිට ඔබට මෙම රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාගත හැකිය. ඔබට සුවයක් ලැබෙන තුරු විජලනය වැළැක්වීම සඳහා ඔබ විවේක ගත යුතු අතර, තරල පානය කළ යුතුය. ඔබ අවශ්‍ය තරම් ජලය පානය කළ යුතුයි.

කොහොම නමුදු ඔබ ආහාර විෂවීමකට ලක් වෙනවාට වඩා එව වළක්වා ගැනීමට හැකි නම් එය වඩාත් යෝග්‍ය වේ. ඒ සඳහා ඔබ මෙවැනි ආකාරයෙන් ක්‍රියා කළහොත් ආහාර විෂවීම්වලට ගොදුරු නොවේ. ආහාර පිසීමේදි ආහාර හොඳින් පිසීම, (විශේෂයෙන් මස් හොඳින් පිස ගත යුතුය) පිසින ලද ආහාර උණුසුම් උෂ්ණත්වයේ වැඩි වේලාවක් තබා ගැනීම, කලින් පිසූ ආහාර නැවත රත්කිරීමේදී ප්‍රමාණවත් ලෙස රත් කිරීම අසනීප වූ හෝ අපිරිසිදු දෑත්වලින් ආහාර නොඇල්ලීම , ආහාර ඇල්ලීමට පෙර දෑත් නියමානුකූලව පිරිසිදු කර ගැනීම, කල් ඉකුත්වූ ආහාර නොගැනීම ආදියෙන් නිෂ්පාදන සැකසීම හෝ පිසීමේදී වන ආහාර විෂවීම් වළක්වා ගත හැක.

එලෙසම නිසි ලෙස ගබඩා කිරීම හෝ වැසීම නොකළහොත් ආහාර අතර බැක්ටීරියා පැතිරීම නිසා දූෂණයට ගොදුරු වේ. අමු බිත්තර, අමු බෙල්ලන්, අමු මස් හෝ කුකුළු මස්, පැස්ටරීකරණය නොකළ කිරි, කෑමට සූදානම් ක්ෂණික ආහාර තුළින්ද ආහාර විෂවීම් සිදු විය හැකිය. මෙහිදී පිරිසිදු කිරීම, ඉවුම් පිහුම් කිරීමේදී ශීතකරණයේ තැබීමේදී ඉහළ ප්‍රමිතියක පවත්වා ගැනීම. එනම් යම් ආහාර නියමිත උෂ්ණත්වයේ තැබීම නැතිනම් ලේබල් කිරීම, ඒ වගේම ආහාරය කල් ඉකුත් වන දිනය අනිවාර්යෙන්ම තිබීම, දූෂණය වූ ආහාර වෙන්කර තැබීම, ආදියෙන් ආහාර ගබඩාකරණයේදි වන ආහාර විෂවීම් මඟ හැරිය හැක.

තවද ආහාර ශීත කිරීමේදී හානිකර බැක්ටීරියා වර්ධනය වීම හා ගුණ කිරීම වැළැක්වීම සඳහා ඇතැම් ආහාර නිවැරදි උෂ්ණත්වයේ තබා ගත යුතු අතර, ලේබලයේ ඇති උපදෙස් නිතරම කියවා ගන්න. ඔබේ ආහාර තබා ඇති ශීතකරණය නියමිත උෂ්ණත්වයේ තිබේද බලන්න. සිසිල් කළ යුතු ආහාර කාමර උෂ්ණත්වයේ තබා ඇත්නම්, බැක්ටීරියා වර්ධනය වන හෙයින් හැකි ඉක්මණින් ශීතකරණයට දමන්න. පිසින ලද ඉතිරි දෑ ඉක්මනින් සිසිල් කළ යුතුය.

ඒ වගේ cross contamination අවම කළ යුතුය. එනම් අපිරිසුදු ඔබේ අත් මඟින් ආහාර ඇල්ලීම් ඒවා දමන උපකරණ ඇල්ලීම මඟින් ආහාර විෂවීම් විය හැකිය.

දිනක් පාසලක නේවාසිකාගාරයක සිටි සිසුන් සියලු දෙනාම වගේම රෝහලට ඇතුළු කරන ලදි. සිසුන්ට තිබුණේ වමනය, බඩේ කැක්කුම, ඔක්කාරය යන රෝග ලක්ෂණයන්ය. පසුව විමසා බැලීමේදී හෙලි වූයේ නේවාසිකාගාරයේ එදා පිසින ලද මස් වර්ගයක් විෂ වූ බවය.

තවත් දිනක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 20 දෙනකු විතර රෝහල් ගත කෙරිණ. කරුණු විමසීමකදී කල් ඉකුත් වූ කිරි පානය කිරීමක් බව හෙළි විය.

ඉතින් ඔබත් මෙවැනි අපහසුතාවයන්ට පත් නොවී එනම් ‘ආහාර විෂවීම්’ අවම කරගනිමින් හෝ ආහාර විෂවීමක් ඇති වූ විට වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසු වේ. නැතිනම් ඔබට මෙම රෝග ලක්ෂණ සමඟ දින 10 ක් ම සිටීමට සිදුවනවා ඇත.

 

පී.බී දිස්නා ජීවනී

හෙද නිලධාරිනී

දිස්ත්‍රික් මහරෝහල ගම්පහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.