බැබිලෝනියාවේ එල්ලෙන උයනට සහ හෙලිකානේසස් මොසෝලියමට වාස්තු බැලිය හැකිද?

නොවැම්බර් 10, 2023

වාස්තු විද්‍යානුකූලව බැලූ කල ඉංජිනේරු තාක්ෂණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වන බැබිලෝනියාවේ එල්ලෙන උයන හඳුන්වාදිය හැකිය. මෙය සුවිශේෂ වනුයේ සියලුම ආකාරයේ ගස්, පඳුරු සහ ගස් වැල්වලින් සමන්විත වූ ක්‍රමයෙන් ආරෝහණය වන ස්තරමය උද්‍යානවලින් සමන්විත වීමයි.

මේ එල්ලෙන උද්‍යානය කුලුනු මත ස්ථාපිත වූ හරි හතරැස් භූමි භාගයක නිර්මිතව තිබිණි. වාස්තු විද්‍යාත්මකව බලන කල හරි හතරැස් භූමි භාගයක් /ඉඩමක් වේ නම් එය සියලුම සම්පත් ගෙන දෙන්නක්ම වේ. එමෙන්ම මෙම එල්ලන උද්‍යානයේ ඉහළ කොටසේ වැවක් ද නිර්මාණය කර ඇත. මේ වැවෙන් උද්‍යානයේ ඉහළ කොටසේ තිබූ ගස්වැල්වලට ජලය සැපයීමට පිළියම් කොට තිබුණි. මී මැසි, කුරුලු හා සමනල යන සත්ත්ව වර්ග මේ අලංකාර උයනේ නිතර ගැවසුණේය.

පිහිටීම

 

එහි පිහිටීම සම්බන්ධව බලන කල තවත් සුවිශේෂත්වයක් වනුයේ එම අතීත පිහිටීම නිශ්චිතව සනාථ කර නොගත් ලෝකයේ එකම පුදුමය ද මෙය වේ. එසේ වුවද එල්ලෙන උයන පිහිටා ඇත්තේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සිට කිලෝමීටර් 50ක් දකුණින් යුප්‍රටීස් ගංගාවේ නැඟෙනහිර ඉවුර මත බවට විශ්වාසයක් පවතී. මෙම කාලවකවානුව මෙසපොතේමියා, ශිෂ්ටාචාරයේ උච්ච අවස්ථාවට පත්ව තිබූ යුගයකි.

 

ඉතිහාසය

 

තබෝෂ්ලෂාර් රජ පැමිණි සිටි කල්හි ඔහුගේ පුත්‍රයා වූ ධ්ධ් වන නෙබුකඩ් නෙසාර් රජ වූ පසු ස්වභාව සෞන්දර්යයෙන් අනූන සශ්‍රීක කඳුකර ප්‍රදේශයක් වූ මේදියාවෙන් ගෙන්වාගත් මීඩියානු අතිරූමත් බිසව වූ ඇමිටිස් රැජිනගේ සිත් සතන් පිනවීම සඳහා එල්ලෙන උයන කරවූ බව කියනු ලැබේ. ඔහුගේ රාජ්‍ය සමය ක්‍රි. පූ. 605 සහ 562 කාලය යයි විශ්වාස කෙරේ. ඇයට සිය මව්බිමෙහි වූ කොළ පැහැ කඳුවැටි සහ නිම්න එයට හේතු වෙයි.

මේ බැබිලෝනියාවේ “එල්ලෙන උයන” නමින් විරුදාවලිය ලත් ඓතිහාසික ස්ථානය, වාස්තු විද්‍යාත්මක පැතිකඩ සොයා බැලීමට අවකාශ ලැබුණේ මෑතකදී පැරණි බැබිලියන් නගරය පුරාවිද්‍යාත්මක කැණීමකදී රජමාලිගයක අත්තිවාරමක් මතුවීමත් සමඟය. රජ මාලිගය අසලම ආරුක්කු සහිත විශාල ගොඩනැඟිල්ලකි. එමෙන්ම ඉදිකිරීම් කිරීමේදී අවශ්‍ය ජලය බෙදා හැරීමට ඉදිකළ විශාල ළිඳක් ද සොයා ගන්නා ලදී.

