නමට අයිති අංකයෙන් පැවසෙන පැවසෙන ඔබේ චරිතය

දෙසැම්බර් 1, 2023

සෑම පුද්ගලයකුම මෙලොව උපදින විටදී ඔහුට අනිවාර්යයෙන්ම හිමිවන දෙයක් වේ නම් ඒ නම සහ උපන් දිනයයි. එහෙත් එය පුද්ගලයකුට පමණක් සීමා වූ කාරණයක් නොවේ.

යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන විටදි ද, යම් ව්‍යාපාරයක් අරඹන විටදී ද නමක් සහ උපන් දිනයක් හිමිවේ. ඒ ඒ කාලයට භාෂාවට විවිධ සංස්කෘතික ලක්ෂණ අනුව නම් තැබීම වෙනස්කම්වලට භාජනය වෙමින් ඉදිරියට පැමිණි බව පෙනේ. එමෙන්ම සමාජ රටාවන් තුළ වුවද නම් තැබීමේ වෙනස්කම් දැකිය හැකිය.

යම් පුද්ගලයකුගේ නම සහ උපන්දිනය යන්න සෑදි ඇත්තේ අක්ෂර සහ අංකවලිනි. එහෙයින් පුද්ගලයකුට උපතේදි ලැබෙන අක්ෂර සහ අංක ඔහුගේ ජීවිතයට බොහෝ වැදගත් වේ. මන්ද එම පුද්ගලයාගේ මුළු ජීවිතය පුරාම කරනු ලබන්නේ අංක සහ අක්ෂර සමඟ ගණුදෙණුවක් වන බැවිනි. දරුවකු පාසල් දිවිය අරඹා අධ්‍යාපනය ලබන විට දක්ෂතා ඇගයීම් සිදුවන්නේ ද අංක සහ අක්ෂර මඟිනි. ඔහු රැකියාවක් කිරීමෙන් වැටුපක් ලැබීම විවාහ වීම, නිවාස රථවාහන මිලදී ගැනීම ආදියෙහි දී ප්‍රධාන වන්නේ ද අක්ෂර සහ අංකයන්ය.

මේ ආකාරයට පුද්ගලයකු උපතේ සිට මරණය දක්වා අංක හා අක්ෂර මූලික වේ. ඒ නිසා අංක සහ අක්ෂර නොසලකා අපට කටයුතු කළ නොහැකිය. කරුණු එසේ නම් නමක් තැබීමේදි එය නාමයක් පමණක් ලෙස නොව පුද්ගලයාට හෝ ව්‍යාපාරයේ සාර්ථකත්වයට, පැවත්මට තුඩු දෙන ආකාරයේ යහපත් නමක් තැබීම සිදු කළ යුතුය. ඒ සඳහා අංක විද්‍යාව සාර්ථකව යොදා ගත හැකිය.

චෝල්ඩියන් ක්‍රමයේදි අප පළමුව එක් එක් ඉංග්‍රීසි අක්ෂරයට ලැබෙන වටිනාකම බලමු.

A=1, B = 2, C = 3, D = 4, E = 5. F = 8, G = 3, H = 5, I=1, J = 1, K =2, M = 4, N = 5, O= 7, P = 8 ,Q =1, R = 2, S = 3, T = 4, U = 6, V = 6, W = 6 , X =5,Y = 1, Z =7 නමක් සෑදීමේදි පුද්ගලයාගේ පෞද්ගලික අංකයට හෝ මාසයේ අංකයට නම් තැබිම කළ හැකිය. මෙහිදි වැදගත් වන්නෙ නමෙහි අවසාන චොල්ඩියන් අගය සුබ සංයුක්ත අංකයට පැමිණීමයි. ඒ අනුව උදාහරණයක් ලෙස 2005. 10. 15.දින උපන් සම්පත් කුමාර යන නම භාවිත කරන්නකුගේ නම සුදුසු දැයි පරික්ෂා කර බලමු.

