නිවෙසක විද්‍යුත් මෙවලම් භාවිතය

දෙසැම්බර් 29, 2023

 

අද වන විට විද්‍යුත් මෙවලම් භාවිතය අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. කලකට පෙර නිවෙසේ මුළුතැන් ගෙයි පමණක් පැවති විද්‍යුත් මෙවලම් නිවස පුරා යොදා ගන්නා තත්ත්වයක් මේ වන විට ගොඩනැඟී ඇති බව නිසැකයි. මේ ස්වභාවය අපට දනවන්නේ ජීවිතය වඩාත් පහසු කරවන්නක් ලෙස බැවින් ඉදිරියේ දී මේ තත්ත්වය වඩ වඩාත් වර්ධනය වන බවට සැකයක් නොමැත.

විද්‍යුත් මෙවලම් භාවිතය පිළිබඳව පවත්නා සරල ගතානුගතික විරෝධයෙන් ඔබ්බට ශාස්ත්‍රීය විග්‍රහයක් අද අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාත්මක උරගල දරා සිටින්නන් අතේ මේ මෙවලම් භාවිතය වේගයෙන් ප්‍රචලිතව පවත්නා බැවිනි.

එසේම පොදුවේ සමාජයට මෙවැනි මෙවලම් භාවිතය වැඩකටයුතු පහසු කර ගැනීම ඉක්මවා යමින් සමාජ මෝස්තරයක් බවට වැඩෙමින් තිබීමද අප විසින් මැනැවින් අවබෝධ කටයුතුයි. මේ තත්ත්වය සරල නිවහනකට වඩා වැඩි වැඩියෙන් ව්‍යාපාර, කාර්යාල පූජනීය ස්ථාන, කර්මාන්ත ශාලා ආදියෙන් පැවතීමද අවසානයේ බලපාන්නේ මනුෂ්‍යයාටම ය.

යම් ස්ථානයක විද්‍යුත් මෙවලම් භාවිත කිරීමේ දී සිදුවන්නේ කුමක්ද? ගලා යන ඉලෙක්ට්‍රෝන හෙවත් ඝෘණ ආරෝපණ ධාරාව නිසා පරිසරය ප්‍රතිවිරුද්ධව ආරෝපනය වීම ස්වභාවයයි. මෙසේ ප්‍රේරිත ධන ආරෝපණ ක්‍රියාවලිය අවකාශයේ විද්‍යුත් මීදුමක් ඇති කරයි. මෙකී විද්‍යුත් මීදුම හරහා ගමන් ගන්නා අපගේ ශරීරයෙන් ධන අයන සාන්ද්‍රණය කෙමෙන් වැඩිවීමට පටන් ගනියි. මෙය අන් අයුරකින් පවසන්නේ නම් ශරීරය ආම්ලික තත්ත්වයක් ජනිත කරයි.

ලොව පුරා ජෛව විද්‍යාත්මක පර්යේෂණවලදී පැහැදිලි වූ වැදගත්ම කරුණක් වන්නේ ජෛවී දේහයක (ශරීරයක) බොහෝ අහිතකර විෂබීජ, පිළිකා සෛල වැනි දේ පැවතීම හෝ ගොඩනැඟීම හෝ වැඩි වර්ධනය වීම කෙරෙහි මෙකී අම්ලික මාධ්‍යය ඉවහල් වන බවයි. 1930 ගණන්වල බටහිර වෛද්‍ය ඔටෝ නම් විද්‍යාඥයකුට පිළිකා සෛලවල වැඩීමට ඝෘණ අයන සහිත මාධ්‍යයකින් සිදුකරන බාධාව පිළිබඳව කළ පර්යේෂණ කාර්යය සඳහා නොබෙල් ත්‍යාගය පවා හිමි වී තිබේ. මෙය අද වන විට ඝෘණ අයන සහිත ජලය හෙවත් ඇල්කාලයින් වතුර නිෂ්පාදනය හා භාවිතය දක්වා වර්ධනය වී ලොව පුරා ප්‍රචලිත වී තිබේ.