 

පුරාවිද්‍යා මතය

 

ආරුක්කු සහිත ගොඩනැඟිල්ල “එල්ලෙන උයන” වශයෙන් ප්‍රති නිර්මාණය කිරීමට පුරාවිද්‍යාඥයෝ තීරණය කර ඇත්තේ මෙම පිහිටීම නිසා විය හැක. මාලිගා භූමිය ප්‍රතිනිර්මාණය කළ පුරා විද්‍යාඥයෝ යුප්‍රටීස් ගංගාවේ සිට රජ මාලිගය දක්වා විහිදෙන බිම් තීරය “එල්ලෙන උයන” පිහිටි භූමිය වශයෙන් තීරණය කළහ. ගංගා ඉවුරෙන් මතු කර ගන්නා ලද මීටර් 25 ඝන විශාල බිත්ති එකකට ඉහළින් අනික සිටින සේ උයන් මළු සෑදීමට යොදා ගන්නට ඇතැයි අනුමාන කෙරෙයි.

 

නිර්මාණය

 

උයන හතරැස්ය. එය නිර්මාණය කර ඇත්තේ කඳු බෑවුමක කපන ලද පඩිපෙළක් මෙන් එක තට්ටුවකට ඉහළින් තවත් එකක් සිටින සේ උයන් පද්ධතියක විලාසයෙනි. එක් එක් උයන් තට්ටුව කොටු වැටුණු ඝනකයකට සමාන අත්තිවාරමක් මඟින් දරාගෙන සිටීම ආහ්ලාදජනකය. එමෙන්ම එක් එක් උයන් තට්ටුවක බොකු ගැසුණු වහලකින් ද සමන්විතය. එය ආරුක්කුවක සේයා ගනී.

ගස්වැල් වවා ඇත්තේ පොළෝ මට්ටමට ඉහළිනි. ගස්වල මුල් පොළවට ඇදෙනු වෙනුවට එක් එක් උයන් තට්ටුවකට ඈදී ඇත. ඉහළ තැනක සිට ක්‍රමයෙන් බෑවුම්වන ඇළ මාර්ග ඔස්සේ උයනට ජලය සැපයෙයි. මේ නිසා නිරතුරුවම උයන් බිමේ තෙතමනය පවතී. උයනේ තෘණ පඳුරු සදාහරිතය. නරඹන්නෙකුගේ හිසට උඩින් පෙනෙන ගස්වැල් නිසා ඈත සිට බලන කෙනකුට පෙනෙන්නේ ගුවනේ එල්ලෙන උයනක් ලෙසය.

 

වාස්තු විද්‍යාත්මක ගුණාංග

 

වාස්තු විද්‍යානුකූලව උයනක් නිර්මාණයේදී අලංකාරය චිත්තාකර්ෂණීය ස්වරූපය ඉතා වැදගත් තැනක් ගනී. බැබිලෝනියාවේ එල්ලෙන උද්‍යානය ද එකල අලංකාරව චිත්තාකර්ෂණීයව තිබී ඇත.

“උයන” යන්න ඇසෙන විට අපේ සිත්සතන්වල ජනිත වන්නේ, මැවෙන්නේ පලබර රුක් පෙලින්, මී මැසි ගුම්නද විහිදෙන මල් ගොමුවලින්, ලිය මඩුලුවලින්, දියඇලි ජල පොකුණුවලින් විසිතුරු වුණු රමණීය භූමි භාගයකි. ඉදින් ගුවනෙහි එල්ලී ඇති එවැනි උයනක් වෙතොත් එය සැබවින්ම විස්මයකි. ක්‍රිස්තු පූර්ව හත්වැනි සියවසේ බැබිලෝනියානු රාජධානියෙහි විසූ අතිදක්ෂ ශිල්පීන්ට එවැනි විස්මිත දෑ නිර්මාණය කළ හැකි වූ බවට ඉතිහාසයේ අපට ශේෂ කර ඇති එක්තරා සාක්ෂියකි එල්ලෙන උයන.