 

S A M P A T H K U M A R A
3 +1 + 4 +8+ 1 + 4 + 5 2 +6+ 4+ 1+2+1
26 - 2 + 6 = 8 16 - 1 + 6 = 7

නමෙහි සංයුක්ත අංකය 7 + 8 =15

සම්පත් කුමාරගේ උපන් දිනය 2005.10.15

පෞද්ගලික අංකය 1+5 =6

මාසයේ බලය අංක 6 (මෙම මාසයේ රවි ගමන් කරන්නේ සිකුරු හිමි තුලා රාශියේය)

ඉහත සඳහන් සම්පත් කුමාර යන නමෙහි සංයුක්ත අංකය අංක 15 වේ. ඔහුගේ පෞද්ගලික අංකය 6 සහ මාසයේ බලය ද 6 වේ. එම නිසා අංක 15 නමක් ඔහුට යෝජනා කළ හැකිය. මෙය වසනාවන්ත අංකයකි. බොහෝ ඉක්මනින් ප්‍රසිද්ධියට පත්වේ. වගකීම් නිසි පරිදි ගන්නා සාර්ථක පුද්ගලයකු බිහිවේ. එහෙත් ඔහු සම්පත් හෝ කුමාර යන නම වෙන් වශයෙන් පමණක් භාවිත කළොත් අසාර්ථක වේ. සංයුක්ත අංක 26 හෝ 16 නම් තැබීම ඉතාමත් අසාර්ථකවේ. එම නිසා ඔහු සම්පත් කුමාර ලෙසම භාවිතා කළ යුතුය. මේ අනුව සහ පහත කරුණු සැලකිල්ලට ගෙන ඔබට ඔබේ නමෙහි සාර්ථක අසාර්ථකභාවය සොයා ගත හැකිය.

සංයුක්ත අංක 10 ට පෞද්ගලික අංක 1 හෝ 4 හිමියන්ගේ නම් තැබිය හැකිය. ඉතාමත් වාසනාවන්ත අංකයකි. මොවුන් හොඳට හෝ නරකට ප්‍රසිද්ධ වන අතර, බලවතුන් බිහිවන අංකයකි. අංක 11 ඉතාමත් අවාසනාවන්ත අංකයක් වන අතර, මේ අංකයට නම් තැබීමෙන් සැඟවුණු අනතුරු නඩු වෙනත් පුද්ගලයන් අතින් වංචාවට භාජනය වීම් තර්ජනයන්ට ගොදුරු වීම් ආදියට මුහුණ දීමට සිදුවේ. අංක 12 ප්‍රසිද්ධියට පත්වන වසනාවන්ත අංකයකි. පෞද්ගලික අංක 3 6 9 සඳහා සුදුසුය. අංක 13 ද නම් තැබීම මඟින් පුද්ගලයා වේගයෙන් ඉහළට ගොස් එකවර කඩා වැටීමක් සිදුවේ. එහෙත් මේ අංකය යම් අයකුගේ නමෙහි අංක ගණනය කිරීමේදි ලැබෙන්නේ නම් බලාපොරොත්තු නොවන දේ සිදුවීම පිළිබඳව සෝදිසියෙන් සිටිය යුතුය. අංක 14 ට පුද්ගලයකුට හෝ ව්‍යාපාරයකට නම් තැබීම සිදුකළ විට මුදල් තත්ත්වය යහපත්වන නමුදු තීන්දු තීරණ ගැනීම තමා විසින්ම කළ යුතුවේ. අංක 15 වාසනාවන්ත අංකයකි නම් තැබීමේදි භාවිත වේ. පුද්ගල උපන් දිනය අංක 06 වන විට අංක 15 නමක් තැබිය හැකිය එහෙත් කිසිවිටකත් අංක 08 සම්බන්ධ වන අවස්ථාවලදි අංක 15 න් නමක් නොතැබිය යුතුය. අංක 16 ඉතා අසුබ අංකයකි. ඉහළම ස්ථානයේදි කඩා වැටීම ඇතිවේ. එල්. ටී. ටී. ඊ. සංවිධානය හොඳම උදාහරණය වේ. එය අංක 16 ට පැමිණේ. එවිට සාර්ථක ගමනක් සිදුවී අවසානයේ රජුන් සමඟ විනාශ වේ.