පොදුවේ බටහිර නූතන විද්‍යා අර්ථයෙන් ඇල්කාලයින් ලෙස හඳුන්වන ජල භාවිතයට ජපානයේ භාවිත වන්නේ “කැන්නන්” ජලය නම් වදනකි. මෙහි සාමාන්‍ය අදහස නම් ප්‍රකෘතිය වෙත නැවත යෑමක් වැන්නකි. මේ අනුවද අපට වඩාත් අවධාරණය වන්නේ අපගේ ස්වභාවික තත්ත්වය වන්නේ ආම්ලික ස්වභාවය නොව භාෂ්මික ස්වභාවය බවයි. මේ ස්වභාවය ජෛව විද්‍යාත්මකව තහවුරු කරවන අනෙක් කරුණ වන්නේ ඉතා සුළුවෙන් මුත් රුධිරයේ (ලේවල) භාෂ්මිකතාවයක් පැවතීමයි.

කෙසේ වෙතත් පරිසරයේ භාෂ්මික ස්වභාවය බිඳවැටීම කෙරෙහි විද්‍යුත් මෙවලම් බරපතළ ලෙස බලපාන බව මේ අනුව අප අවබෝධ කටයුත්තේ එයින් ඇති කරන ව්‍යාධි තත්ත්වයන්ගේ බරපතළ භාවයද මැනැවින් තක්සේරු කර ගනිමිනි. මෙහිදී වැඩි ධාරිතාවකින් යුතු විද්‍යුත් මෙවලම් යොදා ගැනීමෙන් වැඩි ප්‍රේරිත ආරෝපණ ඝනත්වයක් ඇතිවන බව පැහැදිලි වේ. මේ නිසා අද වන විට අත්‍යවශ්‍ය විද්‍යුත් මෙවලම් වුවත් අඩු ධාරිතාවයන්ගෙන් භාවිත කළ යුතු වීමද අද සිතා බැලිය යුත්තකි.

එසේම හැකිතාක් වාතාශ්‍රය හා ආලෝකය නිවෙසට ඇතුළු කර ගැනීමට උත්සාහ කිරීමද මේ ව්‍යාධි තත්ත්වයන් යම් පමණකින් හෝ අඩුකර ගැනීමට ඉවහල් වන බවද මෙහිදී සැලකිය යුතුව තිබේ. මේ පිළිබඳව යමකුට මතුවිය හැකි වැදගත් ප්‍රශ්නයක් වන්නේ නිවෙසක වැසි වාතාශ්‍රයක් පැවතීම නිසා පෙර අවධාරණය කරනු ලැබූ ආම්ලිකතාව ඇති කරන ධන ආරෝපණ හෙවත් විද්‍යුත් මීදුම සුළඟින් හෝ ඉවතට යෑමක් සිදුවීම විය හැකි බවයි. එහෙත් ආලෝකය මැනැවින් නිවෙසට ලැබීමෙන් සිදුවන යහපත කුමක්ද යන්න තාර්කිකව අවබෝධ කර ගැනීම පහසු නොවේ.

මෙහිදී අප විසින් ආලෝකය සකස් වී ඇති ෆෝටෝන ක්‍රියාවලිය පවා අවබෝධ කර ගත යුතු වේ. ඒ අනුවද ඝෘණ ආරෝපණ ඝනත්වයක් ඇති කිරීමට වැඩි භූමිකාවක් ඇති වන බව අපට වටහා ගත යුතු වේ. එසේම නිවසකට ඊශාන දිශාවෙන් (සාපේක්ෂ වශයෙන්) ගලා එන අන්තරීක්ෂ ශක්තියද පෙර කී ෆොටෝන් ක්‍රියාවලිය හා බැඳී ඇති බැවින් ආලෝකය සේම අන්තරීක්ෂ ශක්තියද කළමනාකරණයද අපගේ අවධානයට ලක් විය යුතු වේ. මෙහිදී නූතන වාස්තු විද්‍යාවේදී සමස්ත වශයෙන් අප සිදු කරන්නේ මෙකී අන්තරීක්ෂ ශක්ති කළමනාකරණය බව දැන් පහදා දිය යුතු වේ. මෙයින්ද පැහැදිලි වන්නේ නූතන බටහිර විද්‍යාත්මක පදනම මතම පිහිටුවා ගනිමින් අන්තරීක්ෂ ශක්තිය වැඩි වැඩියෙන් නිවෙසට ලබාදෙන ක්‍රම ඇතුළත් නූතන වාස්තු විද්‍යාව බටහිර විද්‍යා පර්යේෂණවලින් විධිමත්ව තහවුරු වන බවයි. සාම්ප්‍රදායික වාස්තු පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේ දී පවා මෙකී ඝෘණ අයන සාන්ද්‍රණය වැඩි කර ගනිමින් යහපත් වටපිටාවක් ඇති කරයි.