 

විවිධ මත

 

මුලින්ම බැබිලෝනියාවේ එල්ලෙන උයන දැක මවිතයට පත්වී ඒ ගැන විස්තර ලියා තැබුවෝ ගී‍්‍රක ඉතිහාසඥයෝය. “බෙෙර්යුස්” සහ “ඩියෝඩෝරූස්” ඔවුන් අතර මුල්තැන ගත්හ. පුදුමය නම් බැබිලෝනියන්වරුන්ට අයත් වාර්තාවල මේ “එල්ලෙන උයන” ගැන කිසිදු සටහනක් නොතිබීමය. එහෙත් එල්ලෙන උයන ඉදිකරවූයේ යයි සලකන ධ්ධ් වන තෙබ්‍රකඩ් නේසර් නම් රජුගේ මැටිපුවරුවල රජුගේ අලංකාර මාලිගය, බැබිලන් නගරය සහ පවුරු පදනම් ගැන විස්තර වර්ණනා ඇතත් එල්ලෙන උයන ගැන සඳහනක් නැත. “මිනිස් වර්ගයාගේ ආශ්චර්ය” ලෙස ප්‍රකට දැවැන්ත මාලිගාවක් තැනූ බව නම් මැටිපුවරුවල සඳහන් වේ.

බැබිලෝනියාවෙන් එල්ලෙන උද්‍යාන පිළිබඳ කිසිදු භෞතික සාක්ෂියක් හමු වී නොමැත. එබැවින් මෙය හුදු මිත්‍යාවක් යයි යෝජනා වී ඇත.

එහෙත් ස්ට්‍රාබෝ, ඩියඩොරස්, සිකියුලස් සහ ක්වින්ටස් කටරියස් රූෆස් වැනි පුරාතන ගී‍්‍රක සහ රෝම කතුවරුන්ගේ වාර්තාවල පරිදි නම් පෙරදිග උද්‍යානයකට “පේ‍්‍රමාන්විත පරමාදර්ශයක්” පිළිබඳ නිරූපණය කරන්නේ මැයි විශ්වාස කෙරේ.

මෙහි වාස්තු විද්‍යානුකූල සංක්ෂිප්තය ගෙන බලන කල පෙනී යනුයේ සෑම සම්පතක්ම උදාකර ගත හැකි විශිෂ්ට නිර්මාණයක් වූ හතරැස් උයනක් කඳු බෑවුමක කපන ලද පඩිපෙළක් ලෙස එක් එක් තට්ටුවකට එකක් ඉහළින් සිටින සේ, සැකසු උයන් පද්ධතියක් මහා දැවැන්ත කුලුනු මතින් ඔසවා තබා ගැනීමත් උයනට ඉහළම තට්ටුවේ වැවක් නිර්මාණය කොට එය උයනට ජල සම්පාදන විශිෂ්ට ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමත් එක් එක් උද්‍යාන තලයක් භූමිතලයන් ලෙස සලකා එහි හරිත ජීවය – අන්තරීක්ෂ ශක්තිය

(Cosmic power)  - සම භූමිතලයකටම ලබා ගැනීමට හැකි අයුරින් දියුණු ඉංජිනේරු ශිල්ප ක්‍රම එකල භාවිතා වී ඇති බව පෙනෙයි.