සංයුක්ත අංක 17 ශනි ග්‍රහයාගේ අංකයක් වන අතර, පූජනීය ස්ථානවලට නම් තැබීම සඳහා භාවිත කරයි. අංක 18 ද ඉතා අසුබ අංකයකි. 18 නමක් තැබීමෙන් පුද්ගලයාගේ ආර්ථිකය ඉතාම දුර්වල වන අතර, අසනීප තත්ත්වයන් හා දුෂ්කරතා සියල්ල වැඩිවේ. නිතරම අඬදබරවල පැටලේ. අංක 19 ඉතාමත් වසනාවන්ත අංකයක් වන අතර, පෞද්ගලික අංක 1 සහ 2 අයවලුන් සඳහා ඉතාමත් යෝග්‍ය වේ. සංයුක්ත අංක 20 නම් තැබීම සඳහා භාවිතා නොකරන අතර, මේ අංකය භාවිත කිරීමෙන් ලෞකික සාර්ථකත්වය පිරිහේ. අංක 21 ඉතාමත් සුබ අංකයක් වන අතර ගෞරවය, සාර්ථක භාවය හිමිවන අංකයකි. අංක 22 මායාවේ සහ රැවටීම්වල අනතුරු හඟවන අංකයක් වන අතර, අනිත් අයගේ බලපෑම් නිසා වැරදි තීරණ ගැනීමට සිදු විය හැකිය. අංක 23 ඉතාමත් යහපත් ලෙස නමක් තබා ගැනීම සඳහා භාවිත කළ හැකි අංකයකි. පෞද්ගලික අංක 5 සඳහා වඩාත් සුදුසුය. අංක 24 පෞද්ගලික අංක 3, 6, 9 සඳහා ඉතාමත් සුදුසුය. සියලු ලැබීම් ඇති වන්නේ විරුද්ධ ලිංගිකයන්ගෙනි. අංක 25 සුබ අංකයකි. එහෙත් ජයග්‍රහණය ප්‍රමාද වේ. පෞද්ගලික අංක 2 සහ 7 අය සඳහා වඩාත් සුදුසුය. අංක 26 ඉතාමත් අවාසනාවන්ත අංකයකි. පුද්ගලයන් ප්‍රබල ව්‍යසනවලට මුහුණ පෑමට සිදුවේ. අංක 27 අංක 3, 6, 9 පෞද්ගලික අංකයන් සඳහා වඩා යහපත් වන අතර, නියම ප්‍රතිඵල සඳහා තමන්ගේ අදහස් අනුව කටයුතු කළ යුතුය. අංක 28 අසුබ අංකයක් වන අතර, 28 න් නම් තබන්නේ නැත. නමක් තැබුවහොත් නෛතික ගැටලුවලට පැටලී විනාශ වනු ඇත. අංක 29 ද අසුබ අංකයකි. විරුද්ධ ලිංගිකයන්ගේ වංචාවලට හසුවිය හැකි අතර, බලාපොරොත්තු නොවු අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ. අංක 30 ශක්තිමත් අංකයකි. ජීවිතයේ දියුණුවක් ඇතිවේ. එහෙත් හදිසියේ මරණයකින්, ඝාතනයෙන් කෙළවර විය හැකිය. එම නිසා නම් තැබීමට භාවිත නොකරයි. අංක 31 ලෞකික වශයෙන් වාසනාවන්ත අංකයක් නොවේ. අංක 30ට සමාන බලයකි. අංක 32 පෞද්ගලික අංක 1 ,5 හිමි පුද්ගලයන්ට ඉතාමත් යහපත් අතර, අංක 33 අංක 24 බලයට සමානය. එසේම අංක 34 අංක 25ටත් අංක 35 අංක 26 ටත් අංක 36 අංක 27 ටත් සමාන බලයන්වලින් යුක්තය. එසේම අංක 37 අංක 10ටත් අංක 38 අංක 29ටත් අංක 39 අංක 30ට ත් අංක 40 අංක 31ටත් අංක 41 අංක 32 ටත් අංක 42 අංක 24ටත් බලයෙන් සමානය. සංයුක්ත අංක 43 ද අවාසනාවන්ත අංකයක් වන අතර, අංක 43 ට නම් තැබීමෙන් ප්‍රචණ්ඩත්වය සහ කඩාවැටීම්වලට මුහුණ පෑමට සිදුවේ. අංක 44 අංක 26 ටත් අංක 45 අංක 27ටත් අංක 46 අංක 38 ටත් අංක 47 අංක 29 ටත් අංක 48 අංක 30ටත් අංක 49 අංක 31ටත් අංක 50 අංක 32ටත් අංක 52 අංක 43හි බලයටත් සමාන වේ. අංක 51 බලවත් අංකයකි වේගවත් ඉදිරිගමනක් ඇතිවේ. එහෙත් නම් තැබීමෙන් සතුරන් අතින් ඝාතනය වීමට පුළුවන. එබැවින් ඔබේ නමට අයත් අංකය සොයාගෙන එය දුර්වල සංයුක්ත අංකයක් ලබා දෙන්නේ නම් නමේ අර්ථය නොවෙනස් වන පරිදි තවත් අකුරක් එක් කර ගැනීමෙන් හෝ ඉවත් කිරීමෙන් සංයුක්ත අංකය වෙනස් කර සුබපල ලබාගත හැකි වනු ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.