පරිසරයේ පවත්නා ගහකොළ ආදියෙන්ද මේ තත්ත්වය වැඩිදියුණු කරනු ලබන්නේ උද්භිද විද්‍යාත්මක තහවුරු කිරීම්ද සහිතවයි. යහපත් ලෙස ගහකොළ ඇසුරක් සහිතව නිවෙසක් ඉදිකරගත් විට නීරෝගිවත් ජීවිතයක් නිවැසියනට උදාවීමේ ප්‍රායෝගික සත්‍යය මේ අනුව නූතන බටහිර විද්‍යාත්මක විග්‍රහයන්ගෙන්ද තහවුරු කොට පෙන්වා දිය හැකියි.

මෙහිදී යළිත් විද්‍යුත් මෙවලම් වෙත සෘජුව ප්‍රවේශ වන්නේ නම් අන්තරීක්ෂ ශක්තිය (සාපේක්ෂ වශයෙන්) ගලා එන ඊශාන, මධ්‍යය, නිරිත රේඛාවෙන් වඩාත්ම දුරින් පිහිටි ගිනිකොන හා වයඹ දිශාවන්හි බරපතළ විද්‍යුත් මෙවලම් ස්ථානගත කිරීමෙන් හානිය අවම වන බව තහවුරු කොට පෙන්වා දිය හැකියි.

මෙයට අමතර වාහන ආදියේ පවා මෙකී විද්‍යුත් ක්ෂේත්‍ර ඇතුළත වැඩි කාලයක් ගෙවීමට සිදුවීම නිසා ඇති වන ශාරීරික ආම්ලිකතාව වළකා ගැනීමද අද ප්‍රමුඛ අවශ්‍යතාවකි. එයට බලවත්ම හේතුව වන්නේ අපේ ශරීරය ආම්ලික වීමෙන් අපගේ මොළය ප්‍රධානව ශරීරය ජෛව රසායනික වෙනස්කම් ඇති කිරීමයි.

කෙසේ වුවත් විද්‍යුත් මෙවලම් අවශ්‍යතාව බලවත්ව පවත්නා මේ තත්ත්වය යටතේ තවත් නව විකල්පයන් සෙවීමට සිදුවීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා උචිතම භාවිතය වන්නේ ඝෘණ අයන ජනකයක් හෙවත් අයනයිසරයක් භාවිත කිරීමයි.

නිදන කාමරයේ වායුසමීකරණ යන්ත්‍රයක් නිදා ගන්නා අවස්ථාවේ දී භාවිත කරන්නේ නම් එහි අයනයිසරයක් භාවිතයට ගැනීම මඟින් අයන තුලනය මැනැවින් සිදුකළ හැකියි. මේ ස්වභාවය ඝන සෙන්ටිමීටරයක පවත්නා අයන දහස් ගණන් මැන බැලීමේ සරල මෙවලම් පවා අද භාවිතයේ සුලභව ඇත්තේ මෙකී බරපතළ තත්ත්වය මේ වන විට බටහිර දියුණුව ලැබූ ලෝකය මැනැවින් හඳුනාගෙන ඇති බැවිනි.

නූතන වාස්තු භාවිතය වෙත යෑම අසීරු අවස්ථාවක මේ බරපතළ ව්‍යාධියෙන් අත්මිදීමට මෙැනි ප්‍රති ව්‍යාධි විද්‍යුත් මෙවලම් හෙවත් අයනයිසර භාවිතය ප්‍රචලිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද මේ අනුව අවධාරණය කළ හැකියි.

 

සිවිල් ඉංජිනේරු

විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.