උයනේ සැකැස්ම සහ දිසානතියට මුල්තැනක් හිමි කරදී ඇති බව පෙනෙයි. වාස්තු විද්‍යානුකූලව එම විශාල කුලුණු මත උයන නිර්මාණය කිරීම තුළින් අති දැවැන්ත පෞරුෂත්වයක් සංකේතවත් කිරීම සහ ශුඨ විස්මිත බව පෙන්නුම් කරයි. උද්‍යාන අලංකාරය සහ ආකර්ෂණීය වාස්තු ශිල්ප ඥානය උද්‍යාන ගොඩනැඟිලි ඉදිකිරීමේදී භාවිතා කිරීමත් කැපී පෙනෙන ලක්ෂණයන්ම ය. මෙම සුවිශේෂ වූ සංකලනය නිසා වාස්තු විද්‍යානුකූලව මිහිකත අලංකාර කළ අපූර්ව නිර්මාණයක් බවට බැබිලෝනියාවේ “එල්ලෙන උයන” පත්වී ඇත. එය සැබවින්ම අතීත මිනිසාගේ මානව ක්‍රියාකාරකම්වල පුදුමයක් ලෙස සලකනුයේ එබැවිනි.

 

ඉතිහාසය

 

ගී‍්‍රක සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ මුදුන්මල්කඩක් සේ එකල සලකනු ලැබූ තුර්කියේ හෙලිකානේසස්හි මොසෝලියම හෙවත් (Halikarnas mausoleum)  යනුවෙන් හඳුන්වනුයේ එකල අකිමේනීය අධිරාජ්‍යයේ ප්‍රාදේශීය රජකු නැතහොත් සත්‍රප් යන නමින් හඳුන්වනු ලැබූ ප්‍රදේශ පාලන රජකු වූ මෝසෝලස්ගේ මෙහෙසිය සහ ඔහුගේ සහෝදරියක වන ඇටම්සියා වෙනුවෙන් සැකසූ අති දැවැන්ත සොහොන් ගැබයි.

ක්‍රිස්තු පූර්ව 377 සිට ක්‍රිස්තු පූර්ව 353 අතර කාලයේදී තුර්කියේ හෙලිකානෙස් හි මේ අලංකෘත මෙසෝලියම නිර්මාණය කර තිබිණි. මේ සමාධි ගොඩනැඟිල්ල සැබවින්ම ආහ්ලාද ජනත පුදුමය එලවන්නක් විය.

මේ මෘත දේහාගාර මන්දිර ස්මාරකය ඉදිකරන ලද්දේ බටහිර තුර්කියේ ඊජියන් මුහුද සමීපයේ පිහිටි කාරියා රාජධානියේ ය. එහි බොඩ්මේ නගරයේ ක්‍රි.පූ. 377 සිට 353 දක්වා කාලයේ මෙම අපූර්ව නිර්මාණය බිහි විය. එකල මෙසපොතේමියාව, උතුරු ඉන්දියාව, සිරියාව, මිසරය සහ තුර්කියද ඇතුළත් වන පරිදි පර්සියානුවෝ ඔවුන්ගේ රාජධානි පුළුල් කර ගැනීමේදී මේ විශාල රාජ්‍ය තනිව පාලනය කළනොහැකි විය. එබැවින් මේ සියලු ප්‍රාදේශීය රාජ්‍යයන් ද නියෝජනය වන පරිදි ප්‍රාදේශීය රජවරු පත් කළේ ය. ඉන් එක් අයකු වූයේ මොසෝලස් ප්‍රාදේශීය රජුය.

 

වාස්තු නිර්මාණය

 

සිනිඳු කිරිගරුඬ ගලින් නිමවන ලද පෙර නුවූ විරූ යෝධ ස්මාරකය තුළ සොහොන් ගැබ පිහිටා ඇත. මේ මහා ස්මාරකය ජීවමාන ප්‍රමාණයේ මිනිස් රූපවලින් ද, සත්ව රූපවලින්ද සරසා අලංකාර කර ඇත. මේ වකවානුව වනවිට කිසිම රජකු තමන් මියයාමෙන් පසු මෙතරම් විසිතුරු සොහොන් ගැබත් තුළ තැන්පත් වී නොතිබිණි.

