පෙබරවාරි මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...

නොවැම්බර් 17, 2023

පෙබරවාරි මාසයේ 4, 13 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. එම නිසා මේ දිනවල උපන් පුද්ගලයන් ආකර්ෂණීය පෙනුමක් ඇති අධි සංවේදිභාවයෙන් යුක්ත පුද්ගලයන් වේ.

ඔවුන්ට බොහෝවිට තමන්ගේ ක්‍රියාකාරකම් හා අදහස් අනිත් පුද්ගලයන්ගේ අදහස් හා ක්‍රියාකාරකම් හා ගැටෙන විට හෝ පරස්පර වන අවස්ථාවලදි සිත් රිදිම් වලට මුහුණ දීමට සිදුවනු ඇත. එම නිසා මොවුන් කුඩා කාලයේ දෙමාපියන් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුවේ. ඔවුන්ට තදින් ක්‍රියාකිරිම හෝ අකාරුණිකවන්ත වීම දරුවන් ගේ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකිය. මොවුන් සමාජයේ බොහෝ පිරිසක් ඇසුරු කළද ජීවිතයේ තනිකම පාළුව තුරුළු් කරගෙන ජීවත්වන පුද්ගලයන් වේ. විශේෂයෙන් වරදවා වටහා ගැනීම්වලට ලක්වන අතර රහසින් වැඩකිරිමේ ස්වභාවය ඔවුන් සතුවේ.

කෙසේ වෙතත් වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26, 31, 35 යන වර්ෂයන් අතිශය දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වේ. එම නිසා මේ වයස් සිමාවන් එන වර්ෂයන්හි විවාහය ව්‍යාපාර ආදි සුබ කටයුතු ආරම්භ කිරීමෙන් වැළකි සිටිම නුවණට හුරුය. ආර්ථිකය වශයෙන් දියුණුවක් ලබා ගැනිමට කැපවිය යුතුය.

මේ දිනවල උපන් පුද්ගලයන් හොඳ කායික සෞඛ්‍යයකින් උපදින අතර මනසේ ස්වභාවය මත සෞඛ්‍ය තත්ත්වයන් වෙනස් වීමට පුළුවන. එසේම මොවුන්ට ඇතිවන ස්නායු ආබාධ සහ ජීර්ණ පද්ධතියේ ආබාධ සුව කිරිම දුෂ්කරවේ. මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ.

පෙබරවාරි මාසයේ 5, 14, 23, දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධට අයිති වේ. එසේම මොවුන්ගේ උපත සිදුවුයේ පෙබරවාරි මාසයේ නිසා බුධ ග්‍රහයාට අමතරව ශනි ග්‍රහයාගේ බලපෑමට යටත්වේ.ප්‍රබල මානසික පාලනයක් සහිත

පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබන අතර සෑම දෙයක්ම විවේචනය කරන මානසික රාමුවක් ඇතිවේ. ඉක්මනින් දෙයක් තේරුම් ගැනීමට හැකියාව ඇති අතර ප්‍රබල ධාරණ ශක්තිය නිසා මතක ශක්තිය ප්‍රබලව දකින්න ලැබේ. සියලුම කරුණු විද්‍යාත්මක ස්වරුපයෙන් පිළිගැනිමේ ස්වභාවයක් මොවුන් තුළින් විද්‍යාමාන වේ. අන්

පුද්ගලයන්ගෙන් දිරිගැන්වීම් බලාපොරොත්තු වුවද ඒ බව නොපෙන්වා ස්වාධීනව සිටීමට මොවුහු වගබලා ගනිති.බලාපොරොත්තු ඉටුනොවුණහොත් ඉක්මනින් කලකිරෙන ස්වභාවයක් ඔවුන් තුළින් දැකිය හැකිය.

පෙබරවාරි මාසයේ පෞද්ගලික අංක 5 පුද්ගලයන් මුදල් කටයුතුවලදි අන් අයට උපදෙස් ලබා දීමට පෙලඹෙන නමුත් ඔවුන් ඒ අනුව ක්‍රියාත්මක නොවේ. තමන්ගේ බුද්ධි බලය යොදා මුදල් උපයන නමුත් මුදල් ආරක්ෂා කිරිම ඔවුන් අතින් මඟහැරෙන ස්වභාවයක් දැකිය හැකිය. හොඳ ශාරිරික ශක්තියක් සහජයෙන්ම මොවුන්ට උරුමය. නමුත්

ස්වභාවයෙන්ම වරින් වර ඇති වන අක්මාව ප්ලීහාව වකුගඩු හා මුත්‍රාශයේ ආබාධ තත්ත්වයන්වලින් පීඩා විඳි. මත්පැන් මත් ද්‍රව්‍යවලින් ජීවිතය විනාශ කරගන්නා කණ්ඩායමක් ද මේ පුද්ගලයන් අතර සිටී. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම් 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.

පෙබරවාරි මාසයේ 6 15 24 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර මොවුන් සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.

සිකුරුගේ පැමිණීම සහ ආදර සම්බන්ධතා නිසා මුළු ජීවිත කාලයම දුක්ඛිත ලෙස ගතකරන පුද්ගලයෝ් මේ දිනවල උත්පත්තිය ලබති. බොහෝ විට විවාහයන් සඳහා තෝරා ගනු ලබන්නේ තමන්ට තරාතිරමට නොගැළපෙන පුද්ගලයන් වීම විශේෂත්වයකි. මේ තත්ත්වය පෙබරවාරි 6 15 උපන් අයට විශේෂ වන අතර පෙබරවාරි 24 මීන රාශියෙහි තරමක් දුරට ගමන් කර ඇති හෙයින් දුබලතාවය යම් තරමට මඟහැරේ. මේ අයගේ ද ජීවිතයේ මුල් කාලයේ එනම් වයස අව 35 තෙක් ජනවාරියේ මෙන් දුෂ්කරතා බහුලය.

ජිවිතයේ මුල් කාලය ආර්ථිකමය දුෂ්කරතාවලට මුහුණ දීම් සිදුවුවද ජිවිතයේ දෙවැනි භාගයේ යම් සාර්ථකත්වයක් ගොඩනගාගත හැකිය. මොවුන් කෙතරම් අවස්ථා යෙදුණත් මුදල් ඒකරාශි කර ගැනීම අඩුය. එහෙත් ධනවත් වීමේ සියලු ලකුණු පෙන්නුම් වේ. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර නමුත් කාලගුණික විපර්යාසවලින් සෙම් අසනීප උග්‍රවේ. නියුමොනියාව වැලඳීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය. ස්නායු ආතති තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.