වාස්තු විද්‍යාත්මක පැතිකඩින් බලන කල ආසන චතුරස්‍රාකාර මෝසෝලියමේ පාදම මීටර් 40ක් (අඩි 120) දිගය. පළල මීටර් 30කි. (අඩි 100) අත්තිවාරම මත පියගැට පෙළක් සහිත උස්වේදිකාවෙති. වේදිකාව හතර පැත්තම රූප නෙලා අලංකාර කර ඇත. දේහයන් තැන්පත් කර තබන කුටියත්, රාජකීය දේහය තැන්පත් කරන මංජුසාවත් මේ වේදාකාව මත තිබිණි. එම මංජුසාවේ අපූර්වත්වය නම් රන්කම් කළ සුසිනිඳු කිරිගරුඬ ගලින් නිමවා තිබීමයි. එය වටේට ළා පැහැ ගන්වන ලද ටැම් පෙළකි. වහල පිටමිඩ හැඩය ගනී. වහල දරා සිටියේ ටැම් පෙළ මඟිනි. එම ටැම් කනුවල මනහර රූප කැටයම් කර තිබිණි.

අශ්වයින් හතර දෙනකු බැඳි රථයක් නෙලූ රූපයකින් මෝසෝලියමේ මුදුන අලංකාර විය. මොසෝලියමේ උස මීටර් 12 (අඩි 38) ටැම්කනු පේළියට පිහිටා ඇත. පිරමීඩය මීටර් 7 ක් (අඩි 22) ද මුදුනේ රථ රූපය මීටර් 6 ක් (අඩි 20) උසය.

මෝසෝලියමට අලංකාරය ලැබුණේ එහි ව්‍යුහයේ අපූර්වත්වය නිසාම නොව වේදිකාවේ සහ වහලේ එක, එක මට්ටමක ඇතුළත්, පිටතත් තිබූ විසිතුරු කැටයම් සහ සත්ව හා මිනිස් රූප සිත් ගන්නා සුලුව නිර්මාණය කර ඇත. එම නෙළූ පිළිම 10ක් ජීවමාන ප්‍රමාණයේ ඒවා වූ අතර ඊට වඩා විශාල වූ සහ කුඩා වූ ද රූප පිළිමද තිබිණි. මෙම රූප අතර මිනිස් රූප මෙන්ම, සිංහ රූප, අශ්ව රූප සහ වෙනත් සතුන්ගේ රූප ද විය.

එකල ප්‍රවීණ ගී‍්‍රක මූර්ති ශිල්පීන් වන, බයිරැක්සිස්, ලියෝවාරෙස්, ස්ඤපස් සහ තිමෝනියස් යන ශිල්පීන්ට එක් එක් ශිල්පීන්ට එක් පැත්ත බැගින් භාර කරන ලදී. මෙහි විශේෂයක් වූයේ එහි දේව රූප කිසිවක් නොතිබීමය. මෝසලෝස් රජු සිය සොහොන් ගැබ මහා ස්මාරකයන් වශයෙන් තැන වීය. පසුකාලීන රජවරු මහා ස්මාරක නොවුවත් ඔහු අනුගමනය කරමින් මෘත දේහගාර හෙවත් මෝසෝලියම් ස්මාරක ඉදිකිරීමට පෙළඹුණූු බව විද්වතුන්ගේ මතයයි. මොසෝලියම් නැමැති අලුත් වචනයක් ද ලෝක භාෂාවන්ට එක්විය.

මෙම ස්මාරකයේ ආකර්ෂණීය රූප පිළිම නෙලීම් කලාවද ගී‍්‍රක සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශ්ලිපය සහ වාස්තු විද්‍යාත්මක නැඹුරුවද එකල පැවැති බවට මෙම ගොඩනැඟිලි සංකීර්ණය කදිම නිදසුනකි. මිසරයේ පාරාවෝ රජවරුන්ද මරණයෙන් පසු සිය මෘත දේහය පිරමීඩ තුළ තැන්පත් කෙරුණි. කෙසේ වෙතත් මෝසෝලස් රජු ජීවමානව සිටියදී මෙම දැවැන්ත ස්මාරකය ඉදිකිරීම ආරම්භ කලද එහි වැඩ නිමවුයේ මෙම ප්‍රාදේශීය රජු මිය ගොස් වසර 3කට පසුවය. එනම් ක්‍රි.පූ. 350 දී පමණය. ඒ වන විටත් ඔහුගේ සොයුරිය ද මියගොස් වසරක් ගතවී තිබිණි. මෙම සුසානාගාර ස්මාරකයට ශත වර්ෂ 16 ක පමණ කලක් නිරුපද්‍රිතව තිබුණි. ඉන්පසු මහා පැම්කච්ඡාවක් හේතුකොටගෙන ස්මාරකයේ වහලටත් වහල දරා සිටි විශාල කුළුණු පෙළටත් හානි සිදුවිය.

එමෙන්ම 15වන සියවසේ මුල් භාගයේදී පමණ මොල්ටාවේ සාන්ත ජොන්හි නයිට්වරු මෙම කාරිය රාජධානිය ආක්‍රමණය කළහ. ඔවුන් කලේ මෙම ස්මාරකය පිහිටි ‘බොඩිමේ’ නුවර විශාල ප්‍රහාරක බල කොටුවක් තැනීය. මේ බලකොටුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා මේ ස්මාරකයේ ඉදිකර තිබූ ගල් 1494 දී යොදාගන්නට විය. 1522 වනවිට ස්මාරක ගොඩනැඟිල්ලේ තිබූ සෑම ගලක්ම ගලවාගෙන බලකොටුව තැනීය. ඔවුන් තැනූ බලකොටුව බොඩිමේ නගරයේ තවමත් විද්‍යාමාන වේ. මේ ඉදිකළ බලකොටුව දෙස බැලූවිට පෙනී යන්නේ සුසානගාර ස්මාරකය ගොඩනැඟීමට යොදාගත් ඔප දැමූ ගල් පුවරුත් කිරිගරුඬ පුවරුත් බලකොටුව සෑදීමට යොදාගෙන ඇති ආකාරයයි.

නෙලූ රූප සමහරක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අදත් ප්‍රදර්ශනයට තබා ඇත. දැනට ශේෂව ඇත්තේ ආශ්චර්ය ජනක මෝසෝලියමේ අත්තිවාරම පමණි. එම පාදම ඉතා සවිමත්ව සකසා ඇත. එය වාස්තු විද්‍යානුකූලව කල්පැවැත්ම උදෙසාම සකස් කර ඇත. මේ මිනිස් ක්‍රියාකාරකම් නොවන්නට හෙළිකානේ සස්හි මොසෝලියම මිහිතලය සුන්දරවත් කල අපූර්ව නිර්මාණය අනාගත ලොවට දායාද කරන්නට තිබුණි.

සමාධියේ චිත්තාකර්ෂණීය භාවය, ශක්ති සම්පන්න ප්‍රතාපවත් බව, පෞරුෂත්වය, වාස්තු විද්‍යාත්මක පාදම සවිමත්ව නිර්මාණය කිරීම, ගී‍්‍රක සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ උච්චතම අවධියේ නිර්මාණවල රඟ සොබාව, ආහ්ලාදජනක විශාල කුළුණු සහ එය චමත්කාර කල කැටයම් රටා වාස්තු විද්‍යානුකූල අති සුන්දර පරිසරයක් අතීතයේ නිර්මාණය කර තිබූ බවට මේ නටබුන් මොනවට කියාපායි. එය සැබවින්ම වාස්තු විද්‍යානුකූල සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය සමාධි ස්මාරකයකි. ලොව පුදුම අතරට එය එක් වී ඇත්තේ මේ වාස්තු විද්‍යාත්මක ගුණාංගවලින් පිරිපුන් අපූර්ව නිර්මාණයක් වූ නිසාවෙනි